දයාරත්න ඇඹෝගම
රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක වකුගඩු රෝගය පැතිර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරොව්පොතාන රිටිගහවැව ගම්මානයේදි අද පැවසීය.
වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩ සටහන යටතේ හොරොව්පොතාන රිටිගහවැව ගම්මානයේ ඉදිකළ 250 වැනි ආරක්ෂිත ජල පද්ධතිය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.
‘වකුගඩු රෝගීන් පිළිබඳව රටේ විශාල උනන්දුවක් ඇතිවුණා. රෝගින් සංඛ්‍යාව වැඩිවීමත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරිමත් , ඒ වාගේම රෝ නිවාරණ අංශ ශක්තිමත් කිරිමත් මේ කියන කරුණු පදනම් කොට ගෙන පසුගිය අවුරුදු 25 කට වැඩි කාලයක් සැම රජයක්ම විවිධ ව්‍යපෘති රාශියක්ම සැළසුම් කළා..
වැඩ සටහන් කොතෙක් ක්‍රියාත්මක කළත් ඒ තුල සිදුවන සේවාවන්වල අඩුපාඩුකම් රාශියක් තිබුණු බව අපට පෙනී ගියා. ඒ දුර්වල තාවයන් සහ අඩුපාඩුකම් මග හැරිමටත් වකුගඩු රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර ශක්තිමත් කිරිමත් සඳහා ජනාධිපති විශේෂ කාර්යංශයක් ඇති කළා.
මේ වකුගඩු රෝගය ප්‍රථමයෙන්ම හැඳින් වුයේ රජරට වකුගඩු රෝගය කියලයි. දැන් අවුරුදු හතරක පහක සිට රජරට වකුගඩු රෝගය කියන එක වෙනස් කරන්න සිදුවි තිඛෙනවා. අද රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක් තුල මේ වකුගඩු රෝගය පැතිරිලා තිඛෙනවා. රටේ තුනෙන් එකක ප්‍රදේශයක තමයි මේ සම්බන්ධයෙන් ඉතා අවම ලෙස වාර්තා වෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මේවා අහල ඇතිවෙලතියෙනේ, බොරුව රජකරන රටක් ලංකාව
තුනෙන් දෙකෙන් එක්කෙනෙක්ව අඩු කරන්න. ලේ පිරිසිදු කරන් ගෙදර යන ලෙඩාව රෝද හතරේ වැඩකාරයෙක් එලොව ඇරියනේ. ජනාධිපතතුමා පත්තරේ බැලුවොත් දකීවි.
තමන් පෝස්ටර් බැනර් ගහන්නේ නෑ, ඒ මුදල් වලින් වකුගඩු රෝගීන්ට රෝහලක් හදනවා කියල කව්ද ජනපති අපේක්ෂකයෙක් ඒ කාලේ කිව්වා නේද? දැන් ඒක හදල ඉවරද දන්නේ නෑ.?
ඔය පුටුවට එන අයට ටික කාලයකදී තම කියූ දේ අමතක වීමේ රෝගයක් හැදෙනවා... එ්ක නිසා තමයි ඔය පුටුව අහෝසි කල යුත්තේ..
වකුගඩු රෝගීන් දවසට දෙන්නා ගානේ මිය යනවා.
මටනම් දැන් ඔය බොරු කතා අහල එපාවෙලා , හැමදාම බොරු පොරොන්දු විතරයි, නිදහස් අධ්‍යාපනය තිබුනට ටියුෂන් නොගිහින් විභාග පාස් කරන්න බැහැ, රස්සාවට යන බස් යන්නේ කොටකොට සෙනග පැක් කරගෙන , ඒමදිවට එක එක සංවිධාන පාරවල් වහගෙන කරන උද්ගෝෂණ නිසා සමහර දිනවල පැය 2-3 රස්තියාදුව , රජයේ ඉස්පිරිතාල ප්‍රතිකාර ගන්න පැය ගණන් පෝලිමේ ඉන්න වුනත් අන්තිමට ඒවගෙන් නිසි ප්‍රතිකාරයක් නොකෙරේ , රජයේ ඉස්ස්පිරිතල වල ඉන්න එක හරියට අපායක කාලය ගත කරනවා වගේ , ජිවන බර ඉහලය , මේ රටේ ජිවත් වෙලා මට එපාවෙලා , මේක රටේ වරද නොව සංවිධානයවූ හොරුන් , වංචාකාරයන් , බොරුකාරයන් රට පාලනය කිරීම නිසා .
ඔය ලෙඩේට සම්පූර්ණ සුවය ලබන්න නම් ඔබ ඇතුළු කැබිනට් මණ්ඩලයට තීරු බදු රහිතව තව තවත් සුපිරි සුඛෝපබෝගී මෝටර් රථ ගෙන්වන්න. බලන්න බොරුද කියලා.. තිතට නිට්ටාවට සුව වෙනවා.