ගාල්ල ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතා වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ පරීක්ෂණ සිද්ධියෙන් වසරකට පසු රහස් පොලිසියට බාර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක් රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගෙන පොලිසිය ඔහු ඝාතනය කිරීමට උත්සාහ කරන බවට පසුගිය කාලයේ චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එම සැකකරු පොලිස් කොමිසමට සහ මානව හිමිකම් කොමිසමටද දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්වා තිබිණි.
එම පුද්ගලයා වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වන අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
265

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ පොලිසිය හැලඹගේ පවුලේ මුදල් බලයට යටවී ඇතිබව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසකි..