(ටී.කේ .ජී.කපිල )
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු , ඉන්ධන සහ සේවා සැපයීම් අංශ වලින් ලබන අලාභය අවම කරගනිමින් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර යළි සැලසුම් ගොඩනැගිය යුතු බවත් මෙම ක්‍රියාමාර්ගය ආයතනය විකුණනවා යන වැරදි මතය නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිශ්‍රයේ සිය ප්‍රථම නිරීක්ෂණ චාරිකාවට අද (12) එක් වෙමින් ඒ මහතා මේ බව කීය .
“පසුගිය 2016 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලියන 12 ක් අලාභ ලබා තිබෙනවා. මෙයට හේතුව මේ ආයතනයේ වියදම්.මේ වියදම් අතර මෙහෙයුම් වියදම 27% ක්. ඉන්ධන සදහා 25% ක්. ලබා ගෙන ඇති ගුවන් යානා සදහා ලීසිං වාරික ගෙවීමට 20% ක්. සේවා කටයුතු සදහා 13% ක්. නඩත්තු කටයුතු වියදම් සදහා 12% ක් සහ ආපනශාලා සේවා සැපයීම සදහා 03% ක් වියදම් ලෙස වැයකර තිබෙනවා .
මේ අතරින් ගුවන් සේවා කටයුතු , ගුවන් ප්‍රවේශ පත්‍ර, ගුවන් තොටුපොළ මෙහෙයුම් පාලන කටයුතු සහ ආපනශාලා සේවා සැපයීම් අංශ වලින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලාභ ලබා තිබෙනවා‘‘ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමා ඕකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලාභය වැඩි කරගන්න එක. අනික පසුගිය කලේ ඔබතුමාලා කළා වගේ ගුවන් යාන එක බැගින් විකුණලා සමාගම කුඩා කරන එක. එතකොට ආදායමත් අඩුයි. වියදමත් අඩුයි. කාලයාගේ අවෑමෙන් අලාභය ශුන්‍ය වෙනවා. කොහොමද ඒ ක්‍රමය ?
පුදුමයි ශ්‍රීලන්කන් අලාභය රුපියල් එක් කෝටි විසි ලක්ෂයද පමනයිද?? එහෙමත් නැතිනම් මෙතුමා වෙනත් මුදල් වර්ගයකින් අලාබය ගැන කියනවාද?
ඇමතිතුමෝ, තිස් ලක්ෂයකට වඩා පඩි ගන්න හතර දෙනෙකුත් ඇතුළුව මිලියනයට වඩා වැටුප් ගන්න 189 දෙනෙක් ඔකේ ඇතුලේ ඉන්නවා කියනවා නේද? ඔවුන් සියලු දෙනාම පත් කරන ලද්දේත් ඔය යහපාලන ආණ්ඩුවෙන්ම බවත් කියනවා නේද? ආයතනය උලා කන්න තම තමන්ගේ හුරතලුන්ට ලයිසොන් දීල නැතුවා වගේ නේද ඔබතුමා කතා කරන්නේ? මේ යන විදිහට ඔය ආයතනය නඩත්තු කරන්න ගියොත් මුළු රටම විකුනන්න වේවි! බැලු බැලු අතේ හොරු!
ලාභ ලබන අායතන වැඩි දියුණු කිරීමත්-අලාභ ලබන අායතන හා යන්ත්‍ර සහ උපකරණ වාහන වෙනුවට නවීන උපකරණ යොදා ගැනී මෙන් කාර්යක්ෂමතාවය වැඩි කර ගෙන ලාභ උපයන මාර්ග ගොඩනැගිම.
මාර කතාවක්නේ.. කැෂියර් එකෙන් ලාබයි ලු.. කිචන් එකෙන් පාඩුයි ලු. ඇමති තුමා රෙකෝඩින් එකක්ද කියවන්නේ ?
මේ හැම ආයතනයකම ලාභ වැඩි කරන්න පුළුවන් දේශපාලඥයන්ගේ මැදිහත් වීමෙන් තොරව ස්වාධීනව මෙම ආයතන පවත්වාගෙන යන්න දෙනවා නම්.