(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස විදුලිය ගාස්තු ඉහළ නංවන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යෝජනා කර තිබේ.
මේ සඳහා එම මණ්ඩලයට රුපියල් කෝටි 2500ක අමතර ආදායමක් අවශ්‍ය බවද එම සංගමය ඇමතිවරයාට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල වැඩි කරන්න කලින් විදුලිබල මණ්ඩලයේ නාස්තිය හා දූෂණය නවත්වලා ඉන්න. මණ්ඩලයේ ඉන්න ඉහළ නිලධාරීන් හා අමාත්‍යාංශ නිලධාරීන් ආයතනයේ මුදල් අවභාවිත කරමින් ඔවුන්ගේ යහපත උදෙසා වැඩකරන බවත්, ආයතනය අභාවයට යාම සිදුවන්නේ ඒ නිසාවෙන් බවත්, ඒ කරන විනාශයේ අලාභය ජනතාවට පැටවීම සඳහා කටයුතු කිරීම ජනතාවට කරන විශාල අසාධාරණයක් බවත් හොඳින් පෙනෙන්ට තිබේ. චම්පික ඇමති වරයාගේ කාලයේ ලාභ ගත් මේ ආයතනය අද මෙලෙස පාඩු ලබන්නේ හිටපු ඇමතිවරිය හා වත්මන් ඇමතිවරුන්ගේ මුදල් අවභාවිතව හා ගසා කෑම නිසාවෙනි...
සිදුවිය යුත්තේ දේශපාලන පන්දම් කාරයෝ ටික අයින් කරලා තරග විභාගයක් මගින් සුදුසු සේවකයෝ පත්කරලා වැඩ කළමනාකරණය කරලා කාර්යක්ෂමතාවය සහ ප්‍රමිතිය වැඩිකිරීමයි. නමුත් ලංකාවේ වෙන්නේ අනිත් පැත්ත මම කියපු වචන හීනෙන් අහපු වචන වගේ...
ඔව් ඔව් එහෙම වැඩි කරන්නේ නැතුව කොහොමද ඔහෙලගේ පඩි, බෝනස් වැඩි කරගන්නේ, නේද? වෘත්තීය සමිතිවලට බැරිද ඔතන සිදුවෙන ගසා කෑම, වංචා අවම කර ගෙන ඔය කියන මූල්‍ය අර්බුද පියවා ගන්න.
දූෂණය නිසා රටට ආදායම ගන්න තිබෙන ආයතනයක් රටට බරක් වෙලා... නාස්තිය හා සේවක සංඛ්‍යාව අවම කරන්න.
අනිවාර්යයෙන්ම විදුලි බිල 50% කින්වත් වැඩි කරන්න ඕනේ... රාජපක්ෂලා ගත්ත ණය කන්දරාව ගෙවන්න ජනතාව කැප කිරීම් කරන්න ඕනේ.
ඉංජිනේරු සංගමය රටම අන්දවන්න යන බව පැහැදිලියි. හොරට පඩි වැඩි කරගෙන රටම වනසනවා...
විදුලි බල මණ්ඩලයේ ධාවනය වන වාහන අඩු කරන්න පුළුනවන් නම් ලොකු මුදලක් අඩු කරන්න පුළුන් කියලා හිතනවා... මීට වසරකට පමණ පෙර පුත්තලමේ තිබ්බ ජංගම සේවාවක් අවස්ථාවේ පාසැල් භූමියක් පිරෙන්න විදුලි බළ මණ්ඩල නිළධාරින්ගේ වාහන දුටුවා.. ඒ තරමට වැඩ නෑ නේ... නොරොච්චෝලේ බලාගාරයේ නිළධාරින්ගේ දළුව ප්‍රදේශයේ තියෙන නිවාස සංකීර්ණයේ අවට ආරක්ෂක තාප්පය වටා ඇති අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න එවිට යමක් ඉතුර කරන්න පුළුවන් වේවි ජනතාවට පිට පටවන්නේ නැතිව...
පාඩුව පියවගන්න බිල වැඩිකරන්න.. ඊට පස්සෙ මේගොල්ලන්ගෙ පඩි වැඩිකරන්න.. එත්කොට ආයෙමත් පාඩුයි.. නියම මොල ටික.. දොස්තර සංගමේට දෙවෙනි නෑ..
දහගුණයකින් විතර වංචනික විදියට ලොකු පුටුවල පඩි වැඩි කර ගෙන දැන් එම වංචාවල පාඩුවත් අහිංසක මහජනතාව පිට දාන්න හදනවා. ආසියාවේ වැඩිම විදුලි ගාස්තු තියෙන්නේ ලංකාවේ. ඒකත් මදිවෙලා තව කන්න හදනවා. කිසිම විනයක් පරිපාලනයක් නැහැ. ඒවාට කඹුරන්න වෙන්නෙත් මහජනයාට....