අමල් වික්‍රමරත්න
 
ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ඩෙංගු රෝගය වැළදීමෙන් මියගොස් ඇතැයි වාර්තාවේ. එම වෛද්‍යවරියගේ දියණියද ඩෙංගු වැළඳීමෙන් මේ වනවිටත් කරාපිටිය රෝහලේ අංක 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි.
 
මියගිය වෛද්‍ය එම්.අනෝමා ජයවර්ධන මහත්මිය තිදරු මවක් වන අතර හබරාදුව ගිනිගල ප්‍රදේශයේ පදිංචි වී සිටින බවත් ඇය ඉකුත් බදාදා දින රෝහල්ගතකර ඇති අතර   මියයන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව පැවසේ.