(ඉන්දිකා රාමනායක)
දිනුම් අංක නොමැති සහ දිනුම් අදින දිනයක් සඳහන්ව නොමැති ගොවිසෙත ලොතරැයිය වෙළෙදපොලේ ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය අද (12) ඒ මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වංචා විමර්ශන අංශය කියයි.
කොළඹ වංචා විමර්ශන අංශයේ ඒකක හයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද පස්වරු 3.30 ට පමණ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවස වෙත ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් ඉකුත් ජුලි මාසයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී වංචනික ටිකට්පත් බව පවසමින් ඒ මහතා මෙම ටිකට් පත් 10 මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ලොතරැයි මණ්ඩලය වංචා විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලක් අනුව මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයට ඉන්න සුපිරි මොල
මාධ්‍යට කියන්න ගියදෙය නොවෙයි කිවුනේ කියයි.
මේ මනුස්පය කියපු පරිදි, මාසෙකට රුපියල් 2500 කින් මුළු පවුලකටම කන්න දෙන්නද මේ වගේ ලොතරැයි පත් හදන්නේ ? මෙවැනි ටිකට් පත් විකුනනේ කොහේද, එකක විකිණුම් මිල කීයද කියලත් කිවුවානම් හොඳයි නේද හිටපු ඇමතිතුමනි ?
මේ වගේ අය කියන කතා වලට මොකට කරදර වෙනවද?
නා ගැනීම කලාවක් නම් බන්දුල එහි පිකසෝය
මෙතුමාට හොදම දඩුවමක් දෙන්න.මොකද පෙන්නපු ලොතරය් කොලේ බොරුවක්.මෙහෙම රජ වෙනුවෙන් බොරු කියන පුද්ගලයෙක් මේ රටෙත් නැහැ සක්වලෙත් නැහැ.ඒකාලේ මෙය කොහොම ගිලල ඇත්ද?
'හෙලිදරව්' හැටියට ආණ්ඩුව, විපක්ෂය, රූපවාහිනී මාධ්‍ය, පුවත්පත් කරන ප්‍රචාර ඔක්කොම විභාග කරන ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට ඒවයෙ ඇත්තක් තියෙනවනම් ඒ හොරකම් / පාඩු වලක්වගන්නත්, නිකරුණේ 'චෝදනා' කරන අයට ඒ නිසා ඇතිවන තත්ත්වයන්ට මූන දෙන්නත් සිදුවෙයි. දැන් පුවත් පත් සාකච්චා තියෙන විදිහට මහජනයා මුලා වීම පමණයි වෙන්නේ.
හෙට කියයි මම විවස්ථාවේ තියන දෙයක් කිවේ . මේකට විරුද්දව අපි ඒකාබද්ද විපක්ෂය ජනතාව සමඟ කමිටුවක් පත්කරලා ක්‍රියාමාර්ග ගන්නවා කියලා.
මේක හොඳ ප්‍රවේශයක් , ඔය ඒකාබද්ද කට්ටිය කැත නැතුව හිතෙන හිතෙන බොරු මාද්‍ය සාකච්චා මගින් සමාජ ගත කරනවා, ඇත්ත වගේ බොරු ලියකියවිලි පෙන්නනවා , තිස්ස අත්තනායක කලෙත් ඔය දෙයමයි. කුමන පක්ෂයක වුනත් මහජනතාව ව්හිලුවකට ගන්න මෙවැනි වංචා කාරයින්ට තිත තැබිය යුතුයි.
මෙයාව හොඳටම ගැලපෙන්නේ අර පිණ්ඩපාතේ යන්න සුදානම් වෙන පිරිසට.
මේ වගේ අය කියන ඒවා කවුද ගණන් ගන්නේ? මේවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා.
රුපියල් 2500 කින් පවුලක් මාසෙයක් ජිවත් වෙන්න පුළුවක් කියපු අය ගැන මහජනයා අවදියෙන් ....
මෙයාලගේ මුලිකත්වයෙන් අටවාගෙන තියෙන ඒකාබද්ද විපක්ෂයේ අච්චු කන්තෝරුවේද මේ ටිකට් මුද්‍රණය කරලා තියෙන්නේ ? හොඳ විධිමත් පරීක්ෂණයක් කලොත් ඔක්කොම ලොක්කෝ රජයේ බෝඩිමට යවන්න හැකි වෙයි !!!