(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ වගවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවැති සැනකෙලියක මාරක ළිඳ දර්ශනයකදී එහි පැදිකරු වේගය වැඩිකිරීමට යාමේදී බයිසිකලය ලිස්සා ගොස් අසල සිටි ළමයින් තිදෙනකුගේ ඇඟේ වැදී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
යතුරපැදියේ හැඬලය මාරක ළිඳේ කොටසක වැදී අනතුරුව ගැහැණු ළමයකුගේ බඩේ වැදී ඇති අතර ඒ සමග එහි සිටි ළමයින් දෙදෙනකු ද සමග ඇය එළියට විසිවී ඇති අතර යතුරුපැදිකරු ද තුවාල ලබා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරක ලිදේ බයික් පදින්නන්නෙට විතරක් නෙවෙයි.... බලන්ඩ යන අයටත්..හොඳ පාඩම් මේවා...
මෙය තහනම් කල යුතු ක්‍රියාවක්. මේවගේ දේවල්ලං සිදුවන්නේ ලංකාව තවම ගල්යුගයේ ඉන්න නිසා..
මේවා මොන වැඩද ? ලංකාවේ ප්‍රයිවෙට් බස් එකක යන මගියා ඔයිට වැඩිය අවදානම් ගමනක්නේ යන්නේ
ගල් යුගයේ කොහෙන්ද මල්ලි බයිසිකල්....
පිටිගල මිලානොල රට ඉන්න නිසා ලංකාවේ සිදුවෙන හැමදේම අවඥාවෙන් බැලීම පහත් ක්‍රියාවක්. මතක තියාගන්න උනහපුලුවට උගේ පැටියා මැණිකක්. ලංකාවේ මිනිස්සු කිසිම සතුටක් නොවිද ජීවත්වෙලා මැරිලා යන්නද කියන්නේ ? ඒ මිනිස්සු ලද දෙයින් සතුටු වෙනවා. ඔබ ඔය බටහිර උන්මාදයෙන් කුල්මත්වෙලා.
සුද්දෝ නම් ගල් යුගයේ ක්‍රීඩා අගය කරමිනුයි කරන්නේ. පිටිගල මිලානෝට, අපි කළු නිසා අල්ලන්නේ නැහැ වගේ. සමාජ විරෝධී වැඩවල යෙදෙන්නේ නැතුව, ස්වෝත්සාහයෙන් හරි හම්බ කරන ඔය උදවියට ගරහන්නෙපා. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා අහලා නැද්ද..?
ලංකාවට මීට වඩා නවීන ක්‍රීඩා සහ විනෝදාත්මක අත්දැකීම් ලබා දිය යුතුයි. මෙවැනි ක්‍රීඩා අනාරක්ෂිතයි. රක්ෂණයක් අනිවාර්ය කල යුතු වෙනවා.
කොහොම හරි ජීවිත ටික බේරුණා. ඒක තමයි මම නම් කියන්නේ...
බයිසිකල් පදින්නේ බඩෙන්ද? කෘෂිකාර්මික වගාවකට යොමු වුණා නම් කොන්දත් බේරාගෙන හොඳ අාදායමක් ගන්න පුළුවන්... ත්‍රී වීල් කරුවන්ටත් මෙය අදාලයි.
පිටිගල මිලානෝගේ බුද්ධිය සෑහෙන හොඳයි කියලා පේනවා. පිටිගල මිලානෝ වගේ ගල් යුගයේ පුද්ගලයෝ තමයි මාරක ළිඳ ලංකාවේ විතරක් තියෙන්නේ කියල හිතන්නේ. ඕක ලෝකේ ගොඩක් රටවල තියෙනවා.
මේකේ සද්දයට කනට හානි වෙනවා. ඒක බරපතල අනතුරක්.
ලෝකය ඉදිරියට තල්ලු වී යාමට මෙවැනි අවදානම් ක්‍රියාවනුත් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් නිසි පරිදි සිදුවීම වැදගත්. ලෝකයේ ඉතා නවීන පන්නයේ රෝලර් කෝස්ටර් පවා අනතුරට පත්වූ අවස්ථා එමටයි. අපේ රටේ ඉතා අඩු තාක්ෂණයක් යටතේ වුවද අපේ කොල්ලන් කරන මෙවන් වික්‍රමයන් අඩු තක්සේරුවට නොගන්න ..
පිටිගල මිලානෝ එකකොට ස්පාඤ්ඤයේ හරක් පොර ඇමරිකාවේ රෙස්ලින් ශීලාචාර ක්‍රීඩා ද?
මේක නම් මාරක ළිදක් තමයි බලන්නකෝ පින්තුරේ ලැලි කැඩුණු ඒවා පවා ගහලා හිස්තැන් ගොඩක් තියනව උඩ එක ලෑල්ලක් එක් පැත්තකින් එලියට පැනල වගේ අනතුරකට බලෙන්ම අත වනනවා ප්‍රමිතිය ආරක්ෂිත භාවය අතින් අන්තිමයි බලධාරින් මේ ගැන බැලිය යුතුයි