(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්කි ලබා ගැනීම සඳහා ඔහු අඟහරුවාදා (19) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් සාක්කි ලබා ගැනීමට පසුගිය 13 වැනිදා තීරණය කළ බැඳුම්කර කොමිසම ඒ සඳහා අඟහරුවාදා (19) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහුට සිතාසි නිකුත් කළ අතර පිස්කල් නිලධාරීවරයෙකු විසින් අදාළ සිතාසිය මහෙන්ද්‍රන් මහතාට බාරදී ඇති බවද වාර්තා විය.
බැඳුම්කර කොමිසමේ කටයුතු ආරම්භ කළ සමයේ සිටම කොමිසමේ සිදුවන්නේ කුමක්දැයි මහෙන්ද්‍රන් මහතා විමසිල්ලෙන් පසුවු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥවරුන්ද පත් කළේය.
මේ අතර මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ සාක්කිය අත්‍යවශ්‍ය සාක්කියක් වන හෙයින් ඔහුගෙන් සාක්කි ගැනීමට අවශ්‍ය බවට ඉදිරිපත් වු කරුණු වලට අනුව මහෙන්ද්‍රන් මහතාගේ සාක්කිය ගැනීමට තීරණය කළ කොමිසම ඔහුගේ සාක්කි ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි මඟින් දැනුම් දී ඇත.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඔට්ටු.. මෙයාගෙනුත් කට උත්තර ගන්නේ නැහැ. නීති උපදෙස් මත මට කට අරින්න බැහැ.
මට හිතුනොත් කට උත්තරයක් දෙන්නම්. බල කරන්න ආවොත්, ඔන්න මටත් මතක නෑ, හරිය?
මොහු විදේශයක පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියෙක් නොවේ. රටේ සිදුවූ විශාලතම හොරකමකට ප්‍රශ්න කරන මොහු ඇයි රිමාන්ඩ් භාරයේ තබන්නේ නැත්තේ?
මේ රටේ යහ (යම)පාලකයන්ටයි ඒගොල්ලන්ගේ හෙන්චයියන්ටයි තියෙන්නේ වෙනම නීතියක්නේ...
එයත්, එයාගේ බෑණාගේ තියරිය ම අනුගමනය කරයිනේ.
මේ එක්කෙනෙක්වත් නෙමෙයි නියම වැඩකාරයෝ... මෙයාව ලංකාවට ගෙන්නපු කෙනා තමයි.
පිටිගල මිලානෝ මයා වෙත, විදේශිකයකු හට මෙවැනි තනතුරක් ලබාදුන්නේ ඔබද, මමද, අපද? කොහෙවත් යන අය ළංකර ගැනීමට මේ උන්නැහේලා අති දක්ෂයෝ බව අපහැමට පහසුවෙන් තේරුම් ගත හැක. නමුත් කතාවෙන් නම් වටේ ඉන්න ඇම්බැට්ටයෝ නම් කියන්නේ පරිණතයි කියලා. නමුත් බැලුවාම කුඹුරේ හතර මායිම්වත් නොදනී.
ජව්සන් කොමිසන් ....
යාලුවන්ට කියලා ආපහු පාරක් සිංගප්පුරුවේ මගුල් ගෙදරක යාවි. අනේ අපිටත් මෙහෙම යාලුවෝ ඉන්නවනම් අපිටත් දවසක හඳ පායනවා කියන්න පුළුවන්.
මෙම කොමිසම අදිකරණ බලතල නැති කොමිසමක්. කාලය ගෙවා දැමීම පමණයි කෙරෙන්නේ. මහ අදිකරණයට චෝදනා ගොනු කලයුතුයි .