(ප්‍රසාද් රුක්මල්)
කොළඹ සිට වැලිමඩට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (22) උදෑසන බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී දුම්රිය මාර්ගයට කඩා වැදීමෙන් දුම්රිය ධාවනයට බාධා සිදුවු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
කන්ටේනර් රථයේ සිමෙන්ති පටවා ගෙන බණ්ඩාරවෙල දෙසට පල්ලමේ ධාවනය වෙමින් තිබියදී අනතුරට පත්ව ඇත.
මේ වන විට දුම්රිය මාර්ගයට කඩා වැටුණු කන්ටේනර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කර දුම්රිය මාර්ගයේ හානිවී තිබෙන සිල්පර කොට යථාතත්වයට පත් කරමින් සිටින බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන මේවගේ සිදුවීම් කීයක්නම් වුනාද ?
මේක අලුත් දෙයක් නොවේ. ලංකාවේ රියදුරන්ට ලැබෙන පඩි අටෙන් එකක් ලබාගන්නා විට නිවුට්රල් ගියරයේ යන්න ඕන. මේ පඩියට කියන්නේ ටැංකි බටා කියල. කලබලයට මේ වැඩේ වැරදුනොත් කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ