(ප්‍රසාද් මුතුකුඩ)
අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක අධිකරණ බල ප්‍රදේශ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයෙන් ඉවත් කර මිනුවන්ගොඩ අධිකරණයට එකතු කිරීම සම්බන්ධයෙන් මීගමුව නිතිඥ සංගමය අද (21) පැවැති මාධ්‍ය හමුවකදි විරෝධය දැක්වීය.
කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක අධිකරණ බල ප්‍රදේශ ඉකුත් 12 වැනි දා සිට මෙලෙස මිනුවන්ගොඩ අධිකරණ බල ප්‍රදේශයට අයත් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් සෘජුවම අගතියට පත්වන පාර්ශවයන්ගෙන් කිසිදු අකාරයකින් විමසීමක් හෝ කිසිදු පූර්ව දැනුම් දීමක්ද කර නැතැයි ද එම සංගමය කියයි.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරිමට කටයුතු කර තිබු බව පැවසෙන හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාව පිලිබදව දැඩි ලෙස හෙලා දකින බව මීගමුව නිතිඥ සංගමයේ සභාපති චරිත ඩි ජයනාත් මහතා පවසයි.
මින් මහ ජනතාවට විශාල පීඩාවකට මුහුණ දීමට සිදුවන බව ද මෙහිදි කියැවිණි.
එමෙන්ම ආගමන විගමන හා අපරාධ දෙපාර්තමේන්තුව යටතේ පවත්වන නඩු වලදී විශාල ගැටළුවක් ඇති බව බවත් ගුවන් තොටුපළ රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් අත්අඩංගුවට ගන්නා නඩු භාන්ඩ මිනුවන්ගොඩ දක්වා ප්‍රවාහනය කිරීමේදි ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති වන බවත් එම සංගමය පෙන්වා දෙයි.ඒ සදහා විශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය වන බවද නීතිඥ සංගමය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට නඩු නැති වෙන නිසා බොරුවට සද්දේ දානවා
අධික මුදල් !!! අයකරන නීති තමයි දැන් ඉන්නේ
මෙහෙමත් රටක අපි ජිවත් වෙමු. ලෝකෙන්ම උතුම් රටේ උතුම් නීතිඥවරු, උතුම් වෛද්‍යවරු සහ උතුම් දේශපාලකයන් සමඟ අපි ලැජ්ජාවෙන් ජීවත් වෙමු.
කටුනායක ගුවන් තොටුපලේ සිට මිනුවන්ගොඩ ට දුර කොපමණද? එමෙන්ම ගුවන් තොටුපලේ සිට මීගමුවට දුර කොපමණද? නීතිඥයන්ගේ කරුණු ඉදිරිපත් කිරීම මෙසේ තමයි. තමන්ට අවාසි වන විට මොනවා හෝ කරුණු ඉදිරිපත් කරලා තමාට වාසිය හරවා ගන්න තමයි බලන්නේ.
මම බය උනා මේ ලඟදි හදපු රණ වේ එක ගෙනියන්න හදනවද කියලා.
මුන් හිතා ඉන්නේ රට මිනිස්සු මොකුන් කියලද? ජනතාව හරක් නෙවේ.... උන්ගේ අදායම අඩු වනවා මිස රටවත් ජනතාවටත් නඩු කටයුතු වලටවත් නැත්නම් භාණ්ඩ ප්රවහනයටවත් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.... මිනුවන්ගොඩ කියන්නේ මීගමුවට වඩා අඩු දුරක් වාහන තදබදය අඩු පාරක් අනෙක පිවිසීමට මාර්ග දෙකක් තියන නගරයක් මේ මුන් කන්නේ මුන්ගේ බඩේ පාර වදින හන්ද කිසිම ගැටළුවක් නෑ .... ඉතාම හොද වැඩක් නීතිඥයන් කියන්නේ ජනතාවගේ ධනය සූරන් කන ජාතියක් එකේ අමාරුව මේ