හිටපු ජේඑම්ඕ සම්බන්ධ පරීක්ෂණ ජූනියේ අවසන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධ පරීක්ෂණය මේ මාසයේ දී අවසන් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාට අද(15) දැනුම් දුන්නේය. 15 June 2017
විග්නේෂ්වරන් ඉවත් කිරීමේ යෝජනාවක් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසියේදී මහඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි. 15 June 2017
කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ගිවිසුමක් ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් - 15 ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. 15 June 2017
අකුණු සන්නායකය කොල්ලකෑවාට පොලිසියේ 3 ක් අත්අඩංගුවට බොරැල්ල පොලිසියට අනියුක්ත කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (15) කොළඹ දකුණ කොට්ඨාස බල ගැන්වීමේ ඒකකය මගින් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 15 June 2017
සිසුවිය කහඉර මතදී ටිපර් රියට බිලි නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේ කහඉරක් මතදී පාර මැරුවු පාසල් දැරියක ගැටී මියගොස් ඇතැයි නානුඔය පොලිසිය කියයි. 15 June 2017
තැපෑල අද සිට යළිත් සුපුරුදු රාජකාරි අරඹයි පසුගිය දින දෙක පුරා පැවැති තැපැල් වර්ජනය අද(15) අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 15 June 2017
කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන් ලංකාවේ දිනකට එකතුවෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි. 15 June 2017
වෙඩි තැබීමෙන් පසු පාර සුද්ධ කරලා පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තමා දුරකතනය ආරෝපනය කිරීම සඳහා (චාර්ජ් කිරීම) පොලිසියට ගොස් සිටි බව සැකකාර බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන කීවද වෙඩි තැබීම වූ අවස්ථාවේ ඔහු එම ස්ථානයේම සිටි බව සෙසු නිලධාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වන බව රහස් පොලිසිය අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය. 14 June 2017
රතුපස්වලදී වෙඩිතැබූ බ්‍රිගේඩියර් දේශප්‍රියට යුද හමුදාවෙන්ම චෝදනා රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇතැයි ද, සිද්ධියෙන් මාසයක් ඇතුළත එම විමර්ශන අවසන් කර නිගමන ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය. 14 June 2017
උතුරු මහ ඇමැතිට විශ්වාසභංගයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 14 June 2017
සැකකරු මුදා හළ පොලිස් ලොක්කා නිදැල්ලේ යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයට දින නියම කර ඇතත් සැකකරුවකු මුදා හැරීමට ආධාර අනුබල දීමට සම්බන්ධ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ගැන නීතිපති උපදෙස් තවමත් නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 14 June 2017
කුණු ප්රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 14 June 2017
ලන්ඩන් ගින්නෙන් 12ක් මරුට : 65කට තුවාල බටහිර ලන්ඩනයේ උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (14) අලුයම ඇති වූ ගින්නකින් හයදෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 14 June 2017
ඥානසාර හිමියන්ගේ පෙත්සම සලකා බැලීම ලබන 22 අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) තීන්දු කළේය. 14 June 2017
ලන්ඩන් ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ බටහිර ලන්ඩනයේ, උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (14) ඇතිවූ ඇතිවූ ගිනි ගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටවත් අනතුරක් සිදුව නැතැයි විදේශ කටයුතු අමාතයාංශය පවසයි. 14 June 2017
මුතුරාජවෙල පෙත්සමට කරුණු දැක්වීමට නීතිපතිට කල්දෙයි මුතුරාජවෙළ අභය භූමියට කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ කරුණු සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. 14 June 2017
ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන, පශු සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ දැනුම්දීම අනුව එම ඉල්ලීමට ගරුකොට සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව උතුරු පළාත් පළාත් ඇමැති පී ඓන්ගරනේෂන් මහතා පැවසීය. 14 June 2017
සෞදි පොදු සමා කාලය 25න් අවසන් නීත්‍යානුකූල නොවන අයුරින් සෞදි රාජ්‍ය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සිටී නම් ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය තුළ එරටින් පිටවන ලෙසත් ඇතිවිය හැකි අනවශ්‍ය දුෂ්කරතා එමගින් මඟහරවා ගතහැකි බවත් සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. 14 June 2017
හේන්දෙවිතාරණගෙන් පැය අටක් ප්‍රශ්න කරයි උතුරු නැගෙනහිර කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත් ආයතන කිහිපයකින් මිලියන ගණනක මුදල් සිය ගිණුමට බැර කරගෙන ඇතැයි කියන පැමි‚ල්ලක් මත ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය අද පැය 8 ට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය. 14 June 2017
ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කිරීමට වැඩ ඇරඹෙයි ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කර ඇති ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබාදීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත. 14 June 2017
හූනියම්වලින් සැලෙන්නේ නෑ-ජනපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.. 14 June 2017
උතුරේ ඇමතිවරුන්ගේ වැරදි හොයන්න ලක්ෂ 20ක් වැය වෙයි උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ වංචා හා දූෂණ විමර්ශනය කිරීමට පත්කළ කමිටුව වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් වැය වි ඇතැයි උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා පවසයි. 14 June 2017
විගණකාධිපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට චෝදනා මහ බැංකුව මේ වන විටත් සෘජු ස්ථානගත කිරීමේ ක්‍රමයෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම් සිදු නොකරන හෙයින් ඉන් ඇති වන ප්‍රතිවිපාක වලට මහ බැංකු නිලධාරින් වගකිවයුතු යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද(14) පැවසීය. 14 June 2017
නාමල් සමග අරණායක ගිය රාජ්‍ය නිලධාරීන් අමාරුවේ “අරණායකට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සමග වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින්ට නිතීය තදින්ම ක්රීයාත්මක කරන ලෙස කෑගල්ල දිසාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි. 14 June 2017
සංහිදියාවට බාධා වුනොත් නව නිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියා කරන අයට විරුද්ධව නීතිය අනුව පියවර ගැනීම සඳහා පොලිසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. 14 June 2017
ඉතාලියේ සීට්ටු සල්ලි මාරවිල උණුසුම් කරයි ඉතාලියේ නාපෝලි නගරයේ සිට ශ්‍රී ලංකිකයින් සමග සීට්ටු මුදල් එකතු කිරීමෙන් සහ පොලියට මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකු නිසා මාරවිල පොලීසිය තුළ අද(14) උණුසුම් තත්ත්වයක් ඇති විය. 14 June 2017
උතුරු පළාත් අමාත්‍යවරුන් දෙදෙනකුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා සහ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.අයිගරනේෂ් මහතාට එම අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අද (14) උතුරු පළාත් සභාවේදී දැනුම් දුන්නේය. 14 June 2017
තැන්පත්කරුවෝ 3000 ක් මුදල් ඉල්ලීමෙන් හබරාදූව ග්‍රාමීය බැංකුව අර්බුදයක හබරාදුව ග්‍රාමීය බැංකු සංගමයේ ශාඛා 12 ක ගනුදෙනු කරුවන් 3000 ආසන්න පිරිසක් සිය තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්වී සිටින බව කියති. ඇතැමෙක් ලක්ෂ 50 ඉක්මවූ මුදලක් තැන්පත් කර ඇති අතර තවත් පිරිසක් තම රැකියාවෙන් ඉවත්වීමෙන් පසු එකවර ලැබෙන මුදල ග්‍රාමීය බැංකුවේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ. 14 June 2017
ඔසඳ යාපා අධිකරණයට එයි - වරෙන්තු ආපසු කැඳවයි කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී සිටින්නැයි වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අද(14) අධිකරණය හමුවේ පෙනී සිටියේය. 14 June 2017
රිය පැදවූ හිමිනමට 2500ක දඩයක් රියදුරු බලපත්‍ර නොමැතිව වෑන් රථයක් පැදවූවැයි තිරප්පනේ පොලිසිය මගින් අත් අඩංගුවට ගත් හිමිනමට රුපියල් 2500ක දඩ කොලයක් ලබාදුන් බව තිරප්පනේ පොලිසිය කියයි. 14 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026