(අකිල බද්දෙවිතාන, විනීතා එම්. ගමගේ)
මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කිසිදු කටයුත්තක් සඳහා ළමයින් හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.
ඊයේ(21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් සිය විරෝධය පළ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් සල්ලි.....අපරාදේ
මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ශ්‍රීලංකා(ආ) ද ශ්‍රීලංකා (ඒ) ද යුඑන්පී ද කියලා දැනගන්න කැමතියි. (ආ)= ආණ්ඩුවේ. (ඒ)=ඒකාබද්දේ.
නන්දා මලිනී මහත්මියගේ සුන්දර ගීතයක් මතකයට නැගෙනවා. ඔසරි පොටින් අදින්නෙපා වළාකුළුයි ඉරෙන්නේ // රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ//
ඕකත් ඉතින් තවත් එක් පරීක්ෂණයක් විතරයි. කවදාවත් මේකට මුලික වෙච්ච අයට දඩුවම් ලැබෙන්නේ නෑ.. ඕනිනම් ඔය පාසලේ විදුහල්පති හරි ගුරුවරයෙක් හරි වැරදිකාරයා වෙයි.
මධ්‍යම මහ ඇමතිගේ බුද්ධිය පිළිබඳව බලන්න මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ යුතුයි.
මේ ගැන පළ වූ වාර්තා සහ ඡායා රූප අනුව පෙනී යන්නේ මේ රාජකීය මහෝත්සවය, ශ්‍රී ලාංකික අභිමානය, සංස්කෘතිය, සම්ප්‍රදායික ඇඳුම් විලාසිතා, ජාතික අහවල් එක සහ තුන් හෙළයේ මෙව්ව එක පාසල් දරුවන්ට හඳුන්වා දීමට ගත් විශිෂ්ට ප්රයත්නයක් බවයි. ගරුතර අති පුජ්‍ය මහා සංඝ රත්නයද වැඩමකර ඇති බව පින්තුර වලින් දුටුවෙමි. එසේ කොට දරුවන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැදීමට සලස්වා කට්ට අව්වේ කරවීම පවා ඔවුන්ට අමතක කරවීමට සංවිධායකයන් ක්‍රියාකර තිබීමත්, ගරු මහාමාත්යතුමන් පැමිණ මෙම උළෙල රාජ්‍යානුග්‍රහය යටතේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමත් අපි බෙහෙවින්ම අගය කරමු.
සුළු කාරණයක් වෙනුවෙන් මේ මනාළ යුවල හිංසනයට පත්කරන්න එපා. මෙයාට දේශපාලනයෙන් ගාව ගන්ඩ එපා..මෙයට ඕන තරම් ළමයින් හිංසනයට පත් වෙන අවස්ථා තියෙනවා. එහම නම් ජය මංගල ගාථා කියන්ඩද ළමයි ගන්ඩ එපා. එය බාල වයස්කාර ළමයි සේවයේ යෙදවීමක්.....
මේක මහ පිස්සු ලෝකයක්..... මොළේ නැත්ද? ඉස්කෝලේ ළමුන් නිළ ඇඳුම් පිටින් යොදාගෙන පිස්සු නටන්නේ.... විදුහල්පති මේ ගැන වගකිව යුතුයි.....
ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයෙක් තමයි මේක කරලා තියෙන්නේ , එක හින්ද වරදට දඬුවම් නම් බලාපොරොත්තු වෙන්න එපා.....
ඔසරි පොට අල්ලන්න මල් කුමරියන් 200 ක් ගත්තනම් ඉවරනේ. ඔය කතා අහන්නේ වෙන්නේ නෑනේ. වෙඩින් එකත් ලස්සනයිනේ. තවත් ගිනස් වාරිතාවකුත්........ එත කොට අර 40 දෙන හිටියේ නැද්ද? ඔය ඔසරි පොට අල්ලන්න. ෆොටෝ ටික දාන්නකෝ අපිට බලන්න. සුබ මංගලම් !!!
සියලුම ප්‍රතිචාර හොඳයි...පොල් ගෙඩියක් හොරට ගත්තු අයගේ වීඩියෝ, ඡායාරූප පළකරන අයට ඇයි මේ සාරි පොටේ හිමිකාරිගේ නම කියන්න බැරි
ළමයන් අමානුෂික ලෙස හිංසනයට පත්වන අවස්ථා ගොඩාක් තියනවා . කරුණාකර ඒවා ගැන අවධානය යොමුකරන්න . මෙය වැරද්දක් නම් මල්කුමරියන්ටත් ළමයන් ගැනීම වැරදි සියලුම මගුල් ගෙවල් වල .
ළමා ආරක්ෂක අධිකාරියෙන් මීට වඩා රටේ දරුවන් ගැන සෙවිය යුතුයි. විශේෂයෙන් නිවෙස් තුළම විවිධ මනෝ ව්‍යාධි තිබෙන, නපුරු ඉවසිමක් නැති තමන්ගේම අම්මලා අතින් හිංසනයට පත්වෙන දරුවන් ගැන සොයා බැලිය යුතුයි. පිටස්තරයින් ගෙන් විතරක් නෙමෙයි අද වෙනකොට නොදරුවන් මානසික ශාරිරික හිංසනයට පත්වෙන්නේ.
මෙවන් මානසිකත්වයක් ඇති රටක්. මංගල දිනයට දරුවන් ගාණකට පාසල් අධ්‍යාපන කටයුතු පාඩු කරලා..... පිටරටක නම් කෙලින්ම හිරේ.
මේක සුළු කාරනාවක්ලු ! පාසල් නිල ඇඳුම් පිටින් මේ ළමයින්ව පාරට බස්සවාගෙන , මහා මාර්ග අවහිර කරගෙන නටන පිස්සුව පොඩි දෙයක්ලු. දිගම ඔසරි පොට නෙවෙයි දිගම අන්තට්ටුව කාටද තියෙන්නේ කියලා බැලුවානම් හරි !
දෙමව්පියන් තමන්ගේ ළමයින් පාසල් යවන්නේ ආරක්ෂිතව අධ්‍යාපනය ලබන්නයි. එහෙම නැතුව පාර මැද හිටගෙන කාගෙවත් ඔසරි පොටවල් උස්සන්න නෙමෙයි.
දෑන් සාරි පොට කපලා තව මගුල් සාරි 50 විතර හදා ගන්න. අපරාදේ සල්ලි. මිනිස්සුන්ට කන්න නෑ කියන රටේ මගුල් සාරිය ලක්ශ 27.
ලංකාව විකාර දීපයක් වන වගයි......පාසල් ළමුන්ගේ කාලය කා නොදමා ඕනේ දෙයක් කර ගන්නනේ තිබුනේ...අනේ මෙහෙමත් විකාර...
මේ ස්වාසිලන්තයද?
මගුල් ගෙදර මල් කුමරියන් ජයමංගල ගාථා කියන බාලිකාවන් පාරවල් දිගේ හන්දි ගානේ පාසල් නිල ඇඳුම් වලින් පෙනී සිටින්නේ නැහැනේ. මෙතන ප්රශ්නය පාසලට අධ්‍යාපන කටයුතු වලට කිසිම අදාල කමක් නැති විගඩමකට නිලඇඳුම් ලා ගත් පාසල් දරුවන් යෙදවීම.
අපොයි දෙයියනේ මේ ළමයින්ගේ දෙමාපියන් කොහෙද හිටියේ. ඇත්තටම අපේ රටේ අයට පිස්සුද? මේකට ඉඩ දුන්න විදුහල්පතිට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
අර රූපවාහිනියේ මගුල් පෙන්නලා මිනිස්සුන්ව මුලා කරන අය තමයි මේකට වග කියන්න ඕනා.
මේවට ට්‍රැෆික් නෑ.. පාරවල් බ්ලොක් නෑ.. රටේ සැබෑ ප්‍රශ්නයක් වෙනුවෙන් පිකට් එකක් ගියොත් කට්ටිය හෝ ගාලා අනම් මනම් කියයි..ලංකාව නම් හැදෙන්නෙ නෑ මේ කපේදි..
මේවා දකිනකොට මතක් වෙනවා "තනිකර කෙලින්නේ පිස්සු" කියන එක. මෙහි ප්‍රධාන ආරාධිතය මහා ඇමති සරත් මහතා. මට මතක හැටියට මෙයා මහා ඇමති වගේම අධ්‍යාපන ඇමති කියලයි. මේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිකමට මහාමාර්ග ඇමති කමත් එකතු කළා වගේම මෙයටත් අධ්‍යාපන මහාමාර්ග එකතු කලානම් හොදයි. මොකද අධ්‍යාපනය ලබන දරුවන් මෙහෙම මහා මග ගිනි අව්වේ තියාගෙන නටන විගඩමට කෙලින්ම හෝ අනියමින් හරි මෙය සම්බන්ධයි. අන්තිමට මෙයාලා නිදහසේ ඉඳීවි. විදුහල්පති හෝ ගුරුවරු දඩුවම් ඉඳීවි. ඒ කෙසේ වෙතත් මෙහෙම ලෝකෙට අඬබෙර ගහලා ගන්න සමහර මගුල්වල පැවැත්ම කෙටියි. මොවුන්ට එසේ නොවේවායි පතමි.!!
කිසිම පක්ෂ බේදයකින් තොරව, මෙම අසම්මත, විකාර , විකෘති මානසිකත්වයෙන් පෙලෙන මිනිසුන්ගේ නාටක ක්‍රියාවන්ට, නිල පාසල් ඇදුමෙන් සැරසුණු අහිංසක දරුවන් යෙදවීමට, ගිනි රස්නේ හිටගෙන මහ පාරේ රස්තියාදු වීමට ඉඩ දුන් , විදුහල් පතිනිය, පරීක්ෂණයකින් පසුව රැකියාවෙන් ඉවත් කල යුතුය . මෙහෙම දේවල් වලට තම දරුවන් යැවීමට මව්පියන් ඉඩ දුන්න එක හරිම කනගාටුවට කරුණක්.
මනමාලියගේ ඔසරිය උස්සන්න මහ ඇමති තුමා තනියම ඉදිරිපත් වුනා නම් වඩා හොඳයි නේද? අම්මපා මේ මහ ඇමතිලාට විදුහල්පතිලාට කොරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? ඔය වැනි තානාන්තර වලට නුසුදුස්සන් පත් කිරීම වඳුරාට දැලිපිහිය දුන්නා වගෙයි!
අපි හිටපු පැත්තක කුඩම්ම කෙනෙක්, ඒ ගෙදර ලොකුදරුව ළමයි එක්ක සෙල්ලම් කළොත්, අපිට පේන්න දණගස්සවනවා. අපිත් ඉතින් පොඩි කාලේ කර ගන්න දෙයක් නැතිව බලන් ඉන්න එක තමා කරන්න වුනේ. මහා කරුමයක්. එක එක රටවල එක එක මිනිස්සු ඉන්නවා. ඒ කෙසේ වෙතත් හතරවටේ කුණු ටික පිරිසිදු කර ගන්නේ නැතිව කරන විකාර දැකල ලංකාවේ මිනිස්සු ගැන එපා වෙනවා. ලංකාවේ නමට ඉස්සරහින් ශ්‍රී වෙනවට ලොකුකමේ, පන්පොරි, බොරුවේ, වංචාවේ, කයිවාරුවේ, කියල දැම්මානම් හොඳයි කියලා හිතෙනවා.
හතර වරිගේ නෑයන්ට එන්න කියලා ඕක අල්ලගන්න කිව්වා නම් ඉවරයිනේ, අහිංසක ගෑනු ළමයින්ට පාන්දර ඉඳල කරදර කරන්නේ නැතුව....
1981 විතර කොළඹ නීති සංගමයට අලුතින් පත්වුණු සභාපති බන්ටි සොයිසා පිළිගන්න කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ (නව රඟහල නෙවෙයි) රැස්වීමක් තිබුණා. ඒකට බන්ටි සොයිසාව පිළිගන්න ගෙනාවේ කොළඹ විශාඛාවේ බෑන්ඩ් එක. අපේ කෙනෙකුත් ඒ බෑන්ඩ් එකේ එදා ගියා. මට මතක හැටියට සති අන්තයක හවස් වරුවේ. ඉතින් එකෙයි මේකෙයි දෙකේ වෙනසක් නැහැ. එක එක්කෙනාට ඕන විදිහට ඉස්කෝල ළමයි නටවනවා. මට තනි රකින්න යන්න වුනා.
සෑම් මහත්තයෝ. ඔය ඔබ කියන අවස්ථාව මේ මගුල් නාඩගමට සමාන කරන්න බැහැ. 1955 වසරේ බතලගොඩ වී පර්යේෂණාගාරය විවෘත්ත කරන්න එදා අගමැති ජෝන් කොතලාවල මහත්තයා ආපු වෙලාවේ එතුමා පිළිගැනීමේ ගීතය ඉදිරිපත් කළේ ඉබ්බාගමුව මාධ්‍ය විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක්. මාත් ඒ සංගීත කණ්ඩායමේ එක සාමාජිකයෙක් වුණ එක ගැන මම ආඩම්බර වෙනවා. ඒවා පොදු කටයුතු. ඔබ කියන අවස්ථාවත් පොදු එකක්. මේ කොහේදෝ යන මගුල් ජෝඩුවකගේත් ඔවුන්ගේ මහා අයගේත් පුහු මහන්තත්තකම උජාරු කරන්න පාසල් ළමුන් යොදවා ගත්තානම් ඒක වැරදියි. මහඇමතිට ඕන විදිහට ජෝගි නටන්න ළමයින්ව නිදහස් කෙරුවේ විදුහල්පති උන්නැහේ නම් ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි.
විශේෂ ස්ථානයක සෙවනේ මධ්‍යම පළාතේ දේශපාලන ලොක්කයි, ආරක්ෂක නිලධාරීනුයි, තවත් බලධාරීනුයි බොහොම උජාරුවෙන්. පාසල් දැරියන් මහපාරේ, කට්ට අව්වේ කාටදෝ වාර්තාවක් තියන්න රෙද්දක් අල්ලාගෙන. පහුගිය පාලන වකවානුවක් ගැන තමයි සිහියට එන්නේ. එක ඡායාරුපයක දේශපාලන ලොක්කා හරියට රෙද්ද අල්ලන හැටි උගන්නනවා වගෙයි. හොඳයි, ඡන්දේ ඉල්ලන් එන දවසක් තියෙයි නේ, එදාට රෙද්ද ගැලවෙන්නේ නැතිව අල්ලාගන්න හැටි ඉගෙනගෙන එන්න වෙයි.
අපි දැක්ක ඇමති කෙනෙකුත් ඇවිල්ල ඉන්නවා, මහා සංගරත්නයත් වැඩම කරලා තිබුන. මේ කාටවත් පාසල් ළමයි කොහොමද ආවේ කියන එක ප්‍රශ්නයක් උනේ නැනේ.
අද කාලේ සමහර තරුණියනට මෝස්තර නිරුපනයයි පොෂ් වෙන්නයි ප්‍රසිද්ධ වෙන්නයි ඇරෙන්න වෙන මෙලෝ සිහියක් නැහැ. අඩු ගානේ රටේ සිවිල් නීතිය ගැනවත්, සමාජ ඇවතුම් පැවතුම් ගැනවත් කිසිම දැනුමක් නැහැ . දැන් බලන්න වෙලා තියෙන වැඩේ. ප්‍රසිද්ධ වෙන්න ගිහින් නඩු වැටෙන තරමට අමාරුවේ වැටිලා. මේ තරුණියගේ දෙමව්පියන්ටවත් මේකේ බරපතලකම තේරෙන්නේ නැද්ද ?
මේ කාරනාව මම Inna රටේ පුවත්පතක සහ අන්තර්ජාල තීරු ලිපියකත් පල වී තිබුනා. බොහොම නරක විදියට ළමයින්ව නුසුදුසු කටයුත්තකට මාර්ග අවහිර කරමින් යොදා ගැනීම ගැන. මේවා ලෝකයේ අනෙක් රටවල නීති විරෝධී ගණයටයි වැටෙන්නේ. දැන් ඉතින් රටටත් එක්ක බොහොම ආඩම්බරයි.
මෙයට දරුවන් යැවු විදුහල්පතිනියට, දරුවන් යොදාගත් මනාලියට දැඩි දඩුවම් දියයුතුයි. විදුහල්පතිනියගේ දරුවෙක් නම් යවලා නැතුව ඇති කාගෙවත් පොටවල් අල්ලාගෙන අව්වෙ කරවෙන්න. ළමා හිංසනය ගැන විදුහල්පතිනියක් දැනුවත් නැත්නම් වෙන අය ගැන කවර කතාද?
විශේෂිත අවස්ථා වලට පාසල් ළමුන් සහභාගී කර ගැනීමේ වරදක් නැහැ. එව අවස්ථා ළමුන්ට ලැබිය යුතුයි. එය ජීවිතයේ අත්දැකීමක්. නමුත් මෙය විශේෂිත අවස්ථාවක් නොවෙයි. මෙය දේශපාලන හයිය පෙන්නා කල පුහුආටෝපයක් පමණයි. මෙය කිසිසේත්ම සාධාරණීය කල නොහැකියි. ඉහත අදහසකින් ජයමංගල ගීත ගායනය ගැන ප්‍රශ්ණ කර තිබුනා. ප්‍රධාන වශයෙන් ජයමංගල ගායන සඳහා ළමුන් එක් වන්නේ සිය කැමැත්තෙන්. බොහෝ විට ඥාතීත්වයක් ඇති අය. බලහත්කාරයෙන් නොව, සිය කැමැත්තෙන්.
ළමා හිංසනය විතරක් නෙවෙයි මේ තරුණිය සමාජයට නැතහොත් හැදෙන බාලිකාවන්ට වැරදි ආදර්ශයකුත් සපයනවා. ඉතා ගරු කටයුතු විදියට කෙරෙන අපේ විවාහ මංගල උත්සව බහුරු කෝලම් සැණකෙළියක් බවට පත්කර ගැනීම. දැන් ඉතින අපේ ඉදිරියට විවාහ වෙන තරුණ තරුණියනුත් දිගම වේල් එක , බරම නිලමේ ඇඳුම , විශාලම මනාල පිරිස ආදී වශයෙන් දෙමව්පියන්ව උකස් තියලා හරි වැඩ පටන් ගනීවි. අපිට බය එතනිනුත් නොනැවතී උඩරට ඇඳුමින් සැරසී ආගමික ස්ථාන ඇතුලට ගිහින් දිගම සිපවැළඳ ගැනීම ආදියත් ලෝක වාර්තාගත කරන්න යාවිද කියලා .
මේ විදුහල්පතිවරු සිල් රෙදි නඩුවෙන්වත් ඉගෙනගත්තෙ නෑනෙ පාඩමක්, දේශපාලුවෝ කියන කියන දේවල් කරන්නෙ...
ඔබ ගේ අදහස් අගයමි. රජයේ මුදලින් අලවතුගොඩ පාසලක්ඉදිකර එයට තමාගේ නම ගහගත් මේ මහා ඇමති "නොකළ යුතු දෙයක් කර "දැන් ජනතා අපවාදයට ලක් වෙනවා. නුවර ප්‍රධාන බාලිකා පාසලකින් පුලුවන්ද මෙහෙම විකාර වැඩවලට බාලිකාවන් ගන්න..? මෙයට නීතියෙන් නම් කළහැකි දෙයක් නැතිවෙයි . ඔහුට බලතල ඇති බොහෝවිට..! ඔහුගේ නිලතල ,බලතල අනුව කළ හැකිදේ කොපමණද සමාජයේ යහපතට. ර ටේ හැටියට ලු නේ ඔක්කොම...! විදුහල්පති ඇතුළු මහා ඇමැතිටත් විරුද්ධව දැඩි පියවර ගත යුතුයි. අකිල..! මේ ඔබගේ අවධානයට..!
බලධාරින්ට වෙන වැඩ නැද්ද ?