(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනයට විසඳුමක් ලෙස විශ්‍රාමික විදුලි සේවකයින් වහාම සේවයට කැඳවීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් 2014 සැප්තැම්බර් 1වැනිදාට පසු විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් නැවත සේවයට කැඳවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(15) නිවේදනය කළේය.
ඒ අනුව එම සේවකයින් තමන්ගේ සේවය ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කැමති නම් තමන් අවසන්වරට රාජකාරී කළ ස්ථානයට වහාම වාර්තා කළ යුතු බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට සීයක් විදුලිබල සේවාවන් විදුලිබල මණ්ඩලයට කරගෙන යන්න දීමෙන් ඔවුන් ඒකාධිකාරයක් ගොඩනගාගත් ආයතනයක් බවට පත් වී ඇත. අත්‍යාවශ්‍ය සේවාවක් ඒකාධිකාරයක් මගින් නඩත්තු වීම නිසා ඔවුන්ට විශාල බලපෑමක් රටට ඇතිකළ හැකිය. ඒ නිසා මෙය ක්‍රමයෙන් විමධ්‍යගත කර බොහෝ නඩත්තු සේවාවන් කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික අංශයට පවරන්න. එවිට රජයේ පිරිවැයද අඩුවන අතර කාර්යක්ෂම සේවාවක්ද සැපයේ. උපාධිධාරීන් ඇතුළු තාක්ෂණික ක්ෂේත්රයේ නව රැකියා සහ නව උපාංග අපගේ විදුලි පද්ධතියට එකතුවී එය රජයේ මුලිකත්වයක් නොමැතිවම නවීකරණය වීමද ක්‍රමයෙන් සිදුවේ. ඉතාලිය වැනි දියුණු රටවල සිදුවන්නේ මෙලෙසයි.
හැට පැන්න අය කොහොමද ලයිට් කණුවලට නගින්නේ. මතක තියාගන්න safety FIRST හොඳේ
පිටිගල දැනටමත් විදුලිබල, නව සැපයුම්, නව ඉදිකිරීම්, නඩත්තු කටයුතු, වාහන ආදිය 80% ක් කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික අංශය මගින් සිදුකරයි.
පිටිගල ඕකත් වරාය වගේ අවුරුදු 100කට විකුණලා දැම්මොත් හොඳ නැද්ද?
මෙයට දියහැකි විසඳුම පැලැස්තර දැමීම නොව, වර්ජනයට සාධාරණ හේතුව වූ 2015 ජනවාරි 8 (මැතිවරණය අතරතුර) ඉංජිනේරුවන් සිදුකරගත් මහා වැටුප් මංකොල්ලය නිවැරදි කිරීමයි.
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දීපව්‍යාප්තව අඛණ්ඩව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ විශ්‍රාමික විදුලි සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය ලබා දීමටත්, විදුලි බිඳවැටීමකදී එය යථා තත්ත්වයට පත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් සිකුරාදා (15) අනිවාර්යයෙන් සේවයට වාර්තා කළ යුතු බව කළමනාකාරිත්වය දැනුම් දීම නිසා ඔවුන් එදින සේවයට වාර්තා කර තිබිණි. මේ අතර 2017.09.01 දා සිට විශ්‍රාම ලැබූ විදුලි සේවකයන් ද නැවත සේවයට කැඳවා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද කළමනාකාරිත්වය පියවර ගෙන තිබිණි. මෙම සේවකයින්ට පොලීසිය යොදා සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. ඉතාම හොඳ ක්‍රියාවක්... හැකිනම් යුධ හමුදාවේ කණ්ඩායම් දෙකක් හෝ තුනක සියලු විදුලිබලාගාර හා ප්‍රධාන සැපයුම් උප සැපයුම් ස්ථානවලට යෙදවීමට හැකිවන පරිදි පිටරටක විශේෂ පුහුණුවක් ලබා දී බල ගන්වන්න...
ඉංජිනේරුවන් අසාධාරණ සහ නීති විරෝධී ලෙස හොර කාපු වැටුප් නැවත අයකරගෙන සැමටම සාධාරණ ලෙස ලබා දෙන්න. එක එක්කෙනාගේ අසාධාරණ වියදම් පියවීමට රටේ ජනතාව සූදානම් නැහැ.
ශාන් ඔයාලා ඔහේ ඉගෙනගෙන කියවන්න එපා... නැවත සේවයට එන සෑම සේවකයෙකුට ආරක්ෂාව දෙන්න තවත් ආරක්ෂක නිලධාරීන් ඉන්නවද?