ප්‍රදීප් කුමාර ධර්මරත්න
විහාරස්ථානයකට අයුතු ඇතුළු වීයැයි අරණායක ප්‍රදේශයේ රජ මහා විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අයුතු ඇතුල්වීම, සාපරාධි සාවධ්‍ය පරිහරණය, අන්අයෙකු ලෙස පෙණීසිටීම යන චෝදනා යටතේ මෙම හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මහනුවර මල්වතු මහ විහාරයේ භාරකරුවකු යටතේ පාලනය කෙරෙන රජමහා විහාරයට මෙම හිමිනම අයුතු ලෙස ඇතුල්වී එහි වැඩවෙසෙමින් කටයුතු කිරීම නිසා දැනට විහාරයේ භාරකරු ලෙස කටයුතු කරන ගිහියකු විසින් කරන ලද පැමිනිල්ලක් අනුව මෙම හිමි නම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුන් වහන්සේලාට නින්දා, අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන බව අපේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ ඊයේ කියලා තිබුණා නේද? මෙන්න උන්වහන්සේට එකට හොඳ අවස්ථාවක් !!
පිණ්ඩපාතේ වැඩමවලා ආධාර එකතු කරන්න තවත් අවස්ථාවක්... ද?
ඇත්තටම මේවගේ දේවල් අපේ රටේ බුද්ධාගම පිරිහී යාමට ප්‍රධාන හේතුවක්. අද කරන්නේ පන්සලේ මොකක් හරි එකක් අටවන්න කියලා සල්ලි එකතු කරන එකයි. අනිත්‍යය ලොවටම පෙන්වමින් බුදු දහමත් අනිත්‍ය අනාත්ම ලක්ෂණ පෙන්වනවා.
ගිහිකෙනෙක් මොකද විහාරස්ථානයේ... එයා ගෙදර ඉන්නේ නැතිව... නැත්නම් හාමුදුරුවෝ ඉවත් වෙන්න ඕනෑ. මල්වතු පාර්ශවය විසින් හාමුදුරුවන් වන ඔවුන්ගේ පාර්ශවය ගැන වගකීමෙන් බලන්න ඕනෑ. ගිහියා ඉන්න ඕනෑ පන්සලට දුරින්, හමුරුවන් යටතේයි ගිහිය ඉන්නේ.
නිවනට අදාළ වන්නේ බුදුන් දෙසු මාර්ගය මිසක් ඉන් පරිභාහිර ගස්, ගොඩනැගිලි, ඝණ්ඨාර, කහ රෙදි, මල් පහන් සහ හඳුන්කූරු නොවේ.
බුද්ධ ශාසනයේ පිරිහීම මල්වත්ත, අස්ගිරිය, අටමස්ථානයයි. මේ හැම ලොකු පන්සල් වල තත්වය මේකයි. මේක ලොකු හාමුදුරුවරුන්ගේ බූදලයක් වෙලා... පන්සල් අයිති කරගන්න මහණ කරගන්නේ ලොකු හාමුදුරුවරුන්ගේ නෑදෑයෝම, මහණ වෙන්න නැත්නම් මහණ නොවුණු නෑදෑ ගිහි කෙනෙකුට දෙනවා. පන්සලයි පන්සලට අයිති දේපල බලාගන්න, ලොකු හාමුදුරුවෝ අපවත් වුණාම පන්සල් ආශ්රිත පුරවිද්‍යා භාවනා කුටි ලෙන් ඔක්කොම මේ විදිහට පුද්ගලික දේපල වෙලා, මහණ දම් පුරන වෙන අයට ඇතුළු වීම තහනම්....