(තරිඳු ජයවර්ධන)
යාපනයේ ශිවනෝගයාදන් විද්‍යා දැරිය මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරියැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා රුපියල් ලක්ෂ තුනක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහරින ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (13) නියෝග කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණ බාරයේ තබන්නැයි ද නියෝග කළේය.
සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් සෑම මසකම පළමු සඳුදා දින රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසත් ඇප කොන්දේසි නියම කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ, කවුරු හරි කියා දෙනවද මට, යාපනය මහාධිකරණයේ ඇහෙන නඩුවක සැක කරුවෙක් නේද? එහෙම කෙනෙක් ගැන ඇප තීරණය දෙන්න මහේස්ත්‍රාත් උසාවියකට පුළුවන්ද? කරුණාකර මට කියලා දෙන්න.