(මනෝප්රිය ගුණසේකර)
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 20 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකළ හා බලපත්ර නොමැති අලියෙකු තම බාරයේ තබාගෙන සිටි බවද, ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියකු බව දන්මින්ම හා ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියකු වංචනිකව තම සන්තකයේ තබා ගන්නා ලදැයි අධිචෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා ගිනිපෙට්ටි දැන් නැහැ.
බුදු හිමියන්ගේ අවසන් බුදුවදනත් මට මතක් වෙනවා. සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං - එ්තං බුද්ධානු ශාසනං
අද බොහෝ ගම්බද මිනිසුන්ට ඇති අලි උවදුර මැඩලීමට ගත හැකි එක් ප්රයෝගික පියවරක් නම්, හැකියාවක් ඇති අයට, වනගත අලි ඇතුන් ඇති කිරීමට ඉඩ දීම. මෙයින් අලියාත්, මිනිසාත් දෙදෙනාම රැකෙයි.
මොන දේ තිබුනත් වනයේ අලින්ට හිංසා කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත.
අරවින්ද මහතානෙනි වනේ අලින් ගෙවල් වලට දාගත් කල උන්ට කෑමට කිතුල් බඩ සහ පොල් අතු සැපයීමෙන් පිරිසකට රැකියා සැපයිය හැකිවනු ඇත. ඒක් පොල් කිතුල් අවසන් කල පිදුරු බත් මාලු කන්න හැකිවේද?
ගීතාගේ නඩුවට වගේ විනුසුරුවන් 5 ක් පත්කර නඩුව අවසන්කරන්න. පන්සල ලග දාලා ගිය අලි පැටිය .නිදොස්කර නිදහස් කරන්න.