(ඉන්දිකා රාමනායක)
ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයේ ඉඩම් මිළදී ගැනීම සහ එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට යෝෂික රාජපක්ෂ මහතා අඟහරුවාදා (12) මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිසිය කියයි.
ගල්කිස්ස මිහිදු මාවතේ පර්චස් 31 ක ඉඩමක් මිළදී ගැනීම සහ රත්මලාන කෙකටිය පෙදෙසේ පර්චස් 31.5 ක ඉඩමක් සහ එහි තෙමහල් සුඛෝපභෝගී නිවසක් ඉදිරි කිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් හෙළි කර ගැනීමට මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන පරීක්ෂණක් වෙනුවෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල් දීලා තියෙන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ.... නාඳුනන පුද්ගලයෙක් ඇවිත් ආච්චිගේ අතට මැණික් පාර්සලයක් දීලා ගිහිල්ලා. එ්ක විකුණපු සල්ලි වලින් තමයි මේක අරගෙන තියෙන්නේ. එහෙම නෙවෙයි කියනවා නම්, පොලිසියට පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න.
ඇයි අනේ .. නිධානයකුත් ගත්තා නේද?
මෙයාගේ ඩේසි ආච්චිට මැණික් ගෝනියක් කවුදෝ ගෙනත් දීලා. තවත් කෙනෙක් පැමිණ එම මැණික් ගෝනිය මිලට ගත්තා . ඩේසි ආච්චි එම මුදල් මේ මුණුබුරාට තෑගි කරලා. ඒ මුදල් වලින් තමයි මේ ඉඩකඩම් ගත්තේ. ඇයි මොහුව පොලිසියට කැඳවන්නේ?
දැන් ආධාරකරුවන් එකතුවේවි ජාතියේ පුත්‍රයා වෙනුවෙන්.
රෝහලේ තව ඇඳන් තියෙනවද? අර පින් කැටේ එකතු කරන්න අවශ්‍ය ගාණ වැඩිකරන්න වෙයි මගේ හිතේ.
මොකද මල්ලි ප්‍රශ්නේ . ගැබුරු තෙලේ බැදපු කුම්බලා මාළුවල අඩුවක් ද නැත්නම් ?
හිටපු මුදල් ඇමැතිතුමාගේ උත්තරය දුන්නා නම් හරි...
මේ කට්ටිය හින්දා තමයි මහින්ද මහත්තයව නැති කලේ....
එහෙනම් හෙටත් උසාවිය ළඟ මාධ්‍යයට අදහස් කියන සංදර්ශනයක් බලන්න පුළුවන්....
මෙගොල්ලට රත්මලානෙන් ගෙයක් ඉඩමක් ගන්න සල්ලි නැති වෙන්නේ කොහොමද? මේගොල්ලට රටපුරා හෝටල්, ගෙවල්, ව්‍යාපාරික ගොඩනැගිලි කියක් තිබෙනවද ?
මේ බේබිලාට මුදල් ලැබුනේ කොහොමද? කියලා අහනකොට කියන්නේ. යාලුවෝ දුන්නලු. කෝටි ගණන් මුදල් දෙන යාළුවෝ කවුද? අප්පච්චි නේද මුදල් ඇමති කමත් දැරුවේ? පුතාලට මහජනතාවගේ මුදල් අත දිග ඇරලා දුන්නේ... දැන් ඒ සේරම කට්ටිය වමාරනවෙනේ ප්‍රසිද්ධියේ. අප්පච්චි දැන් දුක්වෙනවා. එයා නිසා සේරමලා දුක් විඳිනවා කියලා ජනතාව වෙනුවෙන් හිරේ යන්න එපා.... පවුල වෙනුවෙන් යන්න.
අපේ හාමුදුරුවනේ.... තව කොටි 200 වැඩියෙන් එකතුකරන්න වෙනවා.... නැත්නම් ඔබවහන්සේලාට නිවන් මගට යන්න පින් මදිවේවි...
මෙයාගේ පවුලේ අය කියනවා වගේම මෙයත් කියාවි,මේ සල්ලි කන්දරාව ආවේ කොහෙන්ද කියා දන්නේ නැති බව ! නැත්නම්, පුළුවන් වෙලාවක පොලී නැතිව ආපහු ගෙවන්න කියල ඩේසි ආච්චි ණයට දුන්නා කියල මේ දරුවා කියාවි.....