උසස් පෙළ අවසන්වූ සැණින් සරසවි යාමේ මගක් සකසන්න’යි යෝජනාවක් අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස හයක් ඇතුළත විශ්ව විද්‍යාලවලට සිසුන් ගන්නා ක්‍රමයක් ඇති කරන ලෙස රජයට බල කර සිටීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත. 16 June 2017
ගැටුමක් විසඳා යද්දී හිටපු නියෝජ්‍ය රේගු සාමාන්‍යාධිකාරී හෘදයාබාධයකින් මරුට කොට්ටාව බොරැල්ල මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී තරුණයකු විසින් වැඩිහිටියකුට සිදුකළ පහරදීමක් දැක,තම රථය නවතා එහි ගොස් ගැටුම සමථයකට පත් කොට නැවත රථයට පැමිණිමේ දී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ (52) හැවිරිදි හිටපු නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. 16 June 2017
සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනක සුගතදාස මහතා , ජනාධිපති විසින් අද (17) පත් කරනු ලැබීය. 16 June 2017
මීගමුව - කොළඹ බස් වර්ජනයක් මාර්ග අංක 240 මීගමුව - කොළඹ පෞද්ගලික බස් රථ අද (15) සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 16 June 2017
අයිඑස් නායකයා මරුට සිරියාවේ රකා නගරයට රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩි මියගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (16) නිවේදනය කළේය. 16 June 2017
කොන්දේසි සහිතව ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට පියවර අත් අඩංගුවට ගන්නා ලද පිළිවෙල අනුව සහ තවත් කොන්දේසි කිහිපයක් මත මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 June 2017
ගම්පහ - මීගමුව රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා ඩෙංගු රෝග තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් පවා දෛනිකව ප්‍රතිකාර සඳහා ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල්වලට ඇතුළත් කෙරෙන බැවින් මව්පියන් තම දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම රෝහල් දෙකෙහි ඩෙංගු රෝග ප්‍රතිකාර අංශ භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි. 16 June 2017
කැලණි සරසවියේ දේශන නවතයි කැලණිය සරසවියේ ජලය අපවිත්‍රවීමක් හා සිසුන්ට පසුගිය දිනවල ඇතිවූ අසනීප තත්ත්වයන් හේතුවෙන් සියලු අධ්‍යයන කටයුතු අද(16) දහවල් 12 සිට නවතා දැමීමට තීරණය කළ බව එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි. 16 June 2017
නානුඔය අනතුරින් පසු පොලිස් ස්ථානාධිපතිට මාරුවක් නානුඔය නගරයේ දී පාසල් දැරියක් ටිපර් රියකට යටවී මියයෑමෙන් පසු ඇතිවූ කලහකාරී තත්ත්වයෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් රැසක් තාවකාලිකව නුවරඑළිය මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර ඇත. 16 June 2017
ලක්ෂ 75 ක කේරල ගංජා මුලතිව් වලින් අල්ලයි මුලතිව් දේවපුරම් ප්‍රදේශයේ විකිණීම සඳහා සැලසුම් කොට තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 60 ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2017
ඒ -9 මාර්ගයේ අනතුරින් විහාරාධිපති හිමියෝත් රියැදුරුත් දිවියෙන් සමුගනිති යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරු ද මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි. 16 June 2017
පිළියන්දල දී පොලිසියට වෙඩිි තැබු සැකකරු මැදිරිගිරියෙන් අල්ලයි මත්ද්‍රව්‍ය වැටලිමක් සඳහා ගොස් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට ඉකුත් මැයි 9 වැනි දා පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොළොන්නරුව මැදිරිගිරියේ දි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 June 2017
උතුරු මහ ඇමැතිගේ විශ්වාසභංගයට විරුද්ධව පෙත්සමක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාසභංගයට විරුද්ධව 15 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතා වෙත බාර දෙනු ලැබීය. 16 June 2017
කුවේටයේ සිටි කතගේ මරණය සැක බවට පැමිණිලි කුවේට් රටේ ගෘහ සේවයට ගිය හලාවත කංජුක්කුලිය වටවන ප්‍රදේශයේ කාන්තාවක මරා දමා ඇති බව කියමින් ඥාතීහු පිරිසක් අද (15 ) හලාවත පොලිසියට පැමිණිලි කළහ. 15 June 2017
වනයේ හිතවතා ඩේස්මන්ඩ් වයිට් සමුගනී මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 15 June 2017
විශ්වාස භංගයට එරෙහිව හෙට උතුරේ හර්තාල් උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි බල කෙරෙන හර්තාල් ව්‍යාපාරයක් හෙට (16) උතුරේ පැවැත් වීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි. 15 June 2017
ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් 24 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කර තිබේ. 15 June 2017
මන්ත්‍රී වාහන බලපත් විකිණුයේ‘යැයි ගොණුකළ පෙත්සම ඉවතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. 15 June 2017
බතලේගොඩදී පරීක්ෂා කළ සහල් සාම්පල 11 ම යහපත් තත්ත්වයේ බතලේගොඩ සහල් පර්යේෂණාගාරයේ දී සහ කාර්මික තාක්ෂණ ආයතනයේ දී පරීක්ෂාවට ලක් කළ සහල් සාම්පලවල ප්ලාස්ටික් අඩංගු නොවන බවත් පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පැවසුවාය. 15 June 2017
සරත් කෝන්ගහගේ ජනපති මාධ්‍ය උපදේශක තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිධුරයට පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. 15 June 2017
පොලිසියට අත්බෝම්බ ගැසූ සැකකරුට වෙඩි මැවනැල්ල මයුරපාද ජාතික පාසල අසලදී පොලිස් නිලධාරීන්ට අත්බොම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමට තැත්කළ බව කියන පුද්ගලයකුට අද (15) වෙඩිතබා අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 15 June 2017
අකුණු සන්නායකය කොල්ල කෑවාට පොලිසියේ 3 ක් රිමාන්ඩ් අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලිසියේ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට(16) තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(15) නියෝග කළේය. 15 June 2017
‘සිංහලේ ‘සංවිධාන අතර ගැටුමකට හයක් රිමාන්ඩ් සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. 15 June 2017
‘ඇමැතිකම දෙනකොට ඩිජිටල් තේරුමවත් දන්නේ නෑ‘ - හරීන් තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 15 June 2017
බොරු කියමින් හිඟා කෑ කණ්ඩායමකට වැඩ වරදී විදේශ ගතවී සිටින තම බිරිඳ කරදරයට පත්ව සිටින බැවින් ඇය මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලක්ෂ හතරක් ගෙවීමට ඇති බව කියමින් බස්වලට නැග මුදල් එකතු කරමින් සිටි සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 15 June 2017
බහුතර බලය පෙන්වන්නැයි උතුරු මහ ඇමැතිට දැනුම් දෙයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වනැයි දැනුම් දීමට පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 15 June 2017
වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප්‍රකාශ කරයි. 15 June 2017
බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 13 සිට දිනපතා හිටපු ජනපතිගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය. 15 June 2017
ඥානසාර හිමිට වරෙන්තු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය. 15 June 2017
පල්ලියට බෝම්බ ගැසූවැයි දෙන්නෙක් සැකපිට කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ඉකුත් මැයි 21 වැනි දා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි. 15 June 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026