බෞද්ධ ප්‍රතිපත්ති සහ මුලධර්ම පදනම්කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පදනම්කරගැනීම සඳහා වන අතුරු වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(21) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මේබව කීවේය.
රටට ඔබින නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම හිමිවු මෙම අවස්ථාව ගිලිහීමට ඉඩනොදිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.
අද ඉදිරිපත්කරන අතුරුවාර්තාව සාමුහික ප්රයන්තයක්. ආණ්ඩුවත් විපක්ෂයක් එකතුව සිදුකළ කටයුත්තක්. මේ අතුරුවාර්තාව පිළිබද රටතුළ පොදු විවාදයක් ඇතිවේවායි අපි බලාපොරොත්තු වෙනවා. අතුරුවාර්තාව සහ අනුකොමිටු වාර්තා 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේපිළිබඳ ව්‍යවස්ථා සභාව තුළ පමණක් නොව රටතුළම කතාබහ ඇතිවිය යුතුයි. අපි සම්පාදනය කරගතයුත්තේ රටටම බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.
ව්‍යවස්ථා කෙටුම්පත් සකස්කිරීමෙන් පසු අවසාන වාර්තාව සභාවට ඉදිරිපත් කරනවා. ව්‍යවස්ථාවෙන් රට පරිවර්ථනයකට භාජනය කිරීමට හැකිවෙනවා යැයි බලාපොරොත්තු වෙනවා.
කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සභාව රැස්විය.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන එක්ක කුඩා වෙනකොට කුල ප්‍රශ්න, ජාති ප්‍රශ්න ඉස්මතුවෙනවා. සමහර පළාත් වල කුලය මත අසා අසාධාරණකම් වෙනවා. සමහර පැති වල ජාතිය, ආගම මත සමාජ අසාධාරණ කම් වෙනවා. බලගතු අය අනෙක් අයට බලපෑම් කරනවා. මාර්ග පද්ධතිය දියුණුවෙන කොට, තොරතුරු තාක්ෂණය දියුණු වෙනකොට ලංකාව පුංචි වෙනවා. තව අවුරුදු 10 කින් මේ තත්වයට එනවා. පළාත් සභා කියන්නේ මුදල් නැතිකරන, දූෂණය වැඩි කරවන ආයතනයි.
නව ව්‍යවස්ථාව බෞද්ධ ආගම මත පදනම් වුයේ නම් අනිවාර්යයෙන්ම බෞද්ධාගම මෙරට ප්‍රධානතම ආගම ලෙස ව්‍යවස්ථාවේ සඳහන් විය යුතුය. එසේ නොමැතිව බෞද්ධාගමේ එන දානය සහ මෛත්‍රිය කාරණා කොට ගෙන රට බෙදා එක් එක් පළාත් වෙනත් ජන සහ ආගම් කොට්ඨාශ වලට පැවරීම නොවිය යුතුය. මේ ලෝකේ සිංහලයාට තිබුණු එකම රට අපටත් නොකියාම ශ්‍රී ලාංකිකයාට දී හමාරය. නමට හෝ බෞද්ධාගමික රටක් වූ මෙය දැනටම බහුආගමික වී හමාරය. උත්තරීතර හැඟීමක් වූ ස්වජාතික හැඟීම පසුගිය ආත්මාර්ථකාමී පාලකයන් විසින් ජාතිවාදයක් කර දමා විනාශ කර ඇත. ජාති සහ ආගම් වාදය අපේ රටට දායාද කලේ රටවැසියන් නොව අප රට පාලනය කල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එදා සිට පැවත ජරාජීර්ණ දේශපාලකයින්ය.
මේ කරන්නේ රටකට අවශ්‍යම දෙය නම් නොවෙයි.
කව්රුවත් නව ව්‍යවස්ථාවක් ඉල්ලුවේ නැත. මේ තුළින් වසර තිහක යුද්ධයෙන් කරගන්න නොහැකි වෙච්ච දෙය ලියලාම දෙන තත්වයක් උදාවේවි !!!
ඒත් ඉතින් අවුල තියෙන්නේ ලංකාවේ 100% බෞද්ධයෝ නැති එකනේ...
පරිපාලන ඒකකය මොක වුණත් ඡන්දෙන් දිනුවට පස්සේ බහුතරයේ ජනමතය අමතක කොට පක්ෂ මාරු කිරීමට හැකියාව තියෙන ව්‍යවස්ථාවකට අපි කොහොමටවත් කැමති නැහැ...!
බුද්ධාගම තියෙන්නේ රටවල් පාලනය කරන්න නෙවෙයි - සිංහල බෞද්ධ අපිට සිරිසඟබෝ වෙන්න කියන්න නම් එපා සර්...
ඒකීය රටක් සන්ධීය (ෆෙඩරල්) රටක් කරන එක බෞද්ධ ප්රතිපත්තියක්ද? ලෝකයේ මෙතෙක් ෆෙඩරල් ක්‍රමය යොදාගෙන තිබෙන්නේ බෙදුණු රටවල් එක්සත් කරන්න. මේ නිසා මේ කරන්නන් හදන්නේ කුමක්දැයි ලෝකය අන්දමන්ද වී බලා සිටිනු පෙනේ. ජිනීවාහිදී ලෝකයේ පළමු වරට රජයක් තම හමුදාවට විරුද්ධව යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන විට ලෝකය පළමුවරට අන්ද මන්ද වුණා.
හැමෝටම බෞද්ධකම මතක් වෙන්නේ බලය ගිලිහෙන කොට තමයි.
හැට දෙලක්ෂයක ජනතාවක් බලාපොරොත්තු වූ වෙනසේ රඟේ තවත් මතුවට හොඳින් දැනේවි !!
මහ බැංකුවත් ඉවරයි. රටත් කාලාම යයි වගේ...