( මුදිතා දයානන්ද )
19 වැනි ව්‍යවස්ථාව කියවන ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන බව ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
“හොරකම් අතටම අහුවුණාට පස්සේ මහින්ද රාජපක්ෂලා ලලිත් වීරතුංග ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නිලධාරියෙක්ද යන සාකච්ඡාවක් පටන් අරන්.දැන් කතාකළ යුත්තේ ඔහු ව්යාවස්ථානුකුල හොරෙක්ද නැද්ද යන්න නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙකුට වුවත් ජනතා දේපළ ජනතා මුදල් අවභාවිතය කළ හැකිද යන්න ගැන “
“19වැනි ව්‍යවස්ථාව කියවන්න කියලා අපි මහින්ද රාජපක්ෂට කියනවා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති ලේකම් රාජ්‍ය නිලධාරියෙක්. 19 සංශෝධනයට පෙර වුවත් ජනාධිපති ලේකම්වරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ නොහැකියි. ඔහුට ජාත්‍යන්තර නීතියවත් කඩ කරන්න බැහැ. ලිඛිත නීතියක් අනුව කටයුතු කළ යුතුයි. ඔහු රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි නම් පාරේ යන මිනිහෙකුට කොහොමටත් බැහැ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් තමන් කැමති දේවල්වලට යොදවන්න. රටේ කාටවත්ම ජනතා මුදල් අවභාවිතා කරන්න බැහැ.
මහින්ද රාජපක්ෂ කියනවා මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව කි‍්‍රයාත්මක වුණා කියලා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නම් එය අයවැය ප්රකාශනයට ඇතුළත් විය යුතුව තිබෙනවා. නමුත් අයවැය ප්රකාශනවල එය යෝජනාවක් ලෙස සඳහන් වෙන්නේ නැහැ. ඒවගේම ටී.ආර්.සී. එක අදාල වර්ෂයන් සඳහා ඉදිරිපත් කරන කි‍්‍රයාකාරී සැලැස්මේ එම ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස සඳහන් කළ යුතුව තිබෙනවා. නමුත් මේ කිසිදු ලියවිල්ලක සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස සඳහන් නොවන බව අධිකරණයේදී ඔප්පු වුණා. ඒ නිසා රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදුවූ බව ඉතා පැහැදිළියි. තීන්දුව දුන්නට පස්සේ මහින්ද රාජපක්ෂ කියනවා වගකීම බාර ගන්නවා කියලා. නමුත් අධිකරණ කි‍්‍රයාවලිය යන අතරතුර එම වගකීම බාර ගත්තේ නැහැ. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
හේරත් මහතා මෙසේ පැවසූයේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදි, ලලිත් වීරතුංග මහතා ව්‍යාවස්ථාවට අනුව රාජ්‍ය නිලධාරියෙක් නොවේ යැයි මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත හේරත් මන්ත්‍රිතුමා මෙහෙම හිතන්න. අක්කර දහයක පොල් වත්තක් බලාගන්න මිනිහෙකුට දෙනවා. ඒ මිනිහ පොල් වත්ත හොඳින් බලාගෙන යනවා. ඒ මිනිහා තමුන්ගේ ආහාරය පිණිස ඒ වත්තෙන් පොල් ගෙඩි කීපයක් ගන්නවා. අයිතිකාරයා මේක දැනගෙනත් සද්ද නැතුව ඉන්නේ ඔහුගෙන් වෙන සේවය ඊට වැඩි නිසා. ඔහුට වෙනම වැටුපක් ගෙවන නිසා එසේ නොගත යුතු ය කියල ඔබට කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රයෝගික වෙන්නේ නැහැ. කව්රුත් දේශපාලනයට එන්නේ තමුන්ට බලයක් වාසියක් ගන්න. ඔබලගේ පක්ෂය එක තැන පල් වෙන්නේ ඔය බොරු පුහු මත තර්ක නිසා. ඔබලාටත් බලය ලැබුනොත් කරන්නේ ඔය ටික තමයි.
නෝ කතා
මහින්ද කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීල වැඩකරන්න කියල ව්‍යවස්ථාවේ තියනවා කියල. ලංකාව මුස්ලිම් අපිටත් අයිතියි. ඒක නිසා ඔය ව්‍යවස්ථාව වෙනස්කල යුතුයි.
බලය අහිමිවිම මත සිහිය විකල් වෙලා වටේ ඉන්න අය වැඩේ තවත් අල කරනවා
විජිත හේරත් මහත්තයෝ මහින්දට දැන් ඕවා කියෝලා තේරුම් ගන්න බැරි මානසික තත්වයක ඉන්න බව පෙන්නේ නැද්ද ? ඒ මනුස්සයගේ හිතේ පැසවමින් තියෙන්නේ ආයෙත් වරක් මොන උප්පරවැට්ටියක් හෝ දාල පරණ ජොබ් එක ලබාගෙන, දස වසරක් තිස්සේ කරලත් ඉවරකරගන්න බැරි වුන පවුල් සංවර්ධනය කිරීමේ උදාර වැඩ කොටස නිම කරගන්නේ කොහොමද කියන එකයි.... පව් නේ !!!!
ලොකු මල්ලි ඔයාල වගේ මෝඩයෝ නිසා තමයි ලන්කාවට මෙහෙම වෙලා තියෙන්නෙ
ලොකු මල්ලී , ඔබලා වැනි නුගත් අය පාර්ලිමේන්තු ගොස්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ දේවල් වලට අක්කර දහයක පොල් වත්තක සිදුවීමක් සම කරන්නේ. ඔබ කියනා 'කව්රුත් දේශපාලනයට එන්නේ තමුන්ට බලයක් වාසියක් ගන්න' යන 3 වැනි ලෝකෙයේ ජිවත් වන මිනිසුන් සිතන අයුරින් මිදෙන්න. නැත හොත් ඔබගේ අපගේ දූ දරුවන්ට රැකියා ස්ථාන මාරුවකට උවද කිසියම් වලත්ත නොහොබිනා දෙයක් කිරීමට සිදුවන්නේය.
මම පන්සලේ පින්කටේ කඩලා එම මුදල් වලින් බිරිදට සිල් රෙද්දක් ගත්ත ...මම නිවැරදිකරු නේද අපේ හාමුදුරුවනේ
මේ සිල් රෙදි බෙදීම සිද්ධ වෙච්ච කාලේ 19 වන ව්‍යවස්ථාව තිබුනේ නැහැ නේද ? ඉතින් එය අදාල වෙන්නේ කොහොමද ?
19 වන සංශෝධනය කියවලා උපදේසේ දෙන්න ඇත්තේ දවල් ඩැනියල් රෑ රැපියල් වෙන්නැති. ඒ සමග වංශ ගේ උරු මොලේ වැටුනම නියම සුප්පෙක.
වංචාව කරලා මේක වංචාවක් නොවෙයි කියලා ගහන පච ගොඩ .. මම අහනවා මේ හොරුන්ට කඩේ යන වුන්ගෙන් ඔබලා පිළිගන්නේ හොරු මාද්යෙන් කියන පචද ... නඩු අහලා උසාවියෙන් දෙන තීන්දුවද කියා ?
කියෙව්වත් තේරෙන්නේ නෑ!
අපි මහින්දට කැමති නෑ.ඒ වගේම ඔය ජාතිවාදී, ගෝත්රවාදී අදහසට කැමතිත් නෑ. ඒ තමයි අපේ ජීව්තය, අනනයතාවය. ඒ අදහස ඉල්ලා අස් කර ගත යුතුයි.
ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් දෙමළ, මුස්ලිම් අවශ්‍යතාවයන් බෞද්ධ අවශ්‍යතාවයන්ට වඩා ප්රමුඛව ඉටුවෙනවා. ඒ කාලෙත් ඒකයි ...දැන් වෙන්නෙත් ඒ දේමයි. රාජ්‍ය සේවයේ අයට වැටුප් වර්ධක ලබාගැනීම සඳහා දෙමළ භාෂා විභාග සමත් වීම අනිවාර්ය කළේ පෙර රජය කාලෙදි ... මේ නිසා අද ගොඩක් සිංහල රාජ්‍ය සේවකයින් විශාල අපහසුවකට පත්වෙලා තියෙනවා ... මේ විභාග වල (විශේෂයෙන් භාෂා සම්මුක පරීක්ෂණය ) පැමිනෙන දෙමළ/මුස්ලිම් නිළධාරීන් අපේ අයට සලකන්නෙ පහත් විදිහට. ගොඩක් ඉහළ රාජ්‍ය නිළධාරීනුත් (පරිපාලන සේවයේ අයත් ඇතුලුව ) මේ විභාග සමත් වෙන්න බැරුව අපහසුතාවයට පත්වෙලා තියෙනවා.