(අජන්ත කුමාර අගලකඩ)
දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද(13) කටයුතු කළේය.
ඒ අනුව අදාළ විෂයයන් සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා අද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ මහතා ඡන්දය භාවිතා කළ අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරල වැඩක් කරගන්න හිටපු හොද මනුස්සයේක්
ඩබල් ගේම් ලා ට මේවා හොද පාඩම් රට වෙනුවෙන් මේ ගත තීන්දුව සියලු ලක් වැසියෙ අගය කරති
යමපාලනයට විරුද්ධ නම්, තනතුරු හැර ගියා සේ හිතාගන්න තමයි මෙවැනි දෙකයි පනහේ වැඩ කරන්නේ...
මෙතුමා අවංකයි. තමන්ගේ අභිමතය පරිදි ඡන්ද පාවිච්චි කරන්න බැරිනම් මොකටද?
වැට උඩ ඉඳගෙන එළිපිට ආණ්ඩුව අමාරුවේ දාන්න කටයුතු කරන කට්ටිය එලවන්න පටන් අරගෙන වගේ... ආණ්ඩුවේ එකයි... මෙතනත් එකයි කොළඹ දෙකයි.
පක්ෂයක ඉන්නවා නම් නායකයාට හිතවත් විය යුතුයි. ඉස්සර බයේ වෙව්ලුවා මතකද ....? ඉස්සර රජයේ වුණානම් ඉවත් නෙමෙයි.... සුදුවෑන් තමයි.