(දයාරත්න ඇඹෝගම)
තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ පිං කැටයක් කඩා එහි තිබු රුපියල් 4000කට ආසන්න මුදලක් සොරකම් කළේ යැයි කියන සිද්ධියකට එම විහාරස්ථානය ඉදිරිපිට හමුදා කඳවුරේ සේවය කළ ලාන්ස් ක්රොප්රල්වරයෙකු මැදවච්චියේදි අත් අඩංගුවට ගත් බව තන්තිරිමලේ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ විහාරස්ථානය ඉදිරිපිට යුද හමුදා කදුවුරේ සේවය කළ 40 හැවිරිදි ලාන්ස් ක්රෝප්රල් වරයෙකි.
තන්තිරිමලේ විහාරස්ථාන භුමියේ පිහිටි පුරා විද්‍යා ගොඩනැගිල්ලේ විදුරු වලින් සකස්කර තිබු පිංකැටය එම ස්ථානයෙන් අසල ලඳු කැලෑවකට රැගෙන ගොස් සැකකාර හමුදා සෙබළා එහි තිබු මුදල් සිලි මල්ලකට පුරාවා ගෙන නැවත පිංකැටය එම ස්ථානයට රැගෙන යද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු සිද්ධිය දැක සැකකරු අල්ලා ගැනීමට යද්දි ඔහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලින් පෙනෙන යුද්ධය කාලයේදීත් මෙහෙ බොහෝ සිදුවීම් වෙන්න ඇතියි කියලා හිතන්න පුළුවන්....
වැඩේ වැරදි තමයි. තෝරු මෝරු බේරෙනවා. මෙයාව නම් හිරේට දමාවි.
ජේ.ඕ. රැළ පෙළපාලි යයිද දන්නේ නෑ....
රණවිරුන්ට බලපෑම් කිරීම වලක්වනු...
යුනිෆෝම් අැන්ද පලියට රණවිරුවෙක් වෙන්නෙත් නැහැ, ඕනෑම වරදක් කරලා බේරෙන්න ලයිසන් එකක් වෙන්නෙත් නැහැ.
රණවිරුවෙක් නිසා මොකුත් කරන්න එපා. මිනීමරපු අයත් රණවිරුවන් කියලා නිදහස් කරන්න කෑගහන රටේ පිංකැටයට විද්ද එක එච්චර ගණන් ගන්න එපා...
හා...හා.. රණවිරුවන්ට අපහාස කරන්න එපා.
දුකයි ඒ පුද්ගලයා ගැන. නමුත් හොරකමක්නේ.