(සංජය මදුශාන්)
මින්නේරිය ජාතික වනෝද්‍යානයට කැළි කසල බැහැර කිරීමට පැමිණි පුද්ගලයකු හා සෆාරි ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තියත් සමඟ හබරණ ප්‍රදේශයේ සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති අතර සමහර සංචාරක හෝටල් තම හෝටල් පරිශ්‍රයේ ඉතුරුවන කැළි කසල මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළට දමා යාම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබේ. හබරණ පොලීසියේ ස්ථානාධිපති වසන්ත පිටිගල මහතාට ප්රදේශවාසියකු ගෙන් ලැබුණු තොරතුරකට අනුව හබරණ පොලීසියේ අපරාධ අංශය හා පරිසර අංශය මගින් කුණු බැහැර කරන පුද්ගලයින් සොයා මෙහෙයුමක් අරඹා තිබේ.
හබරන කඩහත වැව හත ඉස්මත්තේ පිහිටි සංචාරක හෝටලයකට අයත් ජිප් රියකින් පැමිණ කුණු බැහැර කිරීමට යාමේදී අද (22) උදෑසන සැඟවී සිටි පොලිස් නිලධාරීන් කුණු සමග පැමිණි ජීප් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් ජීප් රථයේ අදාල සංචාරක හෝටලයේ නම සඳහන් කර තිබූ අතර එයින් බැහැර වන කැළි කසල මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදාහැර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් ලබන 26 වැනි දා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හබරණ පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් අවශ්‍යයි.... පරිසර රුකීම සඳහා අපි එකමුතු වෙමු. නීති කඩකරන්නන් සඳහා දැඩි දඬුවම් ලබාදිය යුතුයි........ ඔත්තු දෙන්නන්ට මුදල් දඬුවම් දෙමු......
ලොකු තැන ඉදන් පොඩි තැන වෙනකං අපේ සමාජයේ අය පරිසරය කියන එක තුට්ටුවකට මායිම් කරන් නෑ.. සොභා මාතාව අපේ රට අතිශයින් රමණීය විදිහට මවලා තිබුනට එහි ජීවත් වෙන බහුතරය ස්වාභාවධර්මයා කියන එකට පොඩ්ඩක්වවත් සංවේදී නෑ.. තරහ වෙන්න එපා මෙහෙම ලීවට අපේ රට කවදාවත් දියුණුකරන්නත් බෑ, දියුණු වෙන්නෙත් නෑ දැනට තියෙන පරිසරයට ආදරය නැති සමාජය තියනකං.. ඒකෙන් වෙන මොකක්වත් නෙමේ පිළිඹිබු කරන්නෙ රටට ආදරය නැති කමයි,බොරුවට මහපොලොව ඉම්බට,පපුවට තඩි බාගෙන කෑගැහුවට වැබක් නෑ ස්වාභාවධර්මයා මවපු මේ වස්තුව රැකගන්න බැරිනම්.. කෝච්චියෙ යනකොට කීයෙන් කී දෙනාද කාපු කඩල පැකට් එක ජනේලෙන් එලියට විසි කරන්නැතුව හරි විදිහට කුණු කූඩෙකට දාන්නෙ.. හිතෙන්නෙ නැද්ද මේ මගේ රටේ ගසක් වැවෙන්න තියන ඉඩක් නැතිකරන්නේ, රටේ මිනිසුන්ට බොන්න තියන වතුර ටිකක් අපිරිසිදු කරන්නෙ,තමාගෙ සහෝදර රට වැසියෙකුට වින කරන මදුරුවෙකුට බිත්තර දාන්න තැනක් මේ හදන්නෙ කියලා.. කණගාටුයි කියන්න අපේ සමාජයෙ බහුතරයක් ආත්මාර්ථකාමියි.. තමා හැකි ඉක්මනින් සුද්ධ වෙන්න බලන්නෙ රටට අනිත් මිනිහට මොකක් උනත්.. ලොක්කො නෙමේ පොඩ්ඩොත් එහෙමයි..මාතෲ භූමියට ආදරයක් නෑ
මෙයාගේ ජීප් එක රජ සන්තක කරලා... අයිතිකාරයට දැඩි දඬුවම් දෙන්න.