(විනීතා එම් ගමගේ)
සරත් ෆොන්සේකා මහතා ඉක්මණීන්ම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස සමාජවාදී ජනතා පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටින බව එහි සාමාජික දේශපාලන පක්ෂයක් වන දේශ විමුක්ති ජනතා පක්ෂයේ ලේකම් ගලගම ධම්මරංසි හිමියෝ පැවැසූහ.
අඩුම ගණනේ ඡන්දයක් වත් දිනන්නට බැරිවුණු මේ තැනැත්තා රට රැකගත් රණවිරුවන් පාවාදෙන්නට පවා කටයුතු කරමින් සිටින නිසා කැබිනට් මණ්ඩලයේ තියාගන්න සුදුසු නැති බවත් වහා ඔහු ඉවත්කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින බව උන්වහන්සේ කිහ.
ගලගම ධම්ම රංසි හිමියෝ මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (11) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේගෙදර කැබිනට් එකේ " මැටියෙන් " හදල තිබුන හරිම ලස්සන උරූ මියෝ ටිකක්, මීහරක් ටිකක් ,බුරුවො කීපදෙනෙක් . නමුත් මේලගදී අපි ගෙදර නැතිවෙලාවක කොහොම හරි " කලවැද්දෙක් " කැබිනෙට් එකට රිංගල අර තිබුන මැටි සත්තු ඔක්කොම විනාශ කරලා තිබුන.
යුද්ධයට බයේ රටින් පැනගොස් නැවත පැමිණ රණවිරු හම පොරවාගත් අය මෙන් නොව සරත් ෆොන්සේකා මහතා රට බේරාගන්න දිවි හිමියෙන් සටන් කල ජාතික වීරයෙක්. ශරීරයේ අභ්‍යන්තර කොටස් පවා එළියට විසිවෙන ලෙස බෝම්බ ප්‍රහාර වලට ලක්වූ මෙතුමාට පහසුවෙන් විශ්‍රාම ගන්න තිබුණත් නැවත හමුදාපති වරයෙකුට යුද්ධය ඉතිරි නොකරමියි කියා ඔහු යුද්ධ කරන්න පැමිණියේ අබාධිතයෙක් ලෙසය. කැබිනට් මණ්ඩලය තුල සිටිය යුත්තේ මෙවන් දේශාභිමානි පුද්ගලයන් මිසක් අනුන්ට ඇලෙන්න සහ ගැටෙන්න එපා... කියමින් ඉන්නා අය නොවේ...
ජනාධිපතිතුමා ඔබතුමා කියනකම් බලාගෙන හිටියේ කියලා කිව්වා. දැන් කිව්වනේ බලාගෙන ඉන්න. වැඩේ කෙරෙයි.
රවීන්ද්‍ර, ඔයා ලංකාවට කරපු එක සේවයක් කියන්න. ජෙනරාල්ගෙ වැරදි ඇති. ඒත් ඔයා ඔය නිදහසේ ඉන්නේ ඒ පුද්ගලයා නිසා. ෆොන්සේකාගේ ඡන්ද 5000 ගැන කතා කරන පක්ෂේ එක්කෙනාට ඡන්ද එකක්වත් තියෙනවද?
බණ්ඩාර නායක මහතාව ඝාතනය කෙළේත් චීවරධාරී නරුමයෙකි. එවැනි බඩ ගෝස්තර වාදී කහකඩයන්ගෙන් සාසනය බේරා ගැනීමට නිසි කල පැමිණ ඇත! බෞද්ධයනි නැගී සිටින්න! කහකඩයන්ගෙන් සසුන ගලවා ගන්න!
සමාජවාදී ජනතා පෙරමුණ. දේශ විමුක්ති ජනතා පක්ෂය, අදමයි මේ නම් දෙක ඇහුවේ
කැබිනෙට් එක වහල තිබුනේ නැද්ද ?
ෆොන්සේකා ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් බුදුදහමට වින කරන අයව ශාසනයෙන් ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ නැත්තේ ඇයි? එහෙම නැතුව පොඩියට කඩයක් දාගත්තොත් නරකද උන්නැහේ?
දැන් සරත් ෆොන්සේකා වැරදියි.. අනික් සේරම ඇමති වරු හොඳයි. එහෙම ආසද ඔයාලා? අනික සරත් ෆොන්සේකා කිව්වේ මොකක්ද? හමුදා ඇදගත් පලියට හැමෝම වීරයෝ නෙමේ හොදේ. අද රටේ වැරදි ගොඩක් කරන්නේ හමුදාවෙන් පැනල ආපු ගොඩක් අය. මංකොල්ල කනවා.... එතකොට එයාලත් වීරයෝද? හිරේ විලංගුවේ දාන්න එපාද?
ජෙනරාල් ෆොන්සේකා මහත්මාට බනින ආදරණිය මිනිසුනේ, ඔහු රට වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් අයෙකි. කවුරු මොනවා කීවත් යුද්ධය අවසන් කරන්න ඔහු නායකත්වය දුන්නා. ඔබතුමන්ලා රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් ලබා දුන්නේ මොනවද? අඩුම තරමින් ලේ බිඳක් දන් දී තියෙනවා නම් ජනරාල්ට බනින්න. නැත්තම් නිවටයෝ වෙන්නැතුව ඉන්න.
මේ පක්ෂය ම.රා.ගේ කාලෙත් තිබුනද කියලා මට මතක නැහැ මගේ අප්පච්චිය් . ළඟකදී එලියට පැන්නාද අපේ හාන්දුරුවනේ? අනේ අවසරයි , දන්නේ නැති හන්දයි ඇහැව්වේ, පසුගිය මහා මැතිවරණයේදී ඡන්ද කීයක් විතර ඔය පක්ෂයට ලැබුනාද, අපේ හාන්දුරුවනේ?
කැබිනට්ටුවෙන් විතරක් නෙමෙයි මුළු පර්ලිමෙන්තුවෙන්ම පන්න දැමිය යුතු පාවා දෙන චරිතයක්. වයිරයේ උපතක්.
ඔබට බොහොම ස්තූතියි පැරණි පුද්ගලයෙක් ගැන මතකය අලුත් කළාට.
කොටින්ගේ බෝම්බ කෑලි තාමත් ඇඟ ඇතුළේ තියාගෙන කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ ජම්පරය ඇඳලා අනිත් හිරකරුවෝ සමඟ කල්දේරම් බතේ රස බලපු , සියලු දුෂණ වංචා පගා ගහල හිරේ වැටුණම බොරුවට අසනීපයි කියල සැප රෝහලේ ඇඳට පැනලත් සැප ගන්න කොන්ද පණ නැති හොරු අතරේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම කෙලින් කතාකරන කියන දේ කරන බුද්ගලයෙක් , ඔබට මගේ ප්‍රණාමය ...
ජනාධිපති තරගයට ආපුවෙලේ පොන්සේකා මහත්තයා දිනන්න ඡන්ද ගත්තා, නමුත් ඡන්දදායකයාගේ ඔලුවට තුවක්කු තියාලා කොම්පුටර් යටිමඩි ගහලා රජ්ජුරුවෝ රජවුණා.
උදාහරණ සහිතව දක්වන ලද ඔබගේ අදහස් වලට අප ගරුකරන්නෙමු. අප තවමත් දියුණු වෙමින් පවතින ජාතියක් වී ඇත්තේ මෙම කරුණු නිසාවෙනි.