තුවාල ලැබූ සිසුහු 88ක් ප්‍රතිකාර ලබා පිටවෙති සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සයිටම් විරෝධී සරසවි සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි සිසුන් 96 දෙනකුගෙන් අද(22) දහවල් වනවිට 88 දෙනකුම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසීය. 22 June 2017
සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් ගැන පුළුල් පරීක්ෂණයක් සයිටම් විරෝධතා පාගමනේ නිරත වු විශ්ව විද්‍යාල සිසුන් ඊයේ (22) සවස බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ්‍රයට ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 22 June 2017
නාමල්ට කොටස් හිමිකම් ඇති සමාගම් දෙකක ගනුදෙනු ගැන සොයයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුත් එන්.ආර් කන්සල්ටන්ස් සහ ගවරස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සිදුකර ඇති තවත් සැකකටයුතු ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 22 June 2017
ගාල්ලේ සයිටම් විරෝධී උද්ඝෝෂණය උණුසුම් වෙයි සයිටම් විරෝධතාවයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි. 22 June 2017
‘උමා ඔය ව්‍යාපෘතිය ආපසු හැරවීමට බෑ‘ උමා ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ලබාගෙන ඇති පරිසර වාර්තා සම්බන්ධයෙන් කිසිසේත් එකඟවිය නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 22 June 2017
වෛද්‍ය වර්ජනය අඛණ්ඩවම සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි. 22 June 2017
පුද්ගල ඝාතනයකට ගම්පහ අධිකරණයෙන් මරණ දඬුවම මීරිගම කල්එළියේ දී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනයට වරදකරුවූ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණය අද(22) මරණ දඬුවම් නියම කළේය. 22 June 2017
මාස 20ක් වසා දමා තිබූ අධිවේගේ කොටසක් අරියි දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ නායයෑමක් නිසා කිලෝමීටරයක පමණ වසා දමා තිබූ එක් මං තීරූවක් අද (22) සිට නැවත විවෘත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග අධ්යක්ෂ කාර්යාලය පවසයි. 22 June 2017
ඉන්දීය ධීවරයින් 4ක් නාවික හමුදා අත්අඩංගුවට උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. 22 June 2017
සරසවි සිසුන්ට පහර දුන්නැයි පේරාදෙණි සිසූහු මහ පාරට සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය අද (22) ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. 22 June 2017
දැරියට අතවර කරන්න හැදූ කට්ටඩියා අත්අඩංගුවට අලව්ව - හුම්බුඑව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සදහා ගම්පොල දොඑව ප්‍රදේශයේ සිට පැමිණි කට්ටඩියකු එම නිවෙසේ 15 හැවිරිදි පාසල් දැරියක ත්‍රීරෝද රථයක් තුළදී අපයෝජනය කිරීමට සූදානම්වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය කියයි. 22 June 2017
ඥාති දියණියට අතවර කළැයි හමුදා කෝප්රල් රිමාන්ඩ් වසර හතරක කාලයක් වයස අවුරුදු 13ක් වයසැති තම ඥාති දියණියක වරින් වර විවිධ ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුධ හමුදා කෝප්රල්වරයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (22) නියෝග කළේය. 22 June 2017
ගිනි අවි පෙන්නා කොල්ල කෑ කල්ලියක් අල්ලයි ගිනි අවි පෙන්වා මංකොල්ලකෑම් කළ සිව් දෙනකුගෙන් යුත් යතුරු පැදි කණ්ඩායමක් ගිනි අවි කිහිපයක්ද සමගින් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ පොලිස් කොට්ඨාශ අපරාධ මැඩලීමේ විශේෂ ඒකකය පවසයි. 22 June 2017
උමාඔය හානි වූ නිවාස තක්සේරුව ප්‍රමාදයි උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය සැදීමේදී හානි සිදුවු නිවාස පිළිබදව තක්සේරු වාර්තා ලබාගැනීමේ ඇති පමාව නිසා වන්දිගෙවීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ. 22 June 2017
සිසුවා ඉවත් කරගන්නැයි බලපෑම් කළ විදුහල්පතිට නොතීසී බුත්තල දුටුගැමුණු පාසලේ ඉගෙනුම ලබමින් සිටින බාලවයස්කාර සිසුවකු පාසලෙන් ඉවත් කරගැනීමට දරුවාගේ පියාට බලපෑම් කළැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වැල්ලවාය මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (22) නොතිසි නිකුත් කළේය. 22 June 2017
සයිටම් අර්බුදය සම්බන්ධ විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී රටපුරා පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හා ඊයේ(21) සිදුවූ සයිටම් විරෝධී සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද(22) පස්වරු 4.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක කරු ජයසුරීය මහතා සභාවට දැනුම් දුන්නේය. 22 June 2017
පේරාදෙණි සරසවියේ ලක්ෂ 320කට විදලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගිණුමක තිබු තිබූ රුපියල් ලක්ෂ 320 ක මුදලක් ලබාගෙන සැඟවී සිටින බව කියන නියෝජ්‍යය මුල්‍ය අධිකාරිවරයකුට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 22 June 2017
තඹුවා අල්ලන්න තාවකාලික අවසර පත්‍රයක් තඹුවා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා තාවකාලිකව අවසර පත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. 22 June 2017
අයි.එස්. ත්රස්තවාදීහු අල් නූරි මහ පල්ලිය වනසති අයි.එස් සංවිධානය ඉරාකයේ මොසුල් නුවර අල් නූරි හි පිහිටි මහ පල්ලිය විනාශ කර ඇතැයි එරට හමුදාව ප්‍රකාශ කරයි. 22 June 2017
ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි. 22 June 2017
උදෑසන අටේ සිට වෛද්‍යවරු වැඩ වරති සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි. 21 June 2017
ලක් සිසුවිය බංගලාදේශයේදී කෙළසලා බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී එරට තරුණයෙකු විසින් උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක්කොට ඇතැයි එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී. 21 June 2017
‘කඩුගන්නාව - බලන අතර දුම්රිය මගේ දැනට අවදානමක් නෑ‘ කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන අතර ඉනිමග රවුම සිංහ කට බිං ගෙයට ඉහළින් ඇති ගල් පර්වතයෙන් දැනට අවදානම් තත්වයක් ඇති නොවුනත් ඊට පිළියම් නොකළහොත් ඉදිරියේදි නායාමේ අවදානමක් ඇතිවිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින්ට ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ. 21 June 2017
පුත්තලම ප්‍රා සභාවේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්තී‍්‍ර ලාල් පි‍්‍රයන්ත පීරිස් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය නියෝග කළාය. 21 June 2017
පසුම්බියට විද්ද සොරා අල්ලන්න චීන ජාතිකයා දුම්රියෙන් පනියි කළුතර සිට දුම්රියෙන් කොළඹ පැමිණෙමින් සිටියදී සිය මුදල් පසුම්බිය සොරා ගෙන දුම්රියෙන් බිමට පැන්න සොරකු හඹායාමට දුම්රියෙන් බිමට පැන්න චීන ජාතිකයකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 21 June 2017
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි. 21 June 2017
පර්පෙචුවල් සමාගම ආදායම් බදු ගෙවා නෑ අනෙකුත් ප්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටේරෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක සුරේෂ් ප්‍රසන්න සේදර මහතා අද (21) හෙළි කළේය. 21 June 2017
එජා ලේකම්ගේ තරුණ කටයුතු නියෝජිත ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 21 June 2017
සරසවි පිවිසුම් ලිපි ප්‍රමාදය ගැටලුවක් නෑ අපොස උසස් පෙළ 2016 විභාගයේ කඩයිම් ලකුණු මත ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි නිකුත් කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය. 21 June 2017
සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන විසිරුවීමට පොලිසියට කටයුතු කළ අතර තුවාල ලැබූ සිසුහු දස දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ. 21 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026