සාම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදා ගන්නා වාහන අලෙවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී තිබේ.
ඩීසල් සහ පෙට්‍රල් යන සාම්ප්‍රදායික ඉන්ධන යොදාගන්නා මෝටර් රථ අලෙවිය සහ නිෂ්පාදනය නවතා දැමීම සම්බන්ධයෙන් අවධානය කරමින් සිටින බව චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ වන චීනය එම තහනම පනවන්නේ කවදාද යන්න තවම නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැත.
“සාම්ප්‍රායික ඉන්ධන, ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ වාහන අලෙවිය නවතා දැමීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යයනය කරනවා” යැයි චීනයේ කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ෂින් ගුබින් මහතා පැවැසීය. වසර 2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතය තහනම් කිරීමට එක්සත් රාජධානිය සහ ප්‍රංශය දැනටමත් තීරණය කර තිබේ.
“ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතය සහ නිෂ්පාදනය නවතා දැමීමට ඇතැම් රටවල් දැනටමත් තීරණය කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා දින වකවානුද ප්‍රකාශයට පත් කර අවසන්. අපි දැනටමත් අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රතිඵල අනුව සාම්ප්‍රදායික ඉන්ධන භාවිත කරන වාහන නිෂ්පාදනය සහ අලෙවිය නවතා දමන්නේ කවදාදැයි ද යන්න තීරණය කරනවා. එම පියවර අපේ මෝටර් රථ කර්මාන්තයට සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කරාවි” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
වායූ දූෂණය අවම කිරීමට සහ ගෘහස්ථ මෝටර්රථ නිෂ්පාදකයන් සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයන් අතර තිබෙන පරතරය අඩු කිරීමේ අරමුණින් 2025 වනවිට විදුලි සහ දෙමුහුන් (හයිබ්‍රිඞ්) මෝටර් රථ නිෂ්පාදනය සමස්ත වාහන නිෂ්පාදනයෙන් පහෙන් එකක් බවට පත් කිරීමට චීනය බලාපොරොත්තුවෙන් සිටියි.
(රොයිටර්- 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉන්නේ ඒ කලේ වෙනකම් වාහනයක් ගන්න.
චීනුවනි, නරකද හයිඩ්‍රජන් වලට ගියානම්...
එහෙම වුණාට පස්සේ, අරාබියේ ගැහැණු ලංකාවේ, චීනයේ, ජපානයේ වැඩට ගෙන්වා ගත හැකිය.
මාමා මහත්තයා, ඔබ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වොක්ස්වෝගන් රථයක් මිලට ගන්නද ප්ලෑන් කරන්නේ?
මිනිස් වර්ගයාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන මෙවැනි තීරණ පිලිබඳ අපගේ ප්‍රණාමය.
ලංකාව යන්නේ පස්සට, ඒකනේ දෙමුහුන් කාර් වලටයි, විද්‍යුත් කාර්වලටයි බදු ඉහළ දැම්මේ. මෝඩ පාලකයෝ ලංකාව කනවා..
චීනා ලෝකෙට කියන්නේ වැඩේ සෑහෙන දුරට කරලා ඉවර වුණාට පස්සේ. චිනයේ පළවෙනි ගුවන් යානා බැස්ස විය හැකි නැව ගැන ලෝකේ දැනගත්තේ සමුද්‍රයෝග්‍යතාව පරික්ෂා කරන්න කිට්ටුවයි. ජපානෙන් ගත්තු විදුලි දුම්රිය බොහොම කෙටි කලක් තුලදී දෙගුණයක් වේගයෙන් යන්න හැදුවා කියලා පත්තරේක තිබුණා. බොහොම ළඟදීම ලෝකෙට කියාවි දින වකවානු.
මමත් උපාලි මහතාගේ අදහස අනුමත කරමි. අනුවණ පාලකයනි ඉන්ධන පිරිමසන දෙමුහුන් වාහන වලට ගහන අමතර බදු අඩුකරන්න. ජනතාව ඉන්ධන දහනය වැඩි පරණ වාහන භාවිත කරන කොට පරිසර දූෂණය ඉහල ලෙස සිදුවන අතර ඉන්ධන මිලදී ගැනීමට පිටරටවලට ඇදීයන මුදලද වැඩිවේ. මෙවැනි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මම දන්නා තරමින් ලංකාවේ පමණි.
මහජන මුදලින් නඩත්තුවෙන උපදේශකයෝ ඉන්නවා කෝටියක්. ඒත් හරි උපදේශයක් දෙන්න කෙනෙක් නැහැ. දේශපාලකයෝ යකා නටනවා.
පොසිල ඉන්දන වල ඉල්ලුම අඩුවෙන එකනම් ලෝකයටම හොද දෙයක්.
පොලිතින් තහනම් කල පමණින් පරිසරය සුරැකෙන බව ආණ්ඩුව ජනතාවට කියන්නේ නම් එය බොරුවකි , විෂ වායු මගින් පරිසරයට පොලිතින් වලට වැඩි විනාශයක් සිදුවේ , පරිසර දුෂණය අවම ඉන්ධන පිරිමසන වාහන භාවිතයට ජනතාව දිරිමත් කිරීම ආණ්ඩුවේ වගකීමය , එහෙම වාහන භාවිත කරන පුද්ගලයන්ට යුරෝපයේ බදු සහන හිමිවේ , මෙහෙ බදු වැඩියෙන් ගහන්නේ පරිසර හිතකාමී වාහන වලට.
අපේ ලංකාවේ තමයි ප්රිවුස් වාහනේට ලෝකෙම වැඩිම බද්ද ගහන්නේ.. බද්ද විතරක් ලක්ෂ 72 ක් .. ජපානේ අමුද්‍රව්‍ය ,සේවක වියදම් , වෙනත් වියදම් , සහ ලාබය සියල්ල ඇතුලත්ව ලක්ෂ 72 කට අලුත්ම අලුත් ප්රිවුස් 2 ක් ගන්න පුළුවන් .