(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා අද(11) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී පැවැසීය.
දැනට පවතින ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිත හා තත්ත්වලට අනුකූලව නව පනතක් ගෙන එන්නැයි ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දෙන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී වාචික ප්‍රකාශයක් කරමින් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඒ බව සඳහන් කළේය. මහ කොමසාරිස්වරයා එහිදි ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 40ක් සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙසේ ද කීය.
“අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුයි. එමෙන්ම හමුදාව යටතේ තිබෙන ඉඩම් මුදා හැරීම ඇතුළු විශ්වාසය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව ද ශ්‍රී ලංක රජයට අවධාරණය කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත යටතේ තිබෙන නඩු කටයුතු ආදිය කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතු බව ද සිහිපත් කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්වලට අනුව දැනට තිබෙන පනත වෙනුවට නව පනතක් ගෙන ආ යුතු බව නැවත වරක් ශ්‍රී ලංකා රජයට සිහිපත් කළ යුතුයි. උතුරේ පීඩිතයන්ගේ විරෝධතාවලින් ප්‍රතිසංස්කරණ සිදුවන්නේ මන්දගාමීව බව පෙනී යනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි. එම නිර්දේශ සහ අනෙකුත් ක්‍රියාමාර්ග ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු” යැයි ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අවුරුදු 9 කට ඉස්සෙල්ලා වුන යුද්ධ ගැන සොයන්න ඉස්සෙල්ලා දිනපතා සියගණනක් මිය යන සිරියාවේ, ඇෆ්ගනිස්තානේ, උතුරු අප්‍රිකාවේ මුස්ලිම් රටවල සිදුවන දේවල් ගැන හොයන්න.
මොහු අරාබියානුවෙක්, මොවුන්ගේ රටවල් ත්‍රස්තවාදයෙන් පිරිලා. අද එම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය කෙමෙන් බටහිර රටවලටත් ඇතුළුවෙලා. ඔවුන්ගේ මානව හිමිකම් ත්රස්තවාදීන්ටත් තියනවා ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් වෙනස් කරල ත්රස්තවාදයට උඩ ගෙඩි දීපු නිසා. මොවුන්ගේ යටි අරමුණු ඉතා පැහැදිලියි.
මේ මානවහිමිකම් කතාකරන බටහිර නරින්ට කියන්න එයාලගේ ඇහේ තියෙන පරාල අයින්කරගන්න කියාලා ලංකාවේ ඇහේ තියෙන රොඩ්ඩ බලන්න ඉස්සෙල්ලා, අද එංගලන්තේ ළමා අපචාරය ඉහලටම නැගලා ඒවාට රජයේ නිලධාරීන් හා මන්ත්‍රී වරු පවා අහුවෙලා, ඒ ඔක්කොම දැන් යටගහනවා ඉහලින් එන ඔර්ඩර් වලට,
අරාබි රටවල දිනපතා මානව හිමිකම් කඩවෙනවා. මොහු ඒවා ගැන සොයා ජිවිත රැකගැනුම පසෙකදමා, දැනට අවරුදු 8-9 විතර පෙර සිදු වූලංකාවේ ඒවා සොයනවා , එකත් සොයන්නේ එක පාර්ශවිකව , තස්ත්‍රවාදීන් සිදු කළ සමුල ඝාතන ගැන කිසි කතාවක් නැහැ. හමුදාවට බොරු චෝදනා එල්ල කරනවා...