සිරංගිකා ලොකුකරවිට
ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතිය අද (09) දහවල් කැඩී යාමෙන් වැසිකිළි අපද්‍රව්‍ය රෝහල් භූමියේ විශාල ප්‍රදේශයක පැතිරී තිබිණි. මේ හේතුවෙන් රෝහල පුරා විෂ බීජ පැතිරී යනු ඇතැයි ද රෝහල් සේවක සේවිකාවෝ මෙන් ම රෝහලට පැමිණෙන රෝගීහු ද චෝදනා කරති.
මෙම පල්දෝරු පද්ධතිය පිහිටා ඇත්තේ රෝහලේ වාට්ටු වෙත පිවිසෙන මාර්ගයේ වම් පස ඇති ගල් තාප්පට පිටුපසිනි. මෙයින් පිටවන අධික දුර්ගන්ධය වාට්ටුවලට ද පැතිරීම හේතුවෙන් වාට්ටුවල කටයුතු කරගෙන යෑමේදී දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි රෝහල් සේවකයෝ පවසති.
රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ පල්දෝරු පද්ධතියේ අපද්‍රව්‍ය දින කිහිපයක සිට ගල් තාප්පයෙන් පිටතට කාන්දු වෙමින් පැවති බවයි. අද දහවල් එම ස්ථානයෙන් විශාල වශයෙන් අපද්‍රව්‍ය ගලා ඒමට පටන් ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියා සිටියේ මේ කාන්දුව වැළැක්වීමට ඉක්මණින් පියවර ගන්නා බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෝරේ ගලනවා කියන එකේ නියම තේරුම දැනගත්තේ අද තමයි.
තුන්වැනි ලෝකයේ මිහිපිට ඇති අපායක්ද?