අනිද්දා(13දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල සේවක වැඩවර්ජනයට එක් නොවන බව ලංවිම විදුලි අධිකාරිවරුන්ගේ සංගමය සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලයක් පුරාවට පැවති වැටුප් විෂමතාව ඇතුළු ගැටළු සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යෝජනා කළ විසදුම් තුළ සාධනීය ලක්ෂණ ඇති බැවින් මෙම තීරණය ගත් බව එම සංගයම පැවසීය
එමෙන්ම ලංවිම සැලසුම් ශිල්පීන්ගේ සංගමයද මෙම වැඩවර්ජනයට එක්නොවන බවද සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලොන්ගේ සාමාජික ප්‍රතිශතය සියයට දශම ගණනක් පමණයි තියෙන්නේ. නමට පමණක් තියෙන්නේ.
ඉරයි හඳයි තියෙන එකේ වටිනාකම කොච්චරද කියල තේරෙන්නේ දැන් තමයි. මහ පොළොවේ ජීවය ඇතිකළා මදිවට ආලෝකයත් දෙනවා දවල් රෑ දෙකේ. විදුලි වර්ජකයෝ පුළුවන් තරම් උත්සාහ කරනවා අපිව අඳුරේ තියන්න දවල් රෑ දෙකේ. ඉර හඳ නොතිබුනා නම් අපි ඉවරයි.