(පුෂ්පකුමාර ජයරත්න)
මධ්‍යම අධිවේගය නිසා ඉඩම් සහ නිවාස අහිමි වූවන්ට නියමිත වන්දි ගෙවීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡාවක් පවත්වන තුරු අධිවේගයේ ඉදිකිරීම් නවතා දමන බව කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් මහින්ද ඒකනායක මහතා පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා රජය අත්පත් කරගත් තම ඉඩම්කම් සහ නිවාස සඳහා ඉක්මණින් වන්දි ගෙවන්නැයි ඉල්ලා කුරුණෑගල ප්‍රදේශවාසීන් පිරිසක් අද (12) හේනමුල්ලේ අධිවේගී සැපයුම් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළ අතර එම අවස්ථාවට පැමිණි ලේකම්වරයා මේ බව කීය.
ඉඩම් අත්පත් කරගැනීමේදී වත්මන් රජය පොරොන්දු වූ අකාරයට මෙතෙක් කිසිදු වන්දියක් ගෙවා නැතැයි ද එසේ තිබියදී බලහත්කාරයෙන්ම තමන් පදිංචි නිවාස , ඉඩම් සහ කුඹුරු යටකරගෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර ඇතැයිද විරෝධතාකරුවෝ පැවසූහ.
“අඩුම ගානේ අධිවේගයට යටවෙන අපේ දේපළට දෙන වන්දිය කීයද කියලාවත් අපිට කියන්නේ නෑ.ඉඩම්වල වටිනාකම තක්සේරු කළේ කොහොමද කියලාවත් අපි දන්නේ නෑ.අනික් පළාත්වලට වන්දි ගෙවලත් ඉවරයි.කුරුණැගල අපිට විතරයි මේ අසාධාරණය.අපි දැන් යන එන මං නැතිව අසරණ වෙලා.“යැයි විරෝධතාකරුවෙක් පැවසීය.





(නයිලිය ප්‍රදේශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හැමදෙයක්ම අනාගෙන ඉන්නේ. කටින් බතල හිටවන න්‍යාය තමයි වෙන්නේ.
මේ අයගේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි. නමුත් මට මතක් වෙන්නේ ඉස්සරනම් මේ වගේ උද්ඝෝෂණ වලට ලැබෙන උත්තරේ මොකක් වගේද කියලයි.