(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියට එරෙහිව පුද්ගලයෙක් විරෝධතා පුවරුවක් සහිතව නුවරඑළිය දිසාලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.
රාජ්‍ය පරිපාලන හා චක්රලේඛනයට පටහැනිව ණය මුදලක් ලබා ගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති අයකුට වෙනත් ආයතනයක ඉහළ තනතුරක් ලබාදෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් එම තරුණයා මෙලෙස විරෝධතාව කළේය.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසූවේ 2012 වසරේදී රාජ්‍ය සේවකයකු ලෙස ලබා ගත් ණය මුදල නිසි ආකාරව ගෙවා ඇති බවත් තමා කිසිදු විනය විරෝධි කාර්යයක් කර නැති බවත් ය.
කෙසේ වුවත් තරුණයකු දිසාලේකම් කාර්යාලය ඉදිරිපිට තමාට විරුද්ධව විරෝධතා පුවරුවක් රැගෙන සිටීම පිළිබදව තමා කනගාටු වන බවද ඒ මහත්මිය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෝඩ් එක කොච්චර ලස්සනට ඇඳල තියෙනවද? මේක අඳින්න කීයක් ගියාද කියල ම්යාගෙන් ඇහුව නම් මේ හාදය කියයි, තමන්ට මේ ජොබ් එක දුන්නේ මොන කට්ටියද, මේක උස්සගෙන ඉන්නවට දවසකට කීයක් ගෙවනවද ආදී විස්තර. අපට නම් හිතා ගන්න පුළුවන්.
විරෝදය පාන තරුණයා කල යුතේ ඔය වගේ අනුන්ට වල කපන වැඩ නෙමෙයි. තමා කිසියම් රක්ෂාවක නිරත වී විනය ගරුකව ජීවත් වීමයි.
ඕක රාජ්‍යසේවා කොමිෂන් සභාවට හා උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලියන්න.
මෙසේ ජනතාව ඉදිරියට ඒමත් හොද ප්රවණතාවයකි. ඊට හේතුව නම් , ඉහල රාජ්‍ය නිළදාරීන්ගේ උදුම්මාගත් පුහු ආඩම්බරකම් ජනතාව ඉදිරියේ දිය කර සෝදා හරින නිසාය.
මේක ඇවිත් සුරාබදු දෙපාර්නිතමේන්තුවේ නිළ ඇදුම්(uniform) සහ රාජ්‍ය පරිපාලන සේවය සම්බන්ධ ප්‍රශ්නයක් .දැන් සුරාබදු කොමසාරිස් ජනරාල් බෝදරගම නිල ඇදුම් අදින කෙනෙක් එකට රාජ්‍ය පරිපාලන අය කැමති නෑ... එක තනතුරක් කියල. පාලකයෝ වෙනස් වෙනකොට ඔවුන්ට පක්ෂ පිරිස් පත්කර ගන්නවා.