(රංජිත් රාජපක්‍ෂ)
ගම්පොළ සහ හැටන් බන්ධනාගාර සිරමැදිරිවලට ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන් සිටියදි කනිෂ්ඨ සැරයන්වරුන් එම තනතුරු සදහා හිතවත්කම් මත පත්කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයාට සහ පුනරුත්තාපන අමාත්‍ය ඩි.එම් ස්වාමිනාදන් මහතාට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන් පැමිණිලි කර තිබේ..
එම තනතුර ලබා ගැනිමට අවශ්‍ය මුලික සුදුසුකම්වත් , තනතුරේ ස්ථිරත්වය හා පලපුරුද්ද නොමැති සැරයන්වරුන් පත්කිරිම තුළින් ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන්ගේ මානසිකත්වය බිඳවැටි ඇතැයි ද ලිපියක් යොමුකරමින් එම සැරයන්වරුන් පැමිණිලි කර ඇත.
2013.10.01 දින සිට සැරයන් තනතුරේ පත්වීම් ලද සැරයන්වරුන් විසින් අදාළ තනතුර සදහා සම්මුඛ පරික්‍ෂණවලට සහභාගි වුවද බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ නිර්දේශ නොමැතිව සැරයන් තනතුරේ ස්ථිරත්වයද නොමැති සැරයන්වරුන් දෙදෙනකුට අදාළ සිරමැදිරි දෙකෙහි කාර්යභාර නිලධාරි තනතුර බන්ධනගාරයේ උසස් නිලධාරියෙකු විසින් ලබා දෙනු ලැබ ඇතැයි එම ලිපියේ සඳහන් වෙයි.
මෙම අසාධාරණයට එරෙහිව කටයුතු කර ජ්‍යෙෂ්ඨත්වය ඇති සැරයන්වරුන් අදාළ තනතුර සදහා පත්කරන ලෙස මධ්‍යම පළාත් බන්ධනාගාර සිරමැදිවල සේවයේ නියුතු සැරයන්වරුන් සහ සෙසු නිලධාරින් ඉල්ලා සිටින බවද එම ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරයේ ඉන්න සියලු නිලධාරීන් ගැනම රටේ තියෙන්නේ හොඳ හැගීමක් නෙමෙයි. අපි දන්නේ නෑ ඔය කියන පත්කිරීම් එහෙමත් ජරාව උඩ තීරණය වෙනවද කියල. මොනවා වුනත් බන්ධනාගාරය මුල සිට අගට සුද්ද කරන්න ඕන බවට නම් කිසිම සැකයක් නෑ.
ඉස්සෙල්ලා බන්ධනාගාර රොහලේ වෛද්‍යවරු. ඔන්න දැන් බන්ධනාගාර සැරයන්වරු. මට පේන විදියට බන්ධනාගාරයත් ඇතමුන්ට ඉල්ලමක් වෙලා වගේ.
බන්ධනාගාර කියන්නේ දුෂණ රැසක් සිදුවන බව මැනවින් පෙන්නුම් කරන තැනක්. බහුතර ජනතාවක් තුල විශ්වාසය බිඳී ඇති තැනක්. බන්ධනාගාර තුලට මත් ද්‍රව්‍ය , ජංගම දුරකථන වැනි දෑ යන්නේ පියාඹාගෙන නොවෙයි. රැඳවියන්හට විශේෂ සැළකිලි ලැබෙන්නේ අත මිටමොලවපු තරමට බවට ආකල්ප ගොඩනැගී ඇත. ජරා පප්පලා නිසා හොඳ අය හිටියත් ඔවුනට තැනක්වත් ඉඩක්වත් නැතිවීම පුදුමයක් නොවේ.