(රංජන් කස්තුරි)
බෝ නොවන රෝග පාලනය කිරීමේ පියවරක් ලෙස සීනි, ලුණු සහ තෙල්වලට බදු පනවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.
තවද පැණිබීම වර්ගවල සීනි ප්‍රතිශතය සියයට 6ට වැඩිනම් වැඩිවන සෑම සීනි ග්‍රෑම් එකකට රුපියලක් බැගින් වන සේ නව බද්දක් පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබෙන බවද ඇමැතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අද රටේ බහුලව පවත්නා හෘද රෝග, දියවැඩියාව වැනි රෝග නිවාරණය සඳහා ගත හැකි වැදගත් පියවරක්...
මිනිස්සුන්ට මේ තරම් ආදරේ කරන ඇමති කෙනෙක් දැක්කමයි. බදු මුදල් එයාට බේත් ගන්න යන්න වෙන්න ඇති.
ඇමැතිතුමා ආයිත් විහිළුවට ලක් වෙන්නයි හදන්නේ.. රටේ සෞඛ්‍ය දියුණු කරන්න නම් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පුරුදු ඇති කරන්නයි ඕනේ.. මේ වගේ කතා කියලා විහිළුවට ලක් නොවී..
ඊට වඩා හොඳයිනේ ජනතාවට හුලන් බිලා ඉන්න කිව්වනම්. කිසිම ලෙඩක් නැහැ. අමතිවරුන්ටනම් ඕනේ ජරාවක් කන්න පුළුවන්. මොකද කාලා කාලා පපුවේ අමාරු හදාගත්තාම ජනතාවගේ මුදලින්ම රට ගිහින් සනීප කරන් එන්න පුළුවන්නේ.
සෞදි අරාබියේ පවා "sin Tax " යනුවෙන් පැණි බීම සහ සිගේරට් වලට මෙවන් බද්දක් අයකරනවා එය 100% වැඩි වීමක්.. කනගාටුවට කරුණක්නම් ඒවායෙන් මිදෙන්නට මිනිස්සු ලැස්ති නැති එක
කිඹුල කනව ඉවසන්න පුළුවන්, කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි. මිනිස්සුන්ගේ එදිනෙදා පරිභෝජනයට ගන්න මේ වගේ දේට බදු ගැහුවහම කෝටි ගණනින් ආදායම් ලැබෙනවා. ඇමතිලාට තව කාර් දෙක තුනක් ගන්න පුළුවන්. (පැණි බීමවලට බදු ගහනවා නම් නිසැකවම ඒක හොඳයි, පොදුවේ සීනි කතා නොකියා)
විකාර බහුභූත සිනි වලට, ලුණු වලට පොල් තෙල් වලට ගහන බදු හොඳටම ඇති. කරුණාකර දේශපාලකයන්ට වාහන වලට දෙන බදු සහනය නැති කරන්න, තේ කහට එකක් බිලා පිපාසය නැති කරගෙන කුලී වැඩක් කරගන්න මිනිස්සු කි දෙනෙක් ලංකාවේ ඉන්නවද ?
තීරණයේ යහපත් ගති ලක්ෂණ පෙන්නුම් කලත්, ලංකාව වගේ ඌන සංවර්ධිත රටකට ගලපා ගැනීමේදි තව දුරටත් සංශෝධන සහිත විය යුතුය. ප්‍රධාන වශයෙන් ඉහත සඳහන් රෝග වලට හේතුව සීනි,තෙල් සහ ලුණු වල පෞද්ගලික පරිභෝජනය නොව, ව්‍යාපාරික ආහාර ද්‍රව්‍ය බවට සැකයක් නොමැත. ආහාර සැකසීමේ නියාමනයක්, සිසිල් බීම වැනි මහා පරිමාණ නිශ්පාදන වලට සඳහා නිර්මිත උපරිම මට්ටම ගැන නියාමනයක් කිරීම වටිනේය. අනුකූල නොවන නිශ්පාදන වෙලඳපොලෙන් ඉවත් කිරීම යෝග්‍යය. මිල ඉහල දැමීම පමණකින් නිශ්පාදකයන්ගේ මඩිය තරවීම පමණක් සිදුවිය හැක. තම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම ජනතාවගේද වගකීමකි. සියලු ව්‍යාපාරික නිශ්පාදන වල අදාල සංයුතිය පිළිබඳව සඳහනක් තිබීම වැදගත් වේ. උදාහරණයක් ලෙස ජපානයේ (දැනට ජීවත් වන නිසා දනිමි) සියලු ආහාර පාන වල අඩංගු කැලරි ප්‍රමාණය, අඩංගු සංඝටක පිලිබඳ විස්තර ජනතාවට දැනගැනීමට සලස්වා ඇත. දියවැඩියාව වැනි රෝගයන්ට මූලික හේතුව සීනි නොව, අධික පිෂ්ඨ ආහාර ගැනීම බව හොඳින් බැලීමේදී පෙනී යනු ඇත. සීනි යනු එම තත්ත්වය උත්ප්‍රේරණය කරන්නකි. අද ජීවන රටාව එදා ගොවිතැන රැකියාව ලෙස කළ අවධිය මෙන් නොවේ. පිෂ්ඨය අඩු කර එළවළු, මාළු පරිභෝජනය වැඩිකරගත යුතුය.
මේවා තහනම් කරන්න ඊටත් වඩා වැදගත් පියවරක් වේවි
මිනිස්සුන්ගේ ඇඟේ තියෙන සීනි වලටයි තෙල් වලටයිත් මේ ය බදු පනවයිද දන්නේ නැහැ.
කන්න තියෙන එක කොහොමත් කාලා බීලා නැති ලෙඩ හදාගන්නවා. මෙහිදී සිදු වන්නේ එදා වේල හම්බකරගෙන කන මනුස්සයාගේ සාක්කුවට තට්ටුවෙන එක.ඔයිට වඩා හොඳ නැද්ද සීනි/ තෙල් මට්ටම ඉහළ අය හඳුනාගන්න පරීක්ෂණ පවත්වලා ඒ අය හඳුනා ගත්තා නම්. ඔවුන්ට ප්‍රතිකාර කර මුලු රටම සුවපත් කළ යුතුයි.
එතකොට ශරීරයට ගුණදායක කෑම බීම වල ගනන් වෙනස්වෙයිද?
දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග පාලනය සඳහා සීනි, ලුණු සහ තෙල් භාවිතය අවම කිරීම හොඳයි. මේ ආණ්ඩුව ආව ගමන් සීනි මිල වැඩිකරලා කිව්වා දියවැඩියාව පාලනය කිරීමටයි එහෙම කෙරුවේ කියලා, නමුත් ආයෙත් සීනි මිල අඩු කෙරුවා. බදු ගහලා මේ දේවල් කරනවට වඩා සාර්ථකයි විකල්ප සහ ආදේශක හඳුන්වාදීම. ගම්වල ගස් යටම පස් වෙන නෙල්ලි ටික, කාමරංකා ටික එකතුකරලා බීමක් හදලා වෙළඳපොළට දෙන්න පුළුවන්. මතයක් තියෙනවා ඒවා දියවැඩියාවට හොඳයි කියලා. උදේට වැඩට යද්දී හවස ගෙදර යද්දී එක බස් නැවතුමක් පයින් යන්න පුරුදුවෙන්න, අධි රුධිර පීඩනයට හොඳයි, දකුණේ කඳු බිම් නැතිකරගෙන පතුරුවන කටුපොල් ඉවත්කරගෙන පිරිසිඳු පොල් තෙල් භාවිතය පුරුදුවෙමු. කරනවානම් තව ගොඩක් තියෙනවා. ආණ්ඩුවක් මැදහත් වෙන්න ඕනා පොඩි පොඩි දේවල් පොඩියෙන්හෝ පටන්ගන්න. එවිට මිනිස්සු තමන් ආස ආස රසට කනවා, රටේ සල්ලි රටේ ඉතුරුවෙනවා, දේශීය ව්‍යාපාරිකයෝ දියුණු වෙනවා. රෝහල් සඳහා බෙහෙත් මිලදීගැනීමට දරන පිරිවැය අඩු වෙනවා. අමාත්‍යාංශයෙන් අමාත්‍යංශයට ප්‍රතිපත්ති වෙනස් නොකර, ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වෙනවනම් මේවා කරන්න බැරි දේවල් නෙමෙයි.
"'පයබරවායට පිටිකර බෙහෙත් බැඳ වගේ "" එහෙත් ලුණු ,සිනි සහ පිසුම්තෙල් මෙරටට ගෙන්වන එක (ආනයනය)වහාම නතර කරනම් ගොඩක් හොදයි.