(ටී.කේ .ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ )
 
රත්තරන් හා සමාන වටිනාකමකින් යුත් ප්ලේඩියම් නැමති ලෝහ වර්ගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි .
 
මෙම ලෝහ වර්ගය ආභරණ මෙන්ම මෝටර් රථ වල විශේෂිත අමතර කොටස් නිෂ්පාදනයට ද යොදා ගන්නා බව රේගුව සදහන් කරයි .
 
ප්ලේඩියම් ලෝහ කැබලි සහ පතුරු වශයෙන් ග්රෑම් 617.63 ක් එහි තිබූ අතර,ඒවායේ වටිනාකම රුපියල් 19,91,425 ක් බව රේගුව සඳහන් කරයි.
 
                  
head - නිතිවිරෝධීව ප්ලෙඩියම් ලෝහ ගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට