ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඇතුළත් කොන්දේසිවලට ජාතික රජයේ ප්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන්ද ඊට එකඟවන්නට කැමැති බව ද්‍රවිඩ ජාතික සන්ධානය ලිඛිතව අනුමැතිය පළ කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වේ.
බෙදා වෙන්කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන් සූදානම් යැයිද අතුරු වාර්තාවේ සඳහන්වේ. කමිටු සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී එය සභාගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව කියවා බැලීමි. මහජන නියෝජිතයෙකු පක්ෂය මාරු කළහොත් තම අසුන අහිමිවන බවක් එහි කිසි තැනක නොකියවේ. එසේ නම් මෙම ව්‍යවස්ථාවෙන් ඇති පලය කීම... එවැනි සංශෝධනයක් සහිතව ව්‍යවස්ථාව ගෙන ආවොත් ඊට අපේ පුර්ණ සහයෝගය ලැබෙනු ඇත. බලයේ සිටින නියෝජිතයින් විසින්ම ගෙනෙන ව්‍යවස්ථාව හැම විටම ඔවුන්ගේ වාසිය පිණිස සැකසේ. වෙනත් දියුණු රටවල එය සිදුකරන්නේ ඒ පිලිබඳ විශේෂඥයින් සහ පොදු ජනතාව විසිනි. මහජන අදහස් සැලකිල්ලට නොගෙන මේ අපේ රටේ තනිකර දේශපාලඥයින්ගේ අභිමතය පරිදි සැකසෙන ව්‍යවස්ථාවලින් රටට කිසිඳු යහපතක් නොවන බව ඒකාන්තයි.