(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
හිටපු හමුදාපති ජගත් ජයසුරිය මහතාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශය හිටපු හමුදාපතිවරයකුගේ ප්‍රකාශයක් වීම හේතුවෙන් විග්නේෂ්වරන් මහතාට ද ඒ ගැන සැකයක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (10) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබදව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“ මේක හමුදාපතිවරයෙක් කියන හින්දා ඇත්තක් වෙන්න ඇති කියල විග්නේෂ්වරන් කියන්නේ.එයාටත් සැකයක් තිබෙනවා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියල. ඇත්ත වශයෙන්ම මේ වගේ පාවාදීම් වෙනකොට සමාජය ගැන රට ගැන ඊළඟට යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත් මහා ව්‍යාකූලතාවයක් ඇති වෙනවා.මම හිතන්නේ හමුදාපතිවරයෙක් නොකළ යුතු දෙයක්.“
විග්නේෂ්වරන් මහතා එල්ටීටිඊ රැඳවියන් බැලීමට බන්ධනාගාරය වෙත යාම පිළිබදව මාධ්‍යව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ “එයාලටත් අයිතියක් තියනවානේ.මොකද එයාල ඒ අය වෙනුවෙන්නේ පෙනී හිටින්නේ.ඕක අදුනා ගන්න බැරි වුණා අපේ අයට“ බවයි.





(ඡායාරූප-බී.ජී. චතුරංග)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු පිරුවට අඳින නිතර ධර්මයේ හැසිරෙන බව පෙන්වන උපාසකයෝම මහාපරිමාණ හොරකම්, වංචා වල නියැලෙන ගමන් ද්වේශය වපුරන දිහා අපි නිශ්ශබ්දව බලාහිඳ අවිහිංසාවාදී කතිරය පාවිච්චි කරමු. නැණසින් බලා...
මෙයා අවුරුද්දට කී පාරක් රුවන්වැලිසෑය වඳිනවද?
සැකයක් නෑ යුද්ධයට පිටින් මරපු හැම කෙනෙකුගේම මරණෙට වගකියන්න ඕනේ. හමුදාව අවභාවිතා කලේ ඔයගොල්ලොම තමයි.
ජම්පරේ දාගෙන ආයෙත් සැරයක් යන්න වේවිද ඇතුළට?
ජනරාල් ෆොන්සේකාගේ ප්‍රකාශයට වැඩියෙන්ම බය වෙලා තියෙන්නේ රාජපක්ෂවරු. හමුදාව පාවා දුන්න කතාවට වඩා වඩාත්ම ප්‍රබල වැලිකඩ අමානුෂික ඝාතන කතාවයි. ඒක අහස පොලව නුහුලන අපරාධයක් නිසා සොබා ධර්මයෙන්ම දඬුවම් ලැබෙයි.
කොහේ ගිහින් වැන්දත් කල පව් පස්සෙන් ඩිංග ඩිංග එළවගෙන එනවා . මොහු නිකන් බබා වගෙයි කතාව ... අමතක නම් මතක් කරදෙන්නම් වතුර ඉල්ලපු ජනයාට වෙඩිතියන්න අනදීලා ඒ මිනී මරුවන්ට තානාපතිකම් දීලා රටෙන් පන්නපු විධිය ..අනෙක් දෙය නම් අද පන්සල් වල කෙරෙන්නේ දහම් කටයුතුද දේසපලනයද කියා දැනගන්න කැමතියි ...
මෙන්න බලාගන්න රටේ කේතුමතී පාලනයක් කරලා දැන් කෙරෙන දේවල් වෙරදියි කියා සංක රජා වගේ දැහැමෙන් කතාකරන අකාරය ...
දැන්නම් හොඳටම බයවෙලා වගේ, ඊයෙ දළදා වඳින්න ගියා, අද අනුරාධපුරේ, බය වැඩිකමට සාටකයත් අමතක වෙලා.
මහින්ද හදන්නේ ඒ අය බේරිලා ෆොන්සේකාව බිල්ලට දෙන්න මේ ඔක්කොම ජාතියන්තර යුධ අදිකරණයට ගෙන යා යුතුයි මේ තියන දේශපාලන ක්‍රමය විනාස කල යුතුයි.
පන්සල් වල දේශපාලනය කිරීම පුරුද්දක් කරගෙන තියෙන මේ උපාසක මහත්තයට දැන් පේන කියන්නත් පුළුවන් වගෙයි! විග්නේෂ්වරන්ට මෙවැනි සැකයක් ඇතිබව දන්නේ කොහොමද? දෙන්න අතරේ රහස් සාකච්ඡාවක් පැවැත්වුණාද? යලිත් වරක් ත්‍රස්තවාදී කටයුතු ආරම්භ කිරීමට මෙයා "ඔහෙන් වරෝ" භාෂාවෙන් කටයුතු කරන බව නම් හොඳින් පැහැදිලි වෙනවා !!!
සිල් රෙදි ගැන ඔය පන්සලේදි මොකුත් කියන්නේ නැතෙයි? ඔබතුමාගේ ඔය බලයට කෑදරකම ඉවරවෙන්නේ කවදද? පන්සල්වල කියන කතාද මේවා?