(ඩයනා උදයංගනී)
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ අනුව එම ප්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8ක කාලයක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර උදෑසන 9.15 සිට සවස 3.15 දක්වා කාලයේදී ඔවුන් අනිවාර්යයෙන්ම කාර්යාලයේ රැදී සිටිය යුතු බව ද අමාත්‍යවරයා කියයි.
රාජ්‍ය ආයතන 41 ක් තිබෙන බත්තරමුල්ල ප්‍රදේශයේ දැනටත් පිටකොටුවට වැඩි රථ වාහන තදබදයක් පවතින බවත් ඉදිරි වසර 3 තුළ එම ප්‍රදේශයේ තවත් රාජ්‍ය ආයතන 113 ක් ස්ථාපිත කෙරෙන බැවින් රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවත් ඇමතිවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අවසර ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ කතා දෙකක් නැහැ, කාර්යාලවල සේවකයෝ සුහදව සැලසුම් කරගත් කාල හුවමාරු ක්‍රමය මත, (උදේ 9.15 සිට 3.15 දක්වා නිලධාරී වැඩකිරීම හා පියන්ලා ටික ඉතිරි කාලවේලාව තුල හුවමාරු ක්‍රමයට පෙනී සිටීම) ඉතාම සුහදශීලීව නිලධාරීන් පැය හයේ සේවා මුරය නියමෙටම ක්‍රියාත්මක කරයි. අනේ මේ අපි නොදන්නා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයෝ????
උදේ 9.15 සිට 3.15 දක්වා විතරක් ඉදියි. මේක අවභාවිත කරනවා කරනවාමයි
අදටත් සමහර අය මෙහෙම තමයි වැඩට එන්නේ මේවගේ ඉදන්. ශරිරෙ හොරු ඉන්නේ. කරන වැඩකුත් නැහැ. මිනිස්සුන්ව රස්තියාදු කරනවා
උදෑසන 7.30 කවුරුත් එන්නේ නැහැ. හැමෝම 3.15 ට ගෙදරනම් යයි. එතාකොට මොකද වෙන්නේ?
7:30 ඉඳන් 6:30 වෙනකම් කරනම්, හවසට ගෙදර යනගමන් අපේ වැඩත් කරගෙන යන්න තිබුන
සියලු රජයේ කාර්යාලවලට අනුබද්ධ විශ්‍රාම ශාලාවක් බැගින් ස්ථානගත කර රුපියල් 35 වැනි මුදලකට දිවා සහ රාත්‍රී ආහාරද රුපියල් 20 උදේ අාහාර වේලද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු වහාම ඇති කරන්න. මන්ද පිට පළාත් වල සිට එන ජනතාව දවල් 1 හෝ 2 කාර්යාලවලට පැමිණෙන විට සේවකයන් සේවය අවසන් කර ඇති නිසා එදින රාත්‍රිය එහි ගතකර පසුදින කාර්ය කරගන ආපසු යාම සදහා උදේ 8 වැඩ පටන්ගන්න ආයතන උදේ 9,30 ආරම්භ නොකරන අතර සවස 4 අවසන් කරන සේවාව හවස 3 වනවිට අවසන් කරන රටක මේ අලුත් පටිපාටිය අනුව උදේ 10.30 සවස 2 වන විට ආරම්භ කර අවසානවන නිසා සේවා කාලය පැය හතරක සීමා වනු නියතය.