ඇමැති දෙදෙනා ගැන සම්පන්දන්ගෙන් සහතිකයක් ඉල්ලයි උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී.සත්යලිංගමෙගේ සහ පී.ටෙනීස්වරන් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා සහතික වන්නේ නම් තමන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට සූදානම් යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සදහන් කරයි. 18 June 2017
විදේශීය සහල් ඕනෑ නැතිලු විදේශීය සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍ය පරිදි වී තොග පවතින බවත් සමස්තලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියයි. වී තොග සඟවා රට තුළ සහල් මිල ඉහළ දමා තිබෙන බව ද ඒ මහතා කියයි . 18 June 2017
විශ්වාස භංගය නිසා දෙමළ සන්ධානය දෙකඩ වන ලකුණු උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගැනීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ ඉතිරි පක්ෂ ත්‍රිත්වයම සන්ධානයෙන් ඉවත් වී වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය. 18 June 2017
ඕමාන් ගිය ලාංකික කතට වසර 13කට පසු වැටුප් වසර 13කුත් මාස 9 ක් තිස්සේ හාම්පුතුගෙන් කිසිදු වැටුපක් නොලැබ ඕමානයේ ගෘහසේවයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට හිමි විය යුතුව තිබූ රුපියල් ලක්ෂ 36කට ආසන්න හිඟ වැටුප් අදාළ හාම්පුතුගෙන් අය කර ගැනීමට ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත. 18 June 2017
අයිලිය රක්ෂිතය වනසා ඉඩම් අල්ලා ගනිති විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ආසන්නයේ පිහිටි අයිලිය රජයේ රක්ෂිතය යාබද රජය සතු කැලෑව ජාවාරම් කරුවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත් පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. 18 June 2017
දුම්රිය රියදුරු-නියාමක වැඩවර්ජනයක් අනිද්දා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකරවරුන් ලබන අඟහරුවාදා (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක යෙදෙන බව රියදුරු හා නියාමක සංගම් පවසයි. 18 June 2017
ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. 18 June 2017
ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට අද (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි. 18 June 2017
තාරකා ඉබ්බන් 2089ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089ක් සහිත ගමන් මලු හතරක් සමග සැකකරුවකු සහ යාත්‍රාවක් කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේ දී අද(18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක නාවික කඳවුර පවසයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 18 June 2017
උසස් පෙළ සිසුහු 700 ක් පැදුරේ උගනිති හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති. 18 June 2017
මට විරුද්ධව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොළඹින් - විග්නේශ්වරන් තමන්ට එරෙහිව කොළඹ සිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 18 June 2017
ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන් දැනට ලැබී ඇති තොරතුරු අනුව බටහිර ලන්ඩනයේ උතුරු ග්රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පසු 58 දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.ඔවුන් මිය යන්නට ඇතැයි ද පොලිසිය අනුමාන කරයි. 18 June 2017
පළමු කිලෝමීටරයේ ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළට ත්‍රීරෝද රථ පළමුවන කිලෝමීටරයකට අය කරන ගාස්තුව ලබන 10 වැනි දා සිට රුපියල් දහයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි. 18 June 2017
ආපදාවට ලක්වූ නිවාසවලට අත්තිකාරම් දෙන්න රජයෙන් කෝටි 15ක් ගංවතුර,නාය යෑම් හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් හානියට පත් නිවාස සහ ගෘහ උපකරණවලට ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් කෝටි 15ක මුදලක් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. 18 June 2017
හිතවතාගේ බිරිඳට කවටකම් කළාට මන්නා පහරින් මරුට තම බිරිඳට නිතර විහිළු කරමින් ඇය කෝපයට පත් කිරිමෙ පුරුද්ද අත් හරින ලෙසට දි ඇති අවවාද නොපිළිගත් පුද්ගලයකුගේ හිසට කොටා ඝාතනය කර පලා ගිය බව කියන පුද්ගලයකු අද(18) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 18 June 2017
පැරණි පෙම්වතාගේ පිහිපහරින් එක්දරු මව මරුට කලින් පෙම්වතා බව කියන තරුණයකුගේ පිහිපහරට ලක්වූ එක්දරු නුගේගොඩ දෙල්කඳ පරණ කැස්බෑව මාර්ගයේ සූරියමල් මාවතෙ දී මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි. 18 June 2017
වෙඩි වැදීමකින් නාවික සෙබළුන් දෙදෙනෙක් රෝහලේ වෙඩි වැදීමකින් ලත් තුවාල සහිතව නාවික සෙබළුන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත. 17 June 2017
කසළ ඉවත් කිරීමෙි කටයුතුවලට ත්‍රිවිධ හමුදා සහාය - ඇමති රාජිත ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමෙි කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 17 June 2017
කෝටි 3 ක කේරළ ගංජා කිලිනොච්චියෙන් අල්ලයි ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් මෝටර් රථවලින් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 260 ක් සමඟ පුද්ගලයකු අද(17) කිලිනොච්චිය සංගුපිට්ටි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පූනරීන් පොලිසිය කියයි. 17 June 2017
ඩෙංගු මදුරු මර්දනයට බැක්ටීරියාවක් ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 17 June 2017
අයිස් මත්කුඩු සමග තරුණයෝ දෙදෙනෙක් සැකපිට අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. 17 June 2017
රුසියාවට සහ ඉරානයට ඇමෙරිකාවෙන් සම්බාධක රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය. 16 June 2017
විග්නේෂ්වරන් වැරදිකරුවන් ආරක්ෂා කළ බව සුමන්තිරන් කියයි උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රධානතම හේතුව දූෂණ චෝදනා සනාථ වූ සිය සමීප අමාත්‍යවරුන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් නිර්දෝෂී යැයි සනාථ වූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යධූර අත්හිටුවීම බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය. 16 June 2017
රාජකාරිය හරියට කරන බව විග්නේෂ්වරන් කියයි ‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා. මගේ සේවය දිගටම ජනතාවට ලබා දෙනවා. ‘ යැයි විශ්වාස භාගං යෝජනාවක් ඉදිරිපත් වී ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය. 16 June 2017
දැරිය අපයෝජනය කළැයි ලාංකික සරණාගතයා හිරේට තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටින හය හැවිරිදි ලාංකික දැරියකට ලිංගික බලහත්කාරකම් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවකට එම කඳවුරේ සිටි තවත් ලාංකිකයකුට ඉන්දියාවේ අධිකරණයක් වසර තුනක සිර දඬුවම් පමුණුවා ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 16 June 2017
අකුණු සන්නායක කොල්ල කෑවාට පොලිසියේ 5 ක් ඇතුළු 4 ක් යළි රිමාන්ඩ් අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමානඩ් භාරයේ සිටින නව දෙනා ජුනි 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (15) නියෝග කළේය. 16 June 2017
පිළියන්දල වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු රඳවාගැනීමට අවසර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද(16) අවසර දුන්නාය. 16 June 2017
ගෝනපොල කාන්තාවක් ඝාතනය කරයි ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් (55) පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 16 June 2017
මාධ්‍යවේදීන්ට බැන වැදීම ගැන ඇමැති ජෝන් කණගාටුව පළ කරයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ සිය නිවසේදී මාධ්‍යවේදීයකුට බැන වැදීමේ සිද්ධිය සබන්ධයෙන් තමා කණගාටු වන බව අමාත්‍යවරයා අද (16) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කීවේ. 16 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026