ජේ.ඒ.එල් ජයසිංහ
උතුරු පැළාත් ප්‍රධාන අමාත්‍ය හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරු පළාතේ අමාත්‍යවරු කීප දෙනෙක්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනා නායක හිමියන් අද බැහැදැක්හ.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න සහ ඔවුන් මුහුණා පා ඇති ගැටළු පිළිබඳව මහා ඇමැතිවරයා එහිදී මහා නාහිමියන්ට පැහැදිලි කර දුන්හ. දැනට උතුරේ කාන්තාවන් 89000ක් වැන්දඹුවන් බවත් අනාථ වූ දරුවන් විශාල පිරිසක් උතුරේ ජීවත්වන බවත් කීය.
අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් උතුරට වැඩම කලා සේම මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ටද උතුරට වැඩම කරන්නැයි ඉල්ලා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කොන්ද නැමෙන්නේ නැද්ද? මෙයාලා ලඟ හොඳ අදහස් නෑ...
කාන්තාවන් 89000ක් සැමියන් කුඹුරු වැඩ කරලා මහන්සියට වෙන්න ඇති මියැදෙන්න ඇත්තේ...
මේ ජාතිවාදීන්ට දෙකක් කියන්නනේ තිබුනේ... කොහෙද පක්ෂ දේශපාලනයෙන් අන්ධ වෙලානේ තියෙන්නේ...
මෙය මොනවද මේ කියන්නේ?89000ක් වැන්දබු වුනේ කොටි හින්දනේ.අනිත් එක ඔය ගණන් හිලවු ගත්තේ කාගෙන්ද?
හාමුදුරුවනේ මෙයාලාට ඉතිහාසය මතක් කරලා දෙන්න. සිංහලයට කරන අකටයුතුකම් නවත්වන්න කියන්න. ඊට පස්සේ යාපනයට එන්නම් කියන්න.
වැන්ඳඹුවන් වුණේ නොමනා ක්‍රියා කලාපය නිසයි.. එතකොට දකුණේ කී දෙනෙක්ද? හිතාගෙන ඉන්නේ සිංහලයා මෝඩයා කියලා. අහන්න කට නැද්ද? සිවිල් අය බෝම්බ වලට වගේම හමුදාවේ අය කී දෙනෙක් මියගියාද? දැන් බබාලා වෙන්න හදනවා...
කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබූ යුධ සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළැයි කියන තෙල් ගබඩාවක් සොයාගත් බව ගුවන් හමුදාව කියයි. යුධ සමයේදී කොටි සංවිධානය විසින් උතුරේ ඉන්ධන පිරවුම් හල් වෙතට ගිය තෙල් බවුසර් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මෙසේ කැලෑවල තිබූ ඔවුන්ට අයත් තෙල් ගබඩාවලට ඉන්ධන පුරවා ගනු ලැබූ බව කියැවේ. මෙවන් දේවල් රැක ගන්න හා යලි එල්ටීටීඊ එකට ඒවා ලබාදී ඔවුන්ව ශක්තිමත් කර යුධ වාතාවරණයක් ඇති කිරීම සඳහා තමයි මේ පුද්ගලයා මේ සියලු දේවල් කරන්නේ.... අපේ හාමුදුරුවන්ට කියන්න බැරි වුණානේ උතුරු, නැගෙනහිර ජීවත් වූ සියලු දමිල, සිංහල, මුස්ලිම් ජනතාවටම ඔවුන්ගේ බිම් ලබා දෙන්න ඕනේ කියලා. එතකොට බල ගන්න තිබුණා අරමුණ මෙයාගේ...