(කාංචන ආරියදාස)
හිටපු යුද හමුදාපති හා වර්තමාන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළකරමින් තමන් රණවිරු සේවා අධිකාරියේ පල්ලේපොල රණවිරු සංසදයේ සභාපති ධුරයෙන් ඉවත් වෙන බව එම සංසදයේ සභාපති ඩබ්ලිව්. ඒ . ජී .සරත් ගුණවර්ධන මහතා කියයි.
සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය රණවිරුවන්ට සිදුකළ මහත් අපහාසයක් බවත් එවැනි අපහාසකරන පුද්ගලයකුගේ බිරිඳ සිටින රණවිරු සංසදයක තවදුරටත් නිලතල දැරීමට නොහැකි බවත් ඒ මහතා පවසයි.
ගුණවර්ධන මහතා හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.
“රටපුරා පවතින රණවිරු සංසදයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ට මෙම ප්‍රකාශය හෙළා දකිමින් ඉවත් වී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කරන අනෝමා ෆොන්සේකා මහත්මිය ඉවත් කරන ලෙස බලපෑම් කරන්න.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම වර්තමාන යුද හමුදාපතිවරයාගේ බිරිඳ රණවිරු අධිකාරියේ සභාපතිත්වයට පැමිණිය යුතු බවත් ඇය සමඟ ඉතා ශක්තිමත්ව රණවිරු අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් ඒ මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයට වැඩ කරන පුද්ගලයෙක්ද? නැතිනම් මෙහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැනේ..
යුදබිමේ සිටින බව පෙන්වමින් අපරාධ කල අයත් යුද්ධයට බයේ රටින් පැන්න අයත් රණවිරුවෝ නොවේ.
එතකොට ජයසූරිය කළ ප්‍රකාශය හරිද? මේ ගොල්ලෝ රණවිරු නාමේ දාගෙන එක එකට කඩේ යන අය.. සරත් ෆොන්සේකා, ජගත් ජයසුරිය වැරදි කරලා තියනවා නම් ජාත්‍යන්තර අධිකරණයට ගොස් හෝ සාක්කි දිය යුතුයි. තමන්ගේ වැරදි වහගන්න එක එක්කෙනාගේ සල්ලි වලට ෆොන්සේකා මහතාට වරද පටවලා ප්‍රකාශ කලේ ඔහු නිසා දඩුවම් කල යුතුමයි.
මෙතුමා ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ නිලයක් දරන හෝ නිලයක් දැරූවෙක්දැයි පැහැදිලි නැහැ.
හරි පුදුම වැඩක් කියන්නේ මෙහි නිවැරදි අදහස දක්වන පුද්ගලයට ඩිස්ලයික් බාරගණන් වැටෙනවා... රටේ මිනිසුන්ගෙන් වැඩිහරියක් කැකිල්ලේ චින්තනකරුවන් වගේ...
සරත් ෆොන්සේකා අර වගේ ද්‍රෝහී ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද?
මේකත් එක්තරා මාධය සංදර්ශනයක් පමණයි.
දහම් ඔබ අදහම් අනුගමනය කරන කෙනෙක් වගෙයි. සරත් ෆොන්සේකා මහතා කිසිම ද්‍රෝහී ප්‍රකාශයක් කර නැහැ. ඔහුගේ ප්‍රකාශය මුළුමනින්ම නිවැරදියි. වරද කවුරු කලත් වරද මයි. `අපේ මිනිහ` කියලා වහලා දැමීම කලයුතු නැහැ. `පරවේණි දාසයන්ගේ` මානසික තත්වය ඔබට තිබෙනවා වෙන්න පුළුවන් වුවත් බහුතර ජනතාවට නැහැ!
මේ කව්ද මේ?
ගුණවර්ධන මහතා හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය. මෙයින් සියලු දේ පහැදිලියි.
සරත් ෆොන්සේකා මහතා කුදලාගෙන යනකොට මේ ගොල්ලෝ කොහෙද හිටියේ?