(නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (21) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටි කාලයේදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන මුදල් වංචා කළ බවට අල්ලස් නඩු නවයක් සම්බන්ධයෙන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණ.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂණ කෙරෙන වාහන වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් කරනු ලැබ සිටින ගුණවර්ධන මහතා අද මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අර බන්ධනාගාර දොස්තරවරිය චැනෙල් කරන්න!
ඔව් ඔව් මේ වගේ රට, ජාතියට සේවයක් වෙන පුද්ගලයෝ සිරකරගෙන ඉඳීම අපරාධයක්. එළියට අරගෙන හැකි ඉක්මණින් පරිපාලනයේ යොදවන්න ..
ලක්මවගේ ජාතික ඇදුමටත් නිග්රහ කරනවා.