(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් නව විෂය ධාරාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
උසස් පෙළට හඳුන්වාදුන් එම විෂය ධාරාව ‘වෘත්තීය විෂය ධාරාව‘ ලෙස නම්කර තිබෙන අතර ඉකුත් 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට නව විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදැරිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
සාමාන්‍ය පෙළ අසමත් හෝ ගණිතය අසමත් සිසුන්ට වෘත්තීය විෂය ධාරාව හැදැරිය හැකි අතර පළමු පියවරේදී රටපුරා තෝරාගත් පාසල් 42ක සිසුන් 5000ක් තෝරාගෙන එම වැඩ පිළිවෙල ආරම්භ කරන බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...!!! අනාගතේ දිහා බලලා ගත් තීරණයක් ඇමතිතුමනි, ඔබ නිවැරැදියි.
මෙය ඉතාමත් හොඳ, දුර දිග දැක්මක් ඇති වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල රටේ සියලු පාසල් වලට ව්‍යාප්ත වී සාර්ථක වේවායි ප්‍රර්ථනා කරමි.
මේවා තමයි හොඳ තීරණ... දැන් කවදා ඉඳලද මේක ක්‍රියාත්මක වෙන්නේ... කොහෙන්ද ඉඩ හොයාගන්නේ? කොහොමද ක්‍රියාත්මක කරන්නේ ..? සැලසුමත් මේ ප්‍රවෘත්තියට එකතු කරන්න ඕනෑ නේද?
සා.පෙළ සමත් වුණ ළමයිගෙන් කොටසක් උ.පෙළේදී අසාර්ථක වෙනවා. එතකොට මෙම වෘත්තීය පුහුණුව ලබන ළමුන් රැකියාවකට සූදානම්... උ.පෙළ අසාර්ථක දරුවාට වඩා මොහුන් ඉහළින් .... ඒ වගේම සමහර කැම්පස් ගිය දරුවන් පවා මොවුන්ගේ ව්‍යාපාරික සේවකයන් විය හැකියි. ඉතාම දූරදර්ශී තීරණයක්...
හොඳ අදහසක්. මෙය වඩාත් වෘත්තීය නැඹුරුවක් සහිතව ගෙනඒමට හැකිනම් එමගින් උපාධිය දක්වා අධ්‍යාපනය ලබාගැනීමට ලක්මවගේ දරුවන්හට අවස්ථාව උදාකිරීම වඩාත් යෝග්‍යවේ.
ඉතා හොඳ දෙයක්. මෙම අධ්‍යාපන ඇමතිතුමා සහ නිලධාරීන් යම්කිසි අනාගත දැක්මක් සහිතව වැඩ කරන බව පේනවා. අනික් ඇමතිවරුන්ටත් ආදර්ශයක්.
අපොස සාමාන්‍ය පෙළ විභාගෙන් සමත් වුනේ හතරපාරක් කරලා. උසස් පෙළ සමත් වුනේ තුන්පාරක් කරලා. මම දැන් කැලිෆෝනියාවේ (USA ) සරසවියක භෞතික විද්‍යා මහාචාර්ය වරයෙක්. විභාගෙකින් කෙනෙකුගේ බුද්ධිය මනින්න බැහැ. හැමෝටම දෙන්න ඕනේ අවස්තාවක්. ගත්තු තීරණේ හොදයි. ස්තුතී .
ඉතාම හොඳ දැක්මක් ඇති වැඩක්. අනිවාර්යේම විය යුතු දෙයක්. පරක්කු වෙලා හරි මේ ගත් තීරණය ඉතාමත් හොඳයි. .
මේ අධ්‍යාපන අමාත්‍යංශය ඉතාමත් නිර්මාණශීලී විදිහට වැඩකරනවා....ඔබට සුභ පතනවා...
මේවගේ වැඩ සටහනකට දැනට අවුරුදු හතළිහකට වඩා උඩදී සහබාගි වෙච්ච කෙනෙක් හැටියටයි මේ කියන්නේ. බොහොම පරක්කුවෙලා හරි මේවගේ වැඩපිළිවෙලක් කරන එක ලොකු යහපතක්. මනා කළමනාකර්ත්වයක් ඇතුව කලොත් අපේ රටේ වගේම පිටරටවල අවශ්‍යතාවයන්ද යම් අයුරකින් සපුරාලිය හැකියි. බොහෝ අය දන්නා දෙයක් තමයි අද හරි දැනුමක් ඇති සේවකයෝ ඉතාම අඩුයි. හොඳ මෙසන් බාස් කෙනෙක්, වඩු බාස් කෙනෙක් , මෝටර් කාර්මිකයෙක්, හොයාගන්න එක කොච්චර අමාරුද කියල. ගෑණු ළමයිට උයා පිහගන්න, තමන්ගේ ඇඳුමේ කැඩුණු බොත්තම මහගන්න බැහැ. එතකොට කෘෂි අංශය, ඉස්සර වගා නිලධාරීන් තමයි ගොවියට උපදෙස් දුන්නේ. අද? කොම්පැනියේ වෙළෙඳ මහතා. වස විස හැම තැනම. ඔක්කොන්ටම වැඩිය හොඳදේ තමයි දැනට තරුණ පරපුර යන අගාදයෙන් ගැලවෙන්න මගක් හදල දෙන එක.
මේක වැරදි තීරණයක් මේවා කරන්න එපා මොකද 2014 න් පස්සේ ලියපු ළමයින්ට හරි අසාධාරණයක් වෙනවා ඒක හරිද
සුපිරි වැඩක්. උසස් පෙළ අසමත් ළමයිට මේ වගේ පාඨමාලාවක් ගෙනාවොත් හොද නැද්ද .
රටේ පුහුණු ශ්‍රමික හිඟයට පිළියමක් . අත්‍යවශ්‍ය දෙයක් , පළපුරුදු මේසන් , වඩු යකඩ පෑස්සුම් ජලනළ මෙකි නොකී දහසක් අංශවල පුහුණු ශ්‍රමික හිඟයක් තියනවා. වසර ගණනක් ඉදිකිරීම් කරන මම දන්නවා අත්දැකීමෙන්ම. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්වන්න ඕන නැහැ . අපේ ලංකාවේම දක්ෂයෝ බිහිකරගත්තම .. විභාග අසමත් හැම තරුණයම ත්‍රී විල් එලවන්න ඕන නැහැ .. ජයවේවා