අදාළ ගැටලූ වලට විසඳුම් ලැබුණු පසුව සයිටම් සිසුන් එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව මගින් බඳවා ගැනීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයදුම්පත් ලියාපදිංචි කිරීම් ප්‍රධානී රිචඩ් ඒමිසන් මහතා තහවුරු කර ඇතැයි මාලබේ සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය පවසයි.
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මාලබේ සයිටම් ආයතනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සයිටම් ආයතනයේ කළමනාකාරිත්වය පවසනුයේ මෙම ගැටලූවට අදාළ නෛතික හෝ වෙනත් කරුණු තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත් ශ්‍රී ලංකා රජය හෝ වෙනත් නීතිමය ආයතනයක් මගින් ලබාදෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බව එරට වෛද්‍ය සභාව සයිටම් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි.
තම උපාධිධාරීන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන බවත් එය වැළැක්වීමට මැදිහත් වී ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බවත් සයිටම් නියෝජ්‍ය සභාපති හිමාලි ජයතිලක මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන්වේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව දන්වා එවූ ලිපිය පිළිබඳ ලංකාදීපය කළ විමසුමකදී සයිටම් ආයතනය කියා සිටියේ එම ලිපියේ පිටපතක් ලැබෙන්නට සලස්වන බවයි. නමුත් එය මෙතෙක් ලැබී නැති අතර එය ලැබුණු වහාම මෙහි පළ කෙරෙනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි සල්ලි ඉල්ලන් එයි කියලා බයට කියන කතා තමයි ඔය කියන්නේ. සයිටම් දරුවනේ මේ වංචනික ආයතනයට රැවටෙන්නේ නැතුව අදම ගිහින් ඔයගොල්ලන්ගේ සල්ලි ටික ඉල්ලා ගන්න.
එස්.එල්.එම්.සී. ගැන ලැජ්ජයි... මේකද දේශප්‍රේමය කියලා කියන්නේ?
මොලේ නැති ඉරිසියා කාරයෝ... එංගලන්තේ හා කිව්වොත් ඔයාලා පිළිගන්නවද...?
සමහර රටවල වෛද්‍ය සභාව සහ ලෝක වෛද්‍ය ආයතනය නිශ්ප්‍රභා කරද, ඒ තීරණ වලට විරුද්ධව එංගලන්ත වෛද්‍ය සභාව විසින් ස්වාධීන පරීක්ෂණයකට පසුව නැවත පිළිගැනීම ලබා දුන් වෛද්‍ය ආයතන බොහොමයක් ඇත. නමුත් සයිටම් ආයතනය මෙම ස්වාධීන පරීක්ෂණයට පසුව, එම පරීක්ෂණයෙන් අසමත් වී ඇත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ මෙයට අදාළ නොවේ.
කිතුලට නැග්ග මිනිහා කියනවා වගේ කතා කියන සයිටම් ලොක්කන් කියන කතා විශ්වාස කරන්නන්ටත් ඇත්තේ එසේ මෙසේ බුද්ධියක් නෙමේ.
දැන්වත් ඔය අසරණ සයිටම් දරුවෝ ටික රවට්ටන්න එපා.
නරියෙක් මිදි තිත්තයි කිව්ව කතාවක් මතක් වෙනවා. දැන්වත් ඔය අසරණ සයිටම් දරුවෝ ටික රවට්ටන්න එපා...
ලංකාවේ වෛද්‍ය සභාව අපේ උගත් දේශපාලකයෝ ගණන් ගන්නේ නැහැ කිව්වට ලෝකෙම අහන්නේ ලංකාවේ වෛද්‍ය සභාව කියන එකනේ... මේක හරිම කුහක ලෝකයක්නේ...
කරුණු පැහැදිලි කරනවා නම් ඒ එක්කම එංගලන්තෙන් එව්ව ලිපියත් දාන්න ඕනේ. එච්චර එකක්වත් දන්නේ නැත්නම් සයිටම් එකේ මට්ටම එ්කෙනුත් පෙනෙනවා.
සිංහලෙන්ද එංගලන්තෙට මෙම නෝනා ලියුම යවලා තියෙන්නේ... සූදානම් වෙන්න දැන් මෙම ලියුම එ්කේ පරිවර්තනයක් කියලා නැවත කියන්න. හොර කඩේ වහන්න... දෙමව්පියනේ සල්ලි ඉල්ලගන්න.
දැන් මේ වැඩේ හරි යන අතකට යන්නේ නැහැ .. කරුණාකරලා සයිටම් ළමයින්ට සාධාරණ විසඳුමක් දෙන්න. ඒ ළමයින්ට අධ්‍යාපන රජයේ විශ්වවිද්‍යාල මගින් හෝ ලබා දෙන්න හෝ නිසි ප්‍රමිතියකින් යුතු ආයතනයක් අාරම්ඹ කරන්න ...සයිටම් කියන්නේ හොර ගුහාවක්.... එක රජයට පවරගන්න හරි වෙන කරගෙන යන්න පුළුවන් ආයතනයකට පවරන්න ...මේවගේ දේවල් වලින් ලංකාව බාල්දු වෙනවා.
දෙමවුපියනේ, දැන්වත් තේරෙනවද මේ කට්ටියම එකතුවෙලා ඔබලාව රවටලා තියෙන හැටි. තවත් පරක්කු නොවී වහාම ගොස් සයිටම් හොරකඩය වටලලා ළමයින්ට බොරු උගන්වන්න අයකරපු ලක්ෂ ගණන් මුදල් වහාම දෙනලෙස ඉල්ලා සිටින්න. ඔබ පරක්කු වුනොත් ඒ අය රටෙන් පනිනවා.
සයිටම් ළමයින්ට ඉගෙන ගන්න නොදී කරන්න පුළුවන් හැම බාධාවක්ම කරලා, ඊර්ෂ්‍යාවෙන් මඩ ගහලා, බොරු කියලා රටේ ජනතාව නොමග යවලා, තමනුත් නොමග ගිහින් අන්තිමේදී ජී.එම්.ඕ.ඒ එකේ අතකොළුවක් වන එස්.එල්.එම්.සී. එක මගින් විදේශ වෛද්‍ය සභාවලුත් නොමග යවලා, මේ ගොල්ලෝ කියන්නේ සයිටම් එක වහපල්ලා කියල. හරිනම් මේ ගොල්ලෝ කිව යුත්තේ සයිටම් එක ඇතුළු සියලු විශ්ව විද්‍යාල වලට එකම අවසන් පරීක්ෂණයක් තියන්න කියලයි. එම පරීක්ෂණයෙන් මේ අය කියන විදියේ සයිටම් ළමයි කිසිම දැනුමක් නැති අයනම් ඔවුන් සියලු දෙනාම එම පරීක්ෂණයෙන් අසමත් වේවි. අන්න එහෙම දෙයක් කරලා සයිටම් එක වහන්න කියනවනම් මුළු ලංකාවම පිලි ගනීවි. සයිටම් එකේ අධ්‍යාපනය නියමිත ප්‍රමිතියට නැහැ කියලා. නමුත් එහෙම දෙයක් කරන්න යෝජනා නොකරන්නේ ඇයි? දන්නවා එහෙම කලොත් අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා. මොන මඩ ගැහුවත් කවදා හෝ සත්‍යය ජයගනු ඇත.
අපි දෙපැත්තටම සාධාරන පිලිවෙළක් හැටියට බදවා ගැනීම් Z-score අනුව මණ්ඩළයකින් කිරීමටත්,පෞද්ගලික අයිතිය වෙනස් කර සයිටම් අර්ධ රාඡ්‍ය සමාගමක් බවට පත් කිරීමටත් අවසාන විභාගයෙන් පසු ACT16 වාඩිවී සුදුසුකම් ලැබීමෙන් අනතුරුව පුර්ණ සුදුසුකම පිලිගැනීම ප්‍රමාණවත් මදිද?
සයිටම් විටරක් නෙවි සියලුම පෞද්ගලික ටියුෂන් කඩත් වහන්න ඕනි. එක විෂයකට රු 5000,4000ක මුදලක් අයකරනවා. ඒ වගේම පුද්ගලික චැනල් කරන ඒවත් නතරකරන්න ඕනේ. එතකොට මේ සටන හරි. විදේශිකයන් මේවා වහනවාට කැමැතියි. මොකද? එයාලගේ අදායම සරු වෙන නිසා.