(විනීතා එම් ගමගේ ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.
එම කර්මාන්ත සඳහා කළුතර මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 20000ක් සංවර්ධනය කරමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
සේනසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන 2016 උත්සවයේ දීය.
“අපි අක්කර 20000ක් පමණ දියුණු කිරීම තුළින් අපනයන දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය ඇඟඵම් මෙන්ම තාක්ෂණික භාන්ඩ නිෂ්පාදන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
කළුතර මිල්ලනිය ප්‍රදේශයේ මේ වෙනකොට හඳුනාගත් අක්කර දහසකින් පමණ අක්කර 400 ක් දියුණු කරමින් පවතිනවා. සාමාන්‍ය කි‍්‍රියා කළාපය තුළ අවුරුදු ගණනාවක් යන මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
එන අවුරුද්දේ දෙසැම්බර් වනවිට මේ වෙළෙඳ කලාපයේ වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජපානයේ කර්මාන්ත සියයක් පමණ මේ වෙළෙඳ කලාපය තුළ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල ප්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා මේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.
මෙහි විශේෂත්වය අපි ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුමෙන් වාහන අලෙවි කිරීමේ අවස්ථාව දෙනවා. ඒ වගේම අනිකුත් අපි අස්සන් කරන ගිවිසුම් වලින් චීනය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල්වලින් අපට බිලියන හතරහමාරක විතර වෙළෙඳපොලක් ලැබෙනවා. ඒ වගේම ජී එස් පී සහන ලබාගෙන තිබෙනවා. ’’ යැයි ද සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ලංවෙද්දි කියන කතා..
මෙන්න ඊළඟ ජන්දෙට කස කාරයෝ එකා දෙන්නා පෙරහැරේ එනවා. ඉස්සරහට තව තව ඒවා හදනවා කියයි, නොමිලේ දෙනවා කියයි, මුල්ගල් තියයි, වාර්තා පෙන්නයි. ගොනාට අදිනවා දැන දැනම මේ රටේ මිනිස්සුන්ව මෙහෙම අන්දන එක ඇත්තටම පව් වැඩක් නේද.
වෙන කතන්දර නැද්ද
වොක්ස්වැග්න් ආවා වගේද ?
කටින් බතල හිටවනවා.
හා හා හා තවත් විහිලු කතාවක්ද
අනේ මන්දා? මීට ඉස්සරත් වාහන කර්මාන්ත පටන් ගත්තා.
ආයෝජකයෝ පැමිණීම ආරම්භ වීම සතුටට කාරණයක්. අමතක කරන්න එපා මහින්ද හම්බතොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල හැදුවේ මේ වගේ ආයෝජකයෝ ඉලක්ක කරගෙන කියල. එකෙන් අපිට වාසි දෙකක් ගන්න තිබුන. 1) ලංකාවේ විරැකියාව අඩු කිරීම 2). භාණ්ඩ ප්‍රති අපනයනය මගින් වරාය සහ ගුවන්තොටුපොළ ලබන ඉහල ආදායම. අද ඩුබායි රට දියුණු උනේ මේ ක්‍රමවේදය අනුගමනය කල නිසා. දැන් ඉතින් වරාය විකුණා හමාරයි. එකේ ආදායම දැන් චීනෙට. හම්බතොට වරාය විකිණීම රත්තරන් බිත්තර වැඩියෙන් ලබාගෙන ඉක්මනින් පෝසත් වෙන්න කිකිළිව මාරුව වගේ වැඩක්.
දන්නා කාලේ ඉඳන් කියවනවා විතරයි. වැඩ නැ. පුලුවන්නම් කරලම කියන්න ඕවා.
පච තමයි ඉතින් ඉතින්
හුරේ දැන් ඔන්න අපිට ටොයෝටා හොන්ඩා අඩු මිලට ගන්ඩ පුළුවන්. යාන්තං ඇති ඒ ප්‍රශ්නෙත් විසඳුනා. එතකොට අර වොක්ස් වැගන් එක වහනවද? ඒකෙන් අඩු මිලට කාර් ගත්ත අයට අපරාදේ කියල හිතෙයි නේද?
සාකච්චා නම් එමටයි. බලමුකෝ තව ටික එහෙනම්?
එතකොට අර වොක්ස්වගොන් එක? දැන් වැඩ ඉවරද මහත්තයෝ? මම දන්නේ නැති නිසයි අහන්නේ.
වොක්ස්වැගන් ඇවිත් කාර් හදල ඉවර නිසා හොන්ඩා ටොයෝටා එනවා ඇති.
වාහන හදන රටක් වෙන්නේ මූලික කරුණු තුනක් සම්පූර්ණ කලයුතුයි . 1. දේශීය වෙළදපොල විශාල වියයුතුයි (Scale of economy ) 2. තරගකාරී ශ්‍රමය, බලශක්තිය සහ ඉඩ, 3.අමතර කොටස් නිෂ්පාදන හැකියාව. අපි මුළු කලාපයටම වැඩිය පස්සෙන් ඉන්නේ මේ කරුණු තුන ගැනම (ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය, මැලේසියාව, චීනය එක්ක) අපේ දේශපාලකයෝ මූලික දැනීමවත් නැතුව මේවගේ ප්‍රකාශ කරන එක හරිම කණගාටුදායක දෙයක්. මේ කරුණු නිසාම ඔස්ට්ට්රේලියාවත් වාහන කර්මාන්තශාලා ඔක්කොම වහල අවුරුදු ගානක්. බදු සහන වලින් විතරක් පවතින ව්‍යාපාර ගොඩනගන්න බැරිබව ටොයෝට නෙමෙයි ඕනෙම පොඩි ව්‍යාපාරිකයෙක් දන්නවා. මේක හරි මෝඩ වැඩක් අපි කරන්නේ, හරියට බයිසිකලයක්වත් හදාගන්න බැරුව අපි කාර් හදන්න කතා කරන එක. ඇත්තටම ලංකාවේ දැන් ඇල්පෙනෙත්තක්වත් හදනවද කියල මට සැකයි.
මේ කාන්ඩේ ගේ තාත්තා කෙනෙක් නේ අර ඉරිසියාව, ආසියාවේ පළමු වරට ජපන් හා යුරෝපා කාර් ලංකාවේ හදපු රටක් වටිනා උපාලි මහත්තයාව උඩු ගුවනේ පුපුරවා හරියේ.
සිංහලයා මෝඩයා රැවටෙනවා බොළඳ බසට බෙහෙත් නැතො මෝඩ යට හැමදාමත් සිංහලයා මෝඩයා දේශපාලනය හැමදාමත් මනුෂ්‍යයාව රවට්ටනවා පොරොන්දු දහසක් දෙනවා උන්ව යම රජ්ජුරුවෝ අරන් යනවා.
මේ මිනිස්සුන් දැන් විනෝද සමය රගදක්වන්න පටන් අරන්.
අනේ මේ බයිලා නම් ගහන්න එපා , ඔයාලගේ වොස්වොගන් කොම්පැණි එක දැන් හෝගාලා වැඩ , ඒ වැඩපළවල් නිසා , කටුගම්පල පාරයි , නාරම්මල පාරයි දෙන් මාර වාහන තදබදයක් තියෙන්නේ. ජනතාවට පචනම් ගහන්න එපා කෙරුවාව අපිටත් දැන් තේරිලා තියෙන්නේ.
කතාව ඇත්ත උනත් බොරු උනත් මං කියන්නේ පෙට්රෝල් ඩීසල් නැතුව විදුලි වාහන විතරක් හදන්න කියලයි
මෙහි ඇති පින්තුර රාමු වල එකම එක ජපන් ජාතිකයෙක් වත් නැහැනේ.
වොක්ස්වැගන් එනවා කියල කුරුණෑගල අක්කර ගණනක පොල්වත්තක් කපල දැම්ම. දැන් මිල්ලනිය පැත්තේ අක්කර දෙසීයක ගස් ටික ඉවරයි වගා කරන්න පුළුවන් ප්‍රදේශ වගාකරන්න තියල හම්බන්තොට වැනි කලාප වල මේවා පටන්ගන්න . මේවා අපිට පෙන්නලා ගස්ටික විකුණලා දාන එක විතරයි වෙන්නේ. මේවගේ හොරණ පැත්තේ සරුසාර රබර් අක්කර සිය ගණනක් පර්ත් පැරඩයිස් නමින් කපල දැම්ම දැන් එතන ගසුත් නැහැ පටන් ගත්ත දෙයකුත් නැහැ
අම්මප ලැජ්ජාවක් නැද්ද.?
සුජීව ඔබ දන්නවාද ලංකාවේ කාර් නෙමෙයි එක ලොක්කෙක් ඊයෙ රුස්වීමක කියනවා රෝබෝලත් හදනවලු. දැං ඡන්දෙ ලගයි මේ අයට අමු කැවිලා තියෙන්නේ. මේ ඔක්කොම කොහාටහරි පටවන්න බැරිද දන්නෙ නෑ.
මේක ඇත්තට වෙයිද නොවෙයිද කියන එක වෙනම ගැටළුවක්. මට තියන ප්රශ්නය ඇයි මේවා බස්නාහිර පළාත ආශ්‍රිතවම ගොඩනගන්නේ. දැනටමත් එහි අධික ජන ඝනත්වයක් මදිවට මේ භාණ්ඩ ඉක්මනට වරායට ප්රවාහණය කරන්න මාර්ග පහසුකම් තියනවද? අනික බස්නාහිර පළාතේ තිබෙන්නේ ඉතාමත් සාර ඉඩම් කෘෂිකර්මාන්තයට යෝග්‍ය... වැස්සෙන් අඩුවකුත් නෑ... නරකද ඔය ව්‍යාපෘති ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගනිමින් ඒ දෙසට ගෙනිච්චොත්... උතුරු පළාත ආශ්‍රිතව.
වෝක්ස් වැගන් කොම්පැණිය නැද්ද දන්නේ නැහැ.?
හැමෝම එකම කතාමයි කියන්නේ ඡන්දේ කිට්ටු හින්ද අපි රැවටෙයි ඕවට.
මෙතුමාම නේද අර වොක්ස්වැගන් ගැන ජන්ද කාලේදී කිව්වේ?
දිලුම් මයවෙත, අපට අලුතෙන් හදන්න රොබෝලා අවශ්‍ය නැත .දැනටමත් කකුල් හතරේ රොබෝලා 225 ට ආසන්න ප්‍රමාණයක් දියවන්නඔයේ පීන පීන ඉන්නේ රට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ ....
වොක්ස්වෝගන්, ටොයෝටා, හොන්ඩා, මේවා හදන්න ඉස්සර, ලංකාවේ පොඩිකොල්ලෝ හදන වාහන ගැන බලන්න. මීරිගම පැත්තේ ඉස්කෝලේ යන ළමයෙක් හදපු වාහනේ ගැන බලන්න. ඒ වගේ අයව දිරිමත් කරන්න නිකම් වාද බයිලා නොකියා...
ජාතික කොඩියත් පිට රටින් ගේන අපට මොන කාර් කොම්පැනිද මහත්තයෝ....
ලෝකයේ දියුණු රටවල් දැන් රියදුරන් නැති කාර් වලට යන එකේ අපි මොකටද මේ එන්න හදන්නේ?
අනේ කාර් කන්නද කියන්නේ උන්නැහේ?
වොල්ක්ස්වාගොන් -> වෙස්ව්ටෙර්න් ඖටෝමොබිලේ වාගේ ටොයෝට -> ටාටා වෙහිද ?
ම දන්නා පරිදි මොටෝ රථ කර්මාන්තය යනුවෙන් ලංකාවේ කරන්න යන්නේ කොටස් CKD (Complete Knock Down )ගෙන්වා එකලස් කිරීම සහ පින්තාරු කිරීම. ලංකාවේ මිනිස් ශ්‍රමය එතරම් ලාභ නැහැ . බොහෝ රටවල් කොරියන් සහ චීන කාර් ඉතා ලාභයට දෙනවා. දියුණු රටවල කාර් හදන එක කරන්නේ රොබෝ මගින්. BMW පවා චීනේ හදනවා සමහර මොඩෙල්. ලංකාවේ කාර් මිල වැඩි බදු නිසා. මෙම කරුණු නිසා ලංකාවට බදු සහන බලාගෙන ආයෝජකයෝ එනව කියල හිතන්න අමාරු . කන බොන දෙයක් වවලා සංචාරකයෝ ටිකක් ගෙන්නවල සහ අන්තර්ජාතික විශ්ව විද්‍යාල පටන් ගත්තොත් ගොඩ.