(ඉන්දික අරුණ කුමාර / ක.ග කරුණාරත්න)
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයේ ආයුධ කාමරය කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් රිපිටර් වර්ගයේ තුවක්කු 02 ක් සහ බෝර 12 තුවක්කු 02 ක් සොරාගෙන ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුමේ සිට මීටර් 500 පමණ දුරින් පිහිටි මෙම අවි ගබඩාවේ අවි වස්ගමුව ජාතින වනෝද්‍යානයේ ආරක්ෂාව පිණිස යොදවා ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අවි ගබඩාවකි.
අද(22) අලුයම හෝ ඊයේ (21) රාත්‍රියේ මෙය සිදු සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
වනජීවී කාර්යාලයේ ආයුධ කාමරය කඩා එහි තිබූ ගිනි අවි රැගෙන ගොස් වනජීවී නිලධාරීන් විසින් දැක ඇත්තේ අද අලුයම 5.30 ට පමණ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී අමාත්‍යාංශ භාර වගකිව යුත්තන්ට, දැනට රටේ ඒ ඒ ප්‍රදේශ වල පවතින වාතාවරණය මත, මේවා කෙරෙහි වගකිවයුතු ඇමතිවරුන් මේවාට අනිවාර්යෙන් වගකිව යුතුයි. මෙහි අලාබය මොවුන්ගේ මාසික වැටුපෙන් අයකරගත යුතු අතර, කාර්ය සාධනය තුලින් පහල දැමිය යුතුයි. ඉන් පසු මොවුන් නිසි ක්‍රියාමාර්ග වලට එලබෙයි. ආරක්ෂක සේන පිරිවරාගෙන, පාර දෙවනක් කරමින්, රටට පේන්න මන් ඇමති කියල යන එක නොවෙයි හපන්කම. එතකොට මෙහි සිටිය මුරකරු කවුද ? මේවා අසල පොලිසි වලට භාරදිය යුතුයි, සි සි ටි වී කැමරා සවිකරන්න. එසේ නැත්නම් පොලිසි වල ඉන්න ලොකු මහත්වරු කියන පිරිස දැනගතයුතුයි මේවාට ජංගම මුර සංචාර යොදන්න. මොනාද මේ වෙන්නේ .
වරදට දඬුවම් නොමැති එකයි මේ රටේ මෙවන් අයහපත් දේ සිද්ධ වෙන්නේ.......