(රංජිත් රාජපක්‍ෂ)
හැටන් මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසුන් පිරිසක් උල් ආයුද අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි තිදෙනකු විසින් බිය ගන්වනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව මස්කෙළිය පොලිසිය පවසයි.
මුහුණු ආවරණය කරගත් තිදෙනකු විසින් තමන් බිය ගන්වනු ලැබූ බව කියමින් 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියෝ අට දෙනෙක් හා සිසුහූ තිදෙනෙක් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබති.
එම සිසුන් බිය වි ඇති බවත් ඔවුන්ට වෙනත් කිසිදු ශාරීරීක පිඩාවක් සිදුව නොමැති බවත් මස්කෙළිය රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
මෙම සිද්ධියත් සමග එම වතුයායේ ‘ගී‍්‍රස් යකෙක්‘ සම්බන්ධයෙන් බියක් මතුව ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd