කාලය අවසන්වන සභා තුනේ පාලනය ආණ්ඩුකාරවරුන්ට සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරණය පවත්වන තුරු එම පළාත් තුනේ ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පැවැසීය. 22 September 2017
රතුපස්වල සිද්ධියේ කෝප්රල් හා සැරයන්ට ඇප පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාවට සිදු කළ උද්ඝෝෂණයේ දී වෙඩි තබා පහර දිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන් හා කෝප්‍රල්වරයාට අද (22) ඇප නියම කැරිණි. 22 September 2017
කොම්පඤ්ඤවීදියේ වාහන අංගනයක අත්බෝම්බ තුනක් කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ රක්ෂණ සංස්ථාවට අයත් වාහන අංගනයක වාහනයක් යට තිබි අත්බෝම්බ තුනක් අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබුණි. 22 September 2017
ඔසරි පොට අල්ලන්න සිසුන් ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශනයක් මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 September 2017
වස්ගමුව වනජීවි කාර්යාල ආයුධ කාමරය සොරු කඩති වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයේ ආයුධ කාමරය කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් රිපිටර් වර්ගයේ තුවක්කු 02 ක් සහ බෝර 12 තුවක්කු 02 ක් සොරාගෙන ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. 22 September 2017
ලක්ෂ 30 ක වල්ලපට්ටා සමඟ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 September 2017
අට කෝටියක් සමග යුවළක් රේගු දැලේ පැටලෙති රුපියල් අට කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 September 2017
සිමෙන්ති කන්ටේනරයක් කොළතැන්නේ දී දුම්රිය මාර්ගයට කඩා වදී කොළඹ සිට වැලිමඩට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (22) උදෑසන බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී දුම්රිය මාර්ගයට කඩා වැදීමෙන් දුම්රිය ධාවනයට බාධා සිදුවු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 22 September 2017
කොටහේන අලුත් මාවත අද සිට වැසේ කොටහේන අලුත් මාවත මාර්ගය අද(22) රාත්‍රී 9 සිට ලබන 25 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි. ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් මෙසේ කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලිසිය දන්වා සිටී. 22 September 2017
මින්නේරිය වනෝද්‍යානයට කසළ දැමූ හෝටල් ජිප් රිය පොලිස් දැලේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට කැළි කසල බැහැර කිරීමට පැමිණි පුද්ගලයකු හා සෆාරි ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි. 22 September 2017
පිහියක් අරං හිටපු ජනපතිගේ ගෙදරට යන්න හදලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 September 2017
නීතිපතිවරයා ඉවත් කරන්නැයි යෝජනාවක් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 21 September 2017
කටුනායක මිනුවන්ගොඩට ගෙන යාමට විරෝධය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක අධිකරණ බල ප්‍රදේශ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයෙන් ඉවත් කර මිනුවන්ගොඩ අධිකරණයට එකතු කිරීම සම්බන්යෙන් මීගමුව නිතිඥ සංගමය අද (21) පැවැති මාධ්‍ය හමුවකදි විරෝධය දැක්වීය. 21 September 2017
දේශපාලන - ප්‍රවර්ධන වැඩවලට සිසුන් ගැනීම වැරදියි මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමය කියයි. 21 September 2017
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නඩුවක් ශී‍්‍ර ලංකා රේගුවේ අධිකාරිවරයකු ඇතුළු නිලධාරින් පිරිසක් රුපියල් මිලියන 125ක් අල්ලස් ගත් බව කියන සිද්ධියට අදාළ ලේඛන කිහිපයක් සඟවා හෝ විනාශකර දමා ඇතැයි හිටපු සහකාර රේගු අධිකාරිවරයකු විසින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් දෙදෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) නඩු පවරනු ලැබීය. 21 September 2017
කොම්පඤ්ඤවීදියේ සයමහල් ගොඩනැගිල්ලක හදිසි කම්පනයක් කොම්පඤ්ඤවීදිය කුමාරරත්නම් පාරේ පිහිටි සයමහල් ගොඩනැගිල්ලක අද (21) හටගත් හදිසි කම්පනයක් හේතුවෙන් එහි පිහිටි පෞද්ගලික ආයතනයක සේවකයින් 100ක් පමණ ඉවත් කළ බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 21 September 2017
හොර ෆේස්බුක් ගිණුමක් ගැන අරවින්ද සිල්වාගෙන් පැමිණිල්ලක් කිසිවෙකු තමන්ගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් විවෘත කරමින් බොහෝ පුද්ගලියන් වෙත එමගින් විවිධ ප්‍රතිචාර දක්වන බවට පවසමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමි‚ලි කර ඇත. 21 September 2017
සරණ ගුණවර්ධන 26 වැනිදා අධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (21) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. 21 September 2017
හදිසි පැල්මකින් කිරිඳි ඔයේ වතුරත් සිඳිලා බණ්ඩාරවෙල හරහා ගලා බසින කිරිඳි ඔයේ අඩි පනයක් පමණ දිග කොටසක පැළුමක් ඇතිවී ඇතැයි ද, ඒ පැළුම හරහා ඔයේ ජලයට පොළව ඇතුළට ඇදී ගොස් ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති. 21 September 2017
සාමාන්‍ය පෙළ අසමතුන්ට විෂය ධාරාවක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් නව විෂය ධාරාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 September 2017
ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය. 21 September 2017
උඩුවේ හිමිගේ නඩුව ඔක්තෝබර් 20 සිට විභාගයට සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 20 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය. 21 September 2017
මහ බැංකු සිද්ධිය යහපාලනයට කැළලක් - වමේ කේන්ද්‍රය අතීතය ගැන සොයා බලන ආකාරයෙන් වර්තමානය ගැනත් සොයා බලන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එය හැට දෙලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව බවත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 21 September 2017
පාසල් සිසුන්ට මත්පෙති විකිණු අයෙක් අත්අඩංගුවට පිළිකා රෝගීන්ට ලබාදෙන වේදනා නාශක පෙති තොගයක් මත්පෙති වශයෙන් පාසල් සිසුන් ඉලක්කකර අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු මත්පෙති 25,500 ක ප්‍රමාණයක් සමඟ අද (21) දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 21 September 2017
ටිපර් රථ අනතුරින් අයෙක් මරුට මාලබේ අටේ කණුව ප්‍රදේශයේදී අද(21) ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 September 2017
සිව්දෙනකු මැරුවැයි තරුණයකුට මරණ දඬුවම් හතරක් ඵප්පාවල සදරැස්ගම එකම පවුලේ සිව්දෙනකු අත් පොරවකින් කපා කොටා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පවුලේ ඥාති පුත්‍රයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (21) මරණ දඬුවම නියම කළේය. 21 September 2017
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඇතුළත් කොන්දේසිවලට ජාතික රජයේ ප්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන්ද ඊට එකඟවන්නට කැමැති බව ද්‍රවිඩ ජාතික සන්ධානය ලිඛිතව අනුමැතිය පළ කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වේ. 21 September 2017
නව ව්‍යවස්ථාවේ පදනම බෞද්ධ ප්‍රතිපත්ති -අගමැති බෞද්ධ ප්‍රතිපත්ති සහ මුලධර්ම පදනම්කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 September 2017
මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි. 21 September 2017
‘උපරිම බලය බෙදීමකට ශ්රීලනිපය එකඟයි‘ නව ව්‍යවස්ථාවක් යටතේ උපරිම බලය බෙදීමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්පුර්ණයෙන්ම එකග බවත් නමුත් ජනාධිපති ධූරයේ අවශ්‍යතාවද ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අදහස වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 21 September 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026