(රංජන් කස්තුරි)
සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් හෙටත් (13) දිස්ත්‍රික්ක හයක වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව වවුනියාව ,මාතලේ ,අම්පාර,බදුල්ල ,මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හෙට දවස පුරා වැඩ වර්ජනයේ නිරත වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය මගින් රථ පෙළපාලියක් ආරම්භ කළ අතර එම පෙළපාලිය ආරම්භ කෙරෙන දිස්ත්‍රික්කවල වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට එම සංගමය පියවර ගෙන තිබේ.
මේ අතර සයිටම් විරෝධී ජන පවුරෙහි රථ පෙළපාලිය හෙට (13) පෙරවරුවේ ස්ථාන පහකින් ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගන්නා ක්‍රියා මාර්ගයන් 100% නිවැරදියි. අපිට අපේ දරුවන්ගෙ ජිවිත වටිනවා සයිටම් හොර කඩෙන් එන හොර දොස්තරලත් වැඩිය.
එක පලාතක එක දවසකට වඩා චැනල් එක වැහුවොත් දවසට රුපියල් ලක්ශය ගානෙ පාඩු වන නිසා ඔන්න අපි සලාක ක්‍රමේට ස්ට්‍රයික් කොරනවා ආයුබොවන්ඩ
මොනව කරත් ඔබතුමන්ලගෙ සටන මහපොලොවෙ මුල් අල්ලන එකක් නොනෙවයි. ඒකයි අට්ටාල ගහගෙන දින 600 ගියත් සාමාන්‍ය ජනතාවට වගක් නැත්තෙ . මබගේ චේතනාව කුහකයි. මබ මේහා සමාන වෙනත් සටන් වලදි ක්‍රියාකල ආකාරය සිතන්න. වහාම මධ්‍යස්ත විසදුමකට එන්න. රථ පෙලපාලි සාමාන්‍ය ජනතාවට විහිලුවක්
GMOA මොනවා කිව්වත්, කරන කොට චැනල් ලයින් එක සයිඩ් එකෙන් ෂේප් කරනවා.වෛද්‍ය ශිෂ්‍යයෝ LTTE එකේ ළමා සොල්දාදුවෝ වගේ මරා ගෙන මැරෙන්න දාලා දැන් මාස 8ක් එළියේ, ඒ අයට හඩක්නෑ. මේ දරුවොත් දවසක ලොකු විශේෂඥ වෛද්‍යවරු වෙන්න හිටියේ ඒ අනාගතයත් ඒ අයගේන් උදුරාගන්නවා මේක අපරාධයක් මේකේ වගකීම තනිකරම වෛද්‍ය සංගමය භාරගත යුතුයී ,
වාචිකව දැඩි තීරන ගැන කතා කරත් තවමත් චැනල් අතෑරලා එන තරමටම නම් තවම දැඩි වුනේ නෑ. ඒක ලොකු සේවයක්, ඇයි,අඩු ගනනේ එහෙමවත් බෙහෙත්, ටික දෙනෙකුට හරි ගන්න පුලුවනි නේ,