( විනීතා එම් ගමගේ )
අතීතය ගැන සොයා බලන ආකාරයෙන් වර්තමානය ගැනත් සොයා බලන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එය හැට දෙලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව බවත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
වර්තමානයේ සිදුව ඇති මහ බැංකු සිද්ධිය යහපාලනයට බරපතල කැළලක් බැවින් ඒ ගැන ද විශේෂයෙන් සෙවිය යුතු යැයි ද හෙතෙම පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘‘මහ බැංකු ප්රශ්නයේ දී හිටපු අධිපති කියල තිබුණා තමන් විදේශිකයෙක් නිසා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න වුවමනා නැහැ කියලා. නමුත් ඔහු දේශිය ද විදේශිය ද කියල අදාල නැහැ, ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස සාක්ෂි දෙන්න අවශ්‍යයි.
එහි සිදුවන විමර්ශනවලට සහය දෙන්න ඔහු බැඳී සිටිනවා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා වරක් කිව්වා මම මොහු මහ බැංකු අධිපති කරනවාට මම විරුද්ධ වුණා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා මම පුද්ගලිකව මොහුට වග කියනවා කියලා. එහෙම නම් දැන් රනිල් මහතා වගකිව යුතුයි. මේ සිද්ධිය යහපාලනයට බරපතල කැළලක්.
අපරාධ කළ අයට දඬුවම් දිය යුතුය යන මතය ඉදිරිපත් කළ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විවිධ නම්වලින් පෙනී සිටින සංවිධානවලට අයත් 50 ක් 60 ක් පාර්ලිමේන්තුව ලඟට ඇවිත් කෑ ගහල තිබුණා. නමුත් මේ යුද අපරාධවලට හවුල් වුණ අයගෙන් යුද හමුදාවට සිදුවූ අපකීර්තිය විශාලයි.
ඒ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂයි. ඒ ගැන රජය වහාම කටයුතු කළ යුතුයි. ඒ නිසාම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යංශය පිහිටුවිය යුතුයි. මහින්දලාගේ සට්ටඹියන් පනහක් හැටක් පාරට බැස්සට ඒක නවත්වන්න එපා කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රජයේ වගකීම හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ බලාපොරොත්තු හා ඔවුන්ට යුක්තිය ඉටු කිරීමයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දැලා "මදුවැල් කැඳ බීලද මන්දා"... යහපාලනය නොවේ, ගවපාලනයට වුණත් අශුචි ස්නානය කලාවගේ.
මට අවංකවම දුක අවුරුදු ගාණක් දුක්වින්ද සහ වෙහෙස වී පක්ෂයට වැඩකළ යුඇන්පී කට්ටිය ගැන. පක්ෂයේ අයට වඩා ටයිකෝට් පළඳින ඉංග්‍රීසි පමණක් කතා කරන කොළඹ හත පැත්තේ කරක් ගහන පැලැන්තියට නායකත්වය වඩාත් ලෙන්ගතුයි.
මේ අය ගවපාලනයට කඩේ යන්නේ උපදෙසුත් එක්ක. හැරෙනකොට දැන් මිනිස්සු දන්නවාමොකටද කියලා.. කීයක් හම්බ වුණාද ඕක කියන්න.
මේ හදන්නේ ළඟ එන චන්ද ටික දිනාගන්න ඕනේ නිසා ඒකාබද්ධ විපක්ෂය මට්ටු කරන්න අවශ්‍ය වටපිටාව සැකසීම . ජනවාරි 8 ජයග්‍රහණයටත් මෙවැනිම කඩේයාමක් කලේ ඩොලර් කුට්ටිවලට. මේ උදවිය පළවැනි මහබැංකු හොරකම සිදුකල වෙලාවේ , කිසිම විරෝදය ක් පලකලේ නැහැ. අද නින්දෙන් අවදිවෙලා වගේ කතාව. මේ වගේ හොරකමක් ලෝකේ කොහෙවත් වෙලා නැහැ . ආයෝජකයෝ ඒවිද මෙහෙම වෙනකොට. රටේම ආර්ථිකය ඉවරයි.