“ඉතාම ගෞරවනීය ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඒකෙ අද තත්ත්වය දිහා බලන කොට හැදෙන පොඩි දරුවෙක්වත් පාර්ලිමේන්තුව පෙන්වන්න ගෙනියන්න එපා කියන මට්ටමට බොහොම ජරා ජීර්ණය වු ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා‘‘ යැයි වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ අද(15) පැවසූහ.
මහියංගණ රජ මහා විහාරස්ථානය මගින් ඉදි කරනු ලැබු වෘත්තිය පුහුණ මධ්‍යස්ථානය අද(15) විවෘත කරමින් අස්ගිරි මහානා හිමියෝ එසේ පැවසූහ.
“ භික්ෂුන් වහන්සේලා කියන්නේ අපේ මුරදේවතාවෝ කියලයි අපේ ඉතිහාසයේ සදහන් වෙන්නේ. මෑත කාලේ සිහිවිකල් වෙච්ච සමහර ඇමැතිවරු භික්ෂූන් වහන්සේලාට අපහාස වෙන විදියට චීවර ධාරිහු කියලා අපහාස කරනවා. රට හදන තැනින් ඒ වගේ ප්‍රකාශ නිකුත් විම මම හිතනවා ජාතියට කරන විශාල අපරාධයක්. එවැනි අපරාධ කරන්නට එපා. බෞද්ධ රටක් විදියට මේ රට මෙතෙක් ආරක්ෂා වුණ විදියට තවදුරටත් ආරක්ෂා වෙන්නට ඕන“ යැයි අසිගිරි නායක හිමියෝ වැඩි දුරටත් අනුශාසනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔබ වහන්සේට පෙනෙන්නේ නැත්තේ මේවා. අද පන්සලකට දානේ දෙන මිනිස්සු කොපමණ අඩුවෙලාද? කී දෙනෙකුට විනය පරීක්ෂණ තිබ්බද? අද අපිට ඒ අය දැක්කම අර ලිප්ටන් වටරවුමේ නැත්නම් කොල්ලුපිටියේ උද්ඝෝෂණ කරනවා. මම දන්නා බුදුදහම නම් හික්මුණු ස්වභාවයෙන් අනුන්ට කරදර නැතුව ජීවත් වෙන එකයි. මේවා ජනතාවට කියන්න කලින් විනය පියවර අරන් කිව්වොත් නේද හොඳ? ඔබ වහන්සේ පාර්ලිමේන්තුව ගැන කතාකරනවා. හැම පන්සලේම වගේ ව්‍යාපාර කටයුතු නේද කරන්නේ?
හාමුදුරුවනේ, අද ලංකාවේ හැදෙන කෙනෙක් හොයාගැනීම කළුනික හොයනවටත් වඩා අමාරුයි.
එතැනත් ඉතින් පොඩි ළමයි ඉන්න තැනක් තමයි හාමුදුරුවනේ.
කතාව හරි. එහෙම වෙන්න හේතුව මොකද..? භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට හැසිරෙන්න ඕනෑ. ප්‍රකාශ නිකුත් කරන්න ඕනෑ. හැංගි හොරා එපා කෙලින්ම කියන්න. පොදුවේ භික්ෂු ගෞරවය නැතිවෙනවා. ගෞරවය කියනදේ බලෙන් ලබාගන්න බැහැ හාමුදුරුවනේ. ඒක ගිහි පැවිදි සැමට, තම තමන්ගේ පැවැත්ම අනුවයි ලැබෙන්නේ.
අද විතරක් නොවෙයි.. පහු ගිය කාලය පුරාවටම
පන්සල්, පල්ලි වගේ ස්ථාන වලටත් කුඩා කලදීම භාරදෙන දරුවන්ටත් කරදර වෙනවා නේද?
ඔබ වහන්සේ පාර්ලිමේන්තුවේ ජරා ජීර්ණත්වය ගැන සඳහන් කර තිබීමමයි, අද බොහෝ විට භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීමට හේතු වී ඇත්තෙත්. අද රට වැසියන් බොහෝ දෙනෙක් දේශපාලකයන්ට දූෂිතයන් යයි කියා අපහාස කරන අතර, භික්ෂුන් වහන්සේලාත් ඒ ගණයටම වැටුණොත්, ඔවුන්ටත් අනිකුත් දේශපාලකයන්ට මෙන්ම අපහාස විඳින්නට සිදුවෙයි.
නායක ස්වාමීන් වහන්ස, පසුගියදා හාමුදුරුවරුන්ට අපහාස කල දේශපාලකයින් ගැන රට කරවන මහා තැන්වලින් කිසිම ප්‍රතිචාරයක් නැහැ. සමහර විට ඔවුන් එය අනුමත කරනවා ඇති. එහෙම නැතිනම් "බළලුන් ලවා කොස් ඇට බාවනවා" කියන නියාය අනුගමනය කරනවා ඇති. නායක ස්වාමීන් වහන්ස "බීරන්ට වීණා වයලා වැඩක් නැහැ" කියල තමයි කියන්න තියෙන්නේ.
නමට භික්ෂූන් වහන්සේ කිව්වට ගෞරව කරනන් බැහැ. ක්‍රියාව කතාව බලලයි ගෞරවය ලැබෙන්නේ. දේශපාලනය නොකරන කාටවත් කඩේ නොයන සිල්වත් භික්ෂූන් වහන්සේලාට කිසිම අගෞරවයක් කවුරුත් කරන්නේ නැහැ. එහෙම නැතුව සාමාන්‍ය මිනිසුන් වගේ දේශපාලනය කරමින් කෑගහමින් සිටින අයට අර ගෞරවය ලබන්න බැහැ.
හාමුදුරුවන්ට රන්ජන් බැනපු විදිහ නම් හොඳ නැහැ. දෙකේ පන්තියේ වගේ විවිධ නම් කියමින් කියනවා... හැබැයි සිවුරුක් දාගත්තු හැමෝටම දනගහලා වඳින්න බැහැ. මිනිසුන්ට මොළයක් තියෙනවා. සිල්වත් අයට අප සියළු ගෞරවයන් දෙනවා අපේ හාමුදුරුවනේ....
දේශපාලකයන් හදන්න කලින් ස්වාමීන් වහන්සේලාට හැදෙන්න කියලා කිව්වොත් නරකද?
ඔව් ඉතින්, රටේ නායකයෝ හැටියට ඉන්න සමහරු හැසිරෙන්නේ පොඩි ළමයින්ටත් අන්ත විදිහටනේ. ලස්සන වැඩේ එහෙම අයට ඡන්දෙ දෙන්නත් පොඩි ළමයින්ගේ තරමටවත් මානසිකත්වයක් නැති ඡන්ද දායකයෝ රටේ ඉන්න එකනේ.
අනේ මහනායක හාමුදුරුවනේ, මේ පිණ්ඩපාතේ යන හාමුදුරුවන්ට බැරිද බුද්ධ ධර්මයට අනුව අවවාදයක් දෙන්න. මේ රටේ මහජනතාවගේ මුදල් කෝටි හැටක් හොරකම් කරලා නඩු තීන්දුවක් දුන්න බරපතල වැඩ ඇතුව හිරේ යන්න. ඉතින් මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහින් මහජන මුදල් එකතු කරන එක කොතරම් වැරදිද? අනේ මහනායක හාමුදුරුවනේ මේ දිහා දැන් මුළු රටම බලන් ඉන්නවා.
පාර්ලිමේන්තුවට විතරක් නොවෙයි හාමුදුරුවනේ... අද පන්සලකට වුණත් පොඩි ලමයෙකුව යවන එක අවදානම් බව කවුරුත් දන්නවා. පන්සලත් අද එක එක දේශපාලකයන් පසුපස යන තැනක් බවට පත් වෙලා තිබෙන බව පැහැදිලියි. ඡන්දය අත ළඟ තිබියදී සිල් රෙදි බෙදා දීමේ වැඩ පිළිවෙලේ වරදක් තිබුණු බව සිහි කල්පනාවක් ඇති මධ්‍යස්ත ඕනෑම කෙනෙකුට තේරෙනවා. උසාවියෙනුත් වැරදිකරුවන් කල දෙන්නාට සපෝට් කරන්න සමහර චීවරධාරීන් පිරිසක් `මුදල්` පිණ්ඩපාතේ යන්නේ බුද්ධදේශනා ඔක්කොම අමතක කරලා වගෙයි. ශාසනයට නින්දා සිදුවෙන මේ ක්‍රියාවන් පාලනය කර ගන්න ඔබවහන්සේලාට පුළුවන් කමක් නැද්ද? පාර්ලිමේන්තුවේ විනය ගැන කතා කරන්නට පෙර, මේ සාසන විරෝධීන්ගේ විනය ගැන කතා කරන්න. මෙහෙම ගියොත් ගිහියන් කිසිවෙකු පන්සල දෙස නොබලන දවසකුත් උදා වීමට හැකි බව සිතෙනවා.
තවත් කරුණක් සිහිපත් කරන්න කැමතියි හාමුදුරුවනේ. ඔබ වහන්සේත් ඔය නායක කමට පත් වුනේ වෙනත් ක්‍රමයකින් බවට කතාවක් තියනවා නේද?
තමන්ගේ ඇහේ ඇති පොල්පරාලය ඉවත්කර ගත්දාට ඕව බලමු..
ගරු හාමුදුරුවනේ ඔය දේශපාලනය කරන , මුදල් පිණ්ඩපාතේ යන හාමුදුරුවන්ගේ ජාතිවාදීන්ට අවවාද, උපදෙස් දෙන්නකෝ ධර්මයට අනුව හැසිරෙන්න කියා. එ්ත් නැතිනම් දීම සංගායනාවක් පැවැත්විය යුතු කාලය දැන් ඇවිත් තියෙන බව නම් හැඟෙනවා.
අනේ අපේ හාමුදුරුවනේ, මම පහත සදහන් කාරණය ගැන ඔබේ අවදානය යොමු කරන්න කැමති, [ 01]බුදු දහමේ කොතනද මුදල් ඉල්ලා පිණ්ඩපාතේ වැඩියේ , [02],කවුරුන් විසින්ද ,කවදද කොහෙදිද ,[03]කා වෙනුවෙන්ද ? කරුණාකර මේ ගැන අපව දැනුවත් කරන්න.
අපි අදහන බුදු දහමේ කුලවාදය පිළිකුල් කරනවා. එහෙම වුණාට ඔබ වහන්සේලාගේ පන්සලක අඩු කුලේ කෙනෙකුට මහණ වෙන්න පුලුවන්ද? පාර්ලිමේන්තුව ගැන බන කතාකරන්න කලින් පන්සලේ වැරදි හදාගත්තොත් නරකද? බෞද්ධයෙක් හැටියට අපිට හරි කණගාටුයි.
රන්ජන් කිව්වේ බොරු නෙමෙයි. බී.එම්.ඩබ්. වල යන අලි පැරණි වාහන එකතු කරන, සල්ලි කෝටි ගණන් ඇති මහේශාක්‍ය පන්සල් අද කොපමණ තියෙනවද? අල්පේච්ඡතාවය ගැන බණ කියමින් කරන මේ දේ හරිද? පන්සල් වල හාමුදුරුවරුම සල්ලි වලට ගහමරා ගන්නවා. මිනීමැරුම් කරලා අහුවෙලා තියෙනවා. ස්ත්රිදූෂණ, ළමා අපචාර කරලා අහුවෙලා තියෙනවා. දැන් ඉන්න සමහර අය හොරුන්ට දඩ ගෙවන්න පිණ්ඩපාතේ යනවා. කෑගහනවා. ආවේගයෙන් බනිනවා. ඉතින් මොන ගෞරවයක්ද? මොකක්ද වෙනස??
වෙන දෙයක් නොකියා චීවර ධාරිහු කියලා විතරක් කියපු එකගැන සතුටු වෙන්න හාමුදුරුවනේ. මොකද සමහර අය කරන වැඩ අපිට ඇස් පනාපිට පේනවා. දේශපාලනඥයින් හදනවට වඩා ලේසි නැද්ද ගිහිගෙය හැරගොස් සිටින සංඝ සමාජය හදාගත්තා නම්... ?
අනේ හාමුදුරුවනේ ගරුතර සංඝ රත්නය පිණ්ඩපාතයේ වැඩිම මහා පුණ්‍ය කර්මයක් බව ශාසනායේ සඳහන් වුවත්... මේ අවස්ථාවේ මෙසේ සිදු නොවිය යුතුයි.....